Get Mystery Box with random crypto!

දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාව සංසන්දනය කරන්න මෙහෙම මතක තියා ගන | Science Panthiya

දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාව සංසන්දනය කරන්න මෙහෙම මතක තියා ගන්නකෝ,

F ∝  Q₁ × Q₂ / ( r₁ + r₂ )

කියලා..මේක කෙටි ක්‍රමයක් වගේ,
මේකේ Q කියන්නේ කැටායන හා ඇනායන වල ආරෝපණ,
r කියන්නේ කැටායන ඇනායන වල අරයන්,

අපි උදාහරණයකට BeCl₂ , CaCl₂ , BaCl₂ සලකමුකෝ.

එතකොට සංයෝග තුනේම තියෙන්නේ එකම ආරෝපණනේ,කැටායනේ +2 යි ඇනායනයේ -1 යි.දැන් අරයන් බලන්න.ඔක්කොගෙම ඇනායන වල අරයන් සමානයි.ඒ හන්ඳා අපිට මේක වෙන් කරගන්න වෙන්නේ කැටායනයේ අරයෙන්.

Be ,Ca , Ba පිලිවෙලින් අරයන් වැඩි වෙනවානේ.දැන් අර සමීකරනෙන් හිතුවම ,එතකොට දැලිස් එන්තැල්පි අනුලෝමව සමානුපාතික වෙන්නේ අරයේ පරස්පරයටනේ...ඒ හන්ඳා ඔය පිලිවෙලින් දැලිස් එන්තැල්පි අඩු වෙනවා

BeCl₂ > CaCl₂ > BaCl₂

(හැබැයි හිතන්නකෝ LiCl හා MgCl₂ දුන්නා කියලා.මේකෙදි සාපේක්ෂ ආරෝපණය වැඩි Mg වල,අරය අඩු Li වල.මෙන්න මේ වගේ එක ලඟ තියෙන ආවර්ත දෙකක මූලද්‍රව්‍ය සාදන සංයෝග දෙකක් සංසන්ධනය කරන්න දුන්නොත් මෙතනදි Li⁺ ට වඩා Mg²⁺ ගේ සාපේක්ෂ ආරෝපණය දෙගුණයක් උනාට ,Li ට වඩා Mg ගේ අරය දෙගුණයකින් වැඩි නොවෙන නිසා මේ අණු දෙකේ දැලිස් ශක්තිය කෙරෙහි වැඩි දායකත්වයක් සපයන්නේ ආරෝපණයයි.ඒ නිසා LiCl ට වඩා MgCl₂  වල දැලිස් ශක්තිය වැඩියි )


@Sciencepanthiya