Get Mystery Box with random crypto!

මේ වෙද්දි කසුන් කල්හාර සහ උමාර රඟහල ප්‍රසංගයෙන් ඉවත් වෙන්න තීර | Science Panthiya

මේ වෙද්දි කසුන් කල්හාර සහ උමාර රඟහල ප්‍රසංගයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. හැබැයි මම හිතන්නෙ නෑ කසුන්වත් උමාරා වත් මේ ප්‍රසංගයෙන් ඉවත් වෙයි කියලා සමාජයෙන් ආපු බලපෑම නොවුනනං.

රඟහල ප්‍රසංගයේ ඉරාජ් සිංදු කියනවා කියන එක කියපු ගමන් එක කාන්තාවක් තමන්ගේ ටිකට් වල සල්ලි රිටර්න් කරන්න ඉල්ලන ගමන් තමන්ගේ විරොධය සමාජ මාධ්‍ය වල පළ කරනවා. මම දකින විදියට ඒක තමයි මේ විරෝධය මේ තරං ඉහලට ඇවිල්ලා කසුන් සහ උමාරා මේකට සහභාගි නොවන තැනට ගේන්න මුල් වෙච්ච ප්‍රභලම සාධකය උනේ. එක් පුද්ගලයකුගේ තනි උත්සාහයක් විශාල බලපෑමක් කරපු අවස්ථාවකට මේක හොඳ උදාහරනයක්. බොහෝ විට ඉදිරියේදි තියෙන කිසිම ප්‍රසංගයකට කාලයක් යනකල් ඉරාජ්ට ආරාධනා නොකරන්න සංවිධායකයෝ පරිස්සං වේවී.

බොහෝ දෙනා අහනවා දැං කෝ උඹලගේ අරගලය කියලා. මේ අරගලයෙම කොටස් තමයි. අපට පාරේ අරගලය දිනන්න බැරිනම් අලුත් ක්‍රම හොයන්න වෙනවා. ප්‍රතික්ශේප කිරිම සහ අත්හැර දැමීම අපට බොහොම ලේසීයෙන් අඩුම හානියක් ඇතුව කරන්න පුලුවන් හැබැයි දැඩි බලපෑමක් කරන්න පුලුවන් දෙයක් කියලයි මං හිතන්නෙ.

අද ඉරාජ්ව ප්‍රතික්ශේප කරන්න මේ තනි කාන්තාව ගනිපු පියවර හෙට රට කාපු දේශපාලකයො ඉස්සරහා ඔබට කරන්න පුලුවන්නම් ඔවුන් ඉතා වේගයෙන් ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙලා යයි. දේශපාලකයෝ මේ තරම් විනාසයක් රටට කරද්දි ඇස් කං පියං ඉඳපු අපි දැංවත් කොන්ද කෙලිං කරන් අපේ විරෝධය අපට පුලුවන් විදියට එලියට දැම්මොත් රට එක පියවරක් හරි ඉහලට ඔසවන්න ඒක තල්ලුවක් වේවී.