Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.12K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 129

2022-05-14 22:09:59 කාබනික රසායන පරිවර්තන 300ක් - Organic Conversions

Subscribe Us
https://t.me/sciencepanthiya
1.9K views19:09
ओपन / कमेंट
2022-05-14 06:36:04 හැමෝම හොඳින් නේද?
කාලගුණ තත්වය කෙසේද?


3.1K views03:36
ओपन / कमेंट
2022-05-12 14:00:53
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට පණිවුඩයක්
2.7K viewsedited  11:00
ओपन / कमेंट
2022-05-12 09:08:38 ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් සහ ලෝක හෙද දිනය

හෙද සේවය සඳහා අමරණීය සේවාවක්‌ ඉටු කළ එමෙන්ම එය වර්තමානයේ පවතින ආකාරයට ක්‍රමවත් ආකාරයට ක්‍රමවත් හා විද්‍යාත්මක පදනමකින් ලොව පුරා ස්‌ථාපිත කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් "ෆ්ලොරන්ස්‌ නයිටිංගේල්" මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් 1820 මැයි මස 12 වන දින ඉතාලියේ ෆ්ලොරන්ස්‌ නගරයේදී උපත ලැබුවාය. ධනවත්, වංශවත් ඉංගී්‍රසි ජාතික විලියම් එඩ්වර්ඩ් හා ප්‍රාන්සස්‌ ස්‌මිත් යුවළට දාව ඇය උපන්නේ ඇගේ දෙමාපියන් ඉතාලියේ තාවකාලිකව පදිංචිව සිටියදී ය. ඉන්පසුව ඇය එංගලන්තයේ ඩර්බිෂයර්, හැම්ප්ෂයර් හා ලන්ඩනයේද වැඩුණාය. ඇගේ දෙමාපියෝ ඇයට හොඳින් අධ්‍යාපනය ලබා දුන්හ. හෙද විදුහලක ඉගෙන ගැනීමට ඇය දැඩි කැමැත්තක්‌ දැක්‌වුවද දෙමව්පියන්ගෙන් ඊට අනුබලයක්‌ නොලැබුණි.

පසුව ඇය යොමු කරවනු ලැබුවේ පාර්ලිමේන්තු වාර්තා පිළිබඳ අධ්‍යයනය කිරීමට වුවද එතුළින් ද වසර තුනක දී මහජන සෞඛ්‍ය හා ආරෝග්‍යශාලා පිළිබඳ මනා දැනීමක්‌ ලබා ගත්තාය. ඇය දෙමව්පියන්ගේ විරෝධතාවය ද නොතකා එංගලන්ත හා ආශ්‍රිත යුරෝපීය රටවල ආරෝග්‍ය ශාලාවලට ගොස්‌ රෝගීන්ට උපස්‌ථාන කිරීමට කටයුතු කළාය. ඉන් වසරකට පසුව ඇය එම ආයතනයේදීම හෙද පුහුණුව ලැබුවාය. පසුව 1953 දී ලන්ඩනයේ රෝගාතුරව සිටි ඉහළ පෙළේ කාන්තාවක්‌ දැක බලා ගැනීම සඳහා වන ආයතනයේ අධිකාරිනිය ලෙස ඇය පත්කරන ලදි. මේ අතර 1934 මාර්තු 24 වනදින රුසියාව හා තුර්කිය අතර යුද්ධය ආරම්භ විය. ක්‍රිමියන් අර්ධද්වීපයට බලයෙන් ඇතුළු වූ රුසියාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සමග එක්‌වූ තුර්කිය යුද ප්‍රකාශ කිරීමෙන් මෙම යුද්ධය ඇරඹිණි. මේ සටනේදී තුර්කි මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ හමුදා භටයන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් ශල්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් නොවීය. මේ පිළිබඳවත් රෝගීන්ට අවශ්‍ය ලිනන් රෙදි නොමැතිවීමෙන් සතියක්‌ පමණ ගත වනතුරුත් සමහරුන්ට ප්‍රතිකාර නොලැබීම පිළිබඳවත් එංගලන්ත ටයිම්ස්‌ පුවත්පතේ තොරතුරු පළවිය.

එය දුටු ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් ඒ පිළිබඳව බලවත් කම්පාවට පත්ව හෙද කණ්‌ඩායමක්‌ ක්‍රිමියාවට ගෙන යැමට අවසර පැතුවාය. ඇගේ සාත්තු සේවය පිළිබඳව අවබෝධයෙන් සිටි එවකට යුද හමුදා ලේකම් ධුරය දැරූ සිඩ්නි හර්බට්‌ මහතා ද ඒ සඳහා ඇගේ සහය පැතූ අතර තුර්කියේ ස්‌කුටාරි හි හමුදා රෝහල්වල හෙදියන්ගේ ප්‍රධානියා ලෙස ඇය පත් කරනු ලැබුවාය. 1854 නොවැම්බර් මාසයේ දී ඇය තුර්කියේ කොන්ස්‌තනහිතිනෝපල් නගරයට (දැන් අගනුවර වන ඉස්‌තාන්බුල් නගරය) පැමිණෙන විට යුද්ධය ඇරඹී මාස ගණනක්‌ ගත වී තිබූ අතර රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ඉතා අපිරිසිදු තත්ත්වයක පැවතිණි. එහි ආහාර හා ඖෂධ හිඟයක්‌ ද විය. කෙසේ වෙතත් තවත් හෙදියන්a 38 ක්‌ ද සමඟ පැමිණි මෙම කාන්තාව කෙරෙහි රෝහල් බලධාරීහු යහපත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වූහ. ඉන් අධෛර්යට පත් නොවූ ඇය තම පෞද්ගලික මුදලින් ලන්ඩන්හි පුවත්පත් අරමුදලින් ලද මුදල්වලින් රෝහලට අවශ්‍ය ආහාර හා බෙහෙත් ආදිය මිලදී ගෙන තම සේවය ඇරඹීය. වේගයෙන් පැතිරී ගිය බෝවන රෝග හේතුවෙන් ඉඩකඩ මදි වූ රෝගීන් සඳහා තම මුදල් වැය කර තුර්කි කම්කරුවන් ලවා රෝහලට අලුත් ගොඩනැඟිල්ලක්‌ ඉදිකර දීමට ද ඇය කටයුතු කළාය. මෙලෙස ඇය රෝහලේ සාත්තු සේවා කටයුතු බාර ගැනීමෙන් පසු ක්‍රමවත් රෝගී සාත්තුවක්‌ හා සංවිධානාත්මක සාත්තු සේවාවක්‌ ස්‌ථාපිත වූ අතර යුද සෙබළුන් විශාල වශයෙන් මියයැම ද පහත වැටුණි. ලොරන්ස්‌ තම කුඩා කණ්‌ඩායම සමග දිනකට පැය 20 ක්‌ පමණ රෝහලේ ගත කරමින් රෝගීන්ට උවටැන් කළාය. රාත්‍රි කාලයේදී ලන්තෑරුමක්‌ ද රැගෙන යමින් රෝගීන්ගේ තත්ත්වය සොයා බැලූ ඇය එහි සිටි සෙබළුන් විසින් හැඳින්වූයේ "ලාම්පුවක්‌ රැගෙන යන කාන්තාව" යන සෙනෙහෙබර වදනිනි. වසර දෙකක පමණ කාලයක්‌ එම රෝහලේ සේවය කිරීමෙන් ඇයට යුද භටයන් විශාල පිරිසකගේ ජීවිත රැක දීමට හැකි විය.

පසුව, නැවත බ්‍රිතාන්‍යයට පැමිණි ඇය එරට වැසියන්ගේ ගෞරවාදරයට පත් වූ අතර සිදුකළ සේවය වෙනුවෙන් පවුම් දස දහසක්‌ ද ප්‍රදානය කෙරිණි. නමුත් එම මුදල පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගැනීම ප්‍රතික්‍ෂේප කළ ඇය එය ආරෝග්‍යශාලා අරමුදලක්‌ සඳහා යොදවනු ලැබීය. තම සේවා කාලය තුළදීම හෙදකම පිළිබඳ පත පොත ලියා පළ කළ ඇය 1860 වර්ෂයේදී ලන්ඩන්හි ශාන්ත තෝමස්‌a රෝහලට අනුබද්ධව නයිටිංගේල් හෙද විදුහල ද ලිවර්පූල් නගරයේදී ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව ද ආරම්භ කළාය. ඇගේ හෙද සේවය පිළිබඳව සටහන් ග්‍රන්ථයක්‌ එම වසරේදීම ප්‍රකාශයට පත් විය. පසු කලෙක එනම් 1907 වර්ෂයේදී ඇයට බ්‍රිතාන්‍ය රජයෙන් ගෞරව ගුණ සමරු නාමයක්‌ ප්‍රදානය කෙරිණි.

ලොවට අනුපමේය සේවයක්‌ කළ නයිටිංගේල් ජන්ම දිනය "ජාත්‍යන්තර හෙද දිනය" ලෙස නම් කිරීමට 1899 දී පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර හෙද කවුන්සලය විසින් තීරණය කරන ලදුව එතැන් පටන් සෑම වසරකදීම මැයි මස 12 වැනි දින ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබයි.

divaina
උපුටන ඉන්දු අබේනායක ගෙන්

Subscribe Us
https://t.me/sciencepanthiya
2.9K views06:08
ओपन / कमेंट
2022-05-12 09:08:18
ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් සහ ලෝක හෙද දිනය
2.8K views06:08
ओपन / कमेंट
2022-05-12 07:16:56
ලෝක හෙද දිනය අදයි!
3.4K views04:16
ओपन / कमेंट
2022-05-11 07:29:58
අ.පො.ස සාමාන්‍ය පෙල විභාගය කල් නොයයි.සැලසුම් කල පරිදි මැයි 23 ඇරඹෙයි!
3.5K viewsedited  04:29
ओपन / कमेंट
2022-05-11 06:31:08
3.5K views03:31
ओपन / कमेंट
2022-05-10 20:21:03 Share වෙන එක එක Fake news වලට අහුවෙන්න එපා!.Share කරන්නත් එපා!

4.0K views17:21
ओपन / कमेंट
2022-05-10 07:30:11
4.6K views04:30
ओपन / कमेंट