Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 2

2023-07-23 07:16:47 Science Panthiya pinned a photo
04:16
ओपन / कमेंट
2023-07-23 07:16:17 දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාව සංසන්දනය කරන්න මෙහෙම මතක තියා ගන්නකෝ,

F ∝  Q₁ × Q₂ / ( r₁ + r₂ )

කියලා..මේක කෙටි ක්‍රමයක් වගේ,
මේකේ Q කියන්නේ කැටායන හා ඇනායන වල ආරෝපණ,
r කියන්නේ කැටායන ඇනායන වල අරයන්,

අපි උදාහරණයකට BeCl₂ , CaCl₂ , BaCl₂ සලකමුකෝ.

එතකොට සංයෝග තුනේම තියෙන්නේ එකම ආරෝපණනේ,කැටායනේ +2 යි ඇනායනයේ -1 යි.දැන් අරයන් බලන්න.ඔක්කොගෙම ඇනායන වල අරයන් සමානයි.ඒ හන්ඳා අපිට මේක වෙන් කරගන්න වෙන්නේ කැටායනයේ අරයෙන්.

Be ,Ca , Ba පිලිවෙලින් අරයන් වැඩි වෙනවානේ.දැන් අර සමීකරනෙන් හිතුවම ,එතකොට දැලිස් එන්තැල්පි අනුලෝමව සමානුපාතික වෙන්නේ අරයේ පරස්පරයටනේ...ඒ හන්ඳා ඔය පිලිවෙලින් දැලිස් එන්තැල්පි අඩු වෙනවා

BeCl₂ > CaCl₂ > BaCl₂

(හැබැයි හිතන්නකෝ LiCl හා MgCl₂ දුන්නා කියලා.මේකෙදි සාපේක්ෂ ආරෝපණය වැඩි Mg වල,අරය අඩු Li වල.මෙන්න මේ වගේ එක ලඟ තියෙන ආවර්ත දෙකක මූලද්‍රව්‍ය සාදන සංයෝග දෙකක් සංසන්ධනය කරන්න දුන්නොත් මෙතනදි Li⁺ ට වඩා Mg²⁺ ගේ සාපේක්ෂ ආරෝපණය දෙගුණයක් උනාට ,Li ට වඩා Mg ගේ අරය දෙගුණයකින් වැඩි නොවෙන නිසා මේ අණු දෙකේ දැලිස් ශක්තිය කෙරෙහි වැඩි දායකත්වයක් සපයන්නේ ආරෝපණයයි.ඒ නිසා LiCl ට වඩා MgCl₂  වල දැලිස් ශක්තිය වැඩියි )


@Sciencepanthiya
5.1K views04:16
ओपन / कमेंट
2023-07-23 07:16:09
දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාව සංසන්දනය කරන්න ක්‍රමයක්
4.6K views04:16
ओपन / कमेंट
2023-07-22 18:50:53 ළමයි අගෝස්තු මාසයට අදාළ පන්ති පටන් ගන්නවා අගෝස්තු 1 වෙනිදා ඉඳන්. ලොකුවට විස්තරයක් කරන්න අවශ්‍ය නෑ කියලා හිතනවා ගොඩක් අය වැඩේ යන විදිහ දන්න නිසා. මොකුත්ම දන්නේ නැති අය පහළ video එක බලන්න.





නැත්නම් telegram channel එකේ bot හරහා උනත් තොරතුරු දැනගන්න පුලුවන්. (Essay plan එක නම් ඒකට දාලා නෑ.)


Class එකට අලුතෙන් ම join වෙන අයට තව වීඩියෝ එකක් ඔයාව අදාල group එකට add කලාට පස්සේ ලැබෙයි. ඒකෙ මුලු essay plan එකමකරන විදිහ සරලව දක්වලා තියෙනවා. සමහර essay එක්ක charts උත් ලැබෙයි. ඒ නිසා ඒ charts ටිකත් එකතු කරගන්න.

Papers ටික කලින් මාසයට වඩා ටිකක් අමාරු වෙයි. හැබැයි වවං කන්න අවශ්‍ය වෙලාව උපරිමයෙන් ම දීලා තියෙන්නේ

Dig into the deep points 60k ජූලි මාසය වෙනකොට ඉවර වෙනවා අගෝස්තුවල 400න් 100ක් වගේ ම ඉවර කරන්න හදලා තියෙන්නේ.

Essays ටික දීලා තියෙන විදිහට නැවත නැවත revise කරන්න. මේ මාසේ තව 51ක් ඉවර කරනවා. ගිය මාසේ කරපුවගෙන් random papers තැනින් තැන දෙනවා. කිව්ව වගේම තමන්ට අවංක වෙලා අමතක කොටස් ගොඩ දා ගමු.

අලුතෙන් එන අය නමයි දිස්ත්‍රික්කයයි ඇඩ්මින් ට message එකක් දාන්න

ඔබට ජය
4.6K views15:50
ओपन / कमेंट
2023-07-22 18:50:42
4.2K views15:50
ओपन / कमेंट
2023-07-22 17:04:41
අපිත් ආව Oppenhimer බලන්න කට්ටිය් බැලුවද?
4.7K views14:04
ओपन / कमेंट
2023-07-22 16:24:05 දන්නවද?
මේ ලෝකේ තියනවා ' study with me ' කියලා වීඩියෝ වර්ගයක්.

පහුගිය කාලේ මම විභාග වලින් මිරිකිලා තෙරපිලා හිටියේ. තවම ඉවරයක් නෑ ඒවගේ. ඒත් මම සතුටිං වැඩ කරන හැටි දැන් දන්නවා.

සතුටිං වැඩ කරන එකටම අදාල දෙයක් තමයි ' study with me ' කියන වීඩියෝ වර්ගයත්.

මුලිං මුලිං මම හැමදාම ඇහුවේ jazz music . සමහර දවස් තිබුනා දවල් රෑ නැතිව මගේ කාමරේ පැය දොලහා දහතුන එක දිගට you tube live යන jazz music play වුන.

Jazz music කියන්නේ ඔළුවට කරදරයක් නැති නිදහස් නිවහල් සංගීතයක්.

දවසක් මම අළුත් jazz music එකක් හොයද්දී මට අහඹුවෙන් ලැබුනා ' study with me ' video එකක් .

ලස්සන ඉර බැහැගෙන යන දර්ශනයක් පෙනෙන විදිහකට ජනේලයක් ලඟ වැඩ කරන කෙනෙක් විතරමයි ඒ දර්ශනයේ තිබුනේ.
ඊට අමතරව කරදරයක් නැති music එකක් play උනා.

සමහවිට මේක මට අළුත් දෙයක් වුනාට ඔයාලට අළුත් දෙයක් නොවෙන්න පුළුවන්.

හැබැයි අපි පාඩම් කරද්දී , තනියම ඉන්නවා වගේ feeling එක මේ video එකෙන් නැති වෙනවා වගේ මට දැනුනා.
එයත් වැඩ මමත් වැඩ වගේ මොකදෝ දෙයක් එතනදී දැනෙනවා.

සමහර වෙලාවට තනිවම අපිට ගෙදරදී පාඩම් කරන එක , පාඩම් කිරිමට අවධානය යොමු කරන එක අපහසු වෙන්න පුළුන්. මේ වීඩියෝ වලින් සිදු කරන්නේ අපිට පාඩම් කරන්න අධ්‍යන පරිසයක්, වට පිටාවක් සහ මානසික මට්ටමක් ඇති කරන එක.

මේ වෙද්දී. You tube හී ' Study with me ' වීඩියෝ වලට නැරඹුම් මිලියන ගනන් පසු කරමින් තියනවා.

සිසුන්ගෙන් මේ වීඩියෝ වලට මිලියන ගනන් නැරඹුම් වාර ලැබෙන්න හේතු කිහිපයක් තියනවා. ඒ අතරින් මේ වීඩියෝ වල Aesthetic vibe එකක් එකතු වෙලා තියන එක තමයි හොඳම හේතුව විදිහට පෙනියන්නේ.

බොහෝ වීඩියෝ වල ලෝක ප්‍රසිද්ධ pomodoro Timer භාවිතා කරන නිසා ඵලදායිතාවය වැඩි කියලත් මට හිතෙනවා.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ' Study with me ' වීඩියෝ අතිශයින්ම ප්‍රයෝජනවත් අවධානය යොමු කිරීමේ සහ ඵලදායීතාවය වැඩී කිරිමේ මෙවලමක්.

එක වතාවක් උත්සහ කරලා බලන්න.
ගෙදර ඉදලා තනියම පාඩම් කරන අයට මේ වැඩේ බොහෝ සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.

- හසිකා විජේතුංග -
5.3K views13:24
ओपन / कमेंट
2023-07-22 16:24:02
5.0K views13:24
ओपन / कमेंट
2023-07-22 15:14:09
10 සහ 12 ශ්‍රේණිවලට සා.පෙල සහ උ.පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්.....


ඒ අනුව,
10 වන ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ,
12 වන ශ්‍රේණියේදී උසස් පෙළ පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබේ....

@Sciencepanthiya
5.1K viewsedited  12:14
ओपन / कमेंट
2023-07-22 06:24:22 මේ වෙද්දි කසුන් කල්හාර සහ උමාර රඟහල ප්‍රසංගයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. හැබැයි මම හිතන්නෙ නෑ කසුන්වත් උමාරා වත් මේ ප්‍රසංගයෙන් ඉවත් වෙයි කියලා සමාජයෙන් ආපු බලපෑම නොවුනනං.

රඟහල ප්‍රසංගයේ ඉරාජ් සිංදු කියනවා කියන එක කියපු ගමන් එක කාන්තාවක් තමන්ගේ ටිකට් වල සල්ලි රිටර්න් කරන්න ඉල්ලන ගමන් තමන්ගේ විරොධය සමාජ මාධ්‍ය වල පළ කරනවා. මම දකින විදියට ඒක තමයි මේ විරෝධය මේ තරං ඉහලට ඇවිල්ලා කසුන් සහ උමාරා මේකට සහභාගි නොවන තැනට ගේන්න මුල් වෙච්ච ප්‍රභලම සාධකය උනේ. එක් පුද්ගලයකුගේ තනි උත්සාහයක් විශාල බලපෑමක් කරපු අවස්ථාවකට මේක හොඳ උදාහරනයක්. බොහෝ විට ඉදිරියේදි තියෙන කිසිම ප්‍රසංගයකට කාලයක් යනකල් ඉරාජ්ට ආරාධනා නොකරන්න සංවිධායකයෝ පරිස්සං වේවී.

බොහෝ දෙනා අහනවා දැං කෝ උඹලගේ අරගලය කියලා. මේ අරගලයෙම කොටස් තමයි. අපට පාරේ අරගලය දිනන්න බැරිනම් අලුත් ක්‍රම හොයන්න වෙනවා. ප්‍රතික්ශේප කිරිම සහ අත්හැර දැමීම අපට බොහොම ලේසීයෙන් අඩුම හානියක් ඇතුව කරන්න පුලුවන් හැබැයි දැඩි බලපෑමක් කරන්න පුලුවන් දෙයක් කියලයි මං හිතන්නෙ.

අද ඉරාජ්ව ප්‍රතික්ශේප කරන්න මේ තනි කාන්තාව ගනිපු පියවර හෙට රට කාපු දේශපාලකයො ඉස්සරහා ඔබට කරන්න පුලුවන්නම් ඔවුන් ඉතා වේගයෙන් ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙලා යයි. දේශපාලකයෝ මේ තරම් විනාසයක් රටට කරද්දි ඇස් කං පියං ඉඳපු අපි දැංවත් කොන්ද කෙලිං කරන් අපේ විරෝධය අපට පුලුවන් විදියට එලියට දැම්මොත් රට එක පියවරක් හරි ඉහලට ඔසවන්න ඒක තල්ලුවක් වේවී.
5.2K views03:24
ओपन / कमेंट