Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 6

2022-06-21 08:44:54 පෙම්වතිය හා බිරිද අතර වෙනස.

මහාචාර්යවරයා දේශනයක් පැවැත්තුවා. අතරමග දි ඔහු ප්‍රශ්නයක් ඇසුවා.

“බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”

දේශන ශාලාවේ එක එක අය විවිධ පිළිතුරු දුන්නා.
වඩාත් සිත්ගන්නා සුලු පැහැදිලි කිරීම තමයි මේ.
මේක කළේ රෝමියෝ. Charley Romeo.

“භාර්යාව රූපවාහිනිය වගෙයි., පෙම්වතිය ජංගම දුරකථනය වගෙයි.”

“පැහැදිලි කරන්න බලන්න.” මහාචාර්ය තුමා එහෙම කිව්වා.
දැන් චාලි ගොයියා විස්තර කරනවා ඒ ගැන.

“ගෙදරදි ටීවී බලනවා නෙ. ඒ වුණාට එළියට යද්දි මොබයිලය අරගෙන යනවා.එක්කෝ පපුවට තුරුළු කරගෙන. එහෙම නැත්තම් කකුලේ ගෑවි ගෑවි ...

“සමහර වෙලාවට රූපවාහිනිය රස විඳිනවා. ඒ වුණාට මොබයිල් එකත් එක්ක සෙල්ලම් කරනවා.

“රූපවාහිනිය ගන්න වෙලාවෙදි වියදම් ගියාට, පාවිච්ච් කරන්න පුළුවන් නොමිලේ. ඒ වුණාට ජංගමේට ගෙවන්න ඕන. චුට්ටක් හරි අමතර සේවයක් ලබා ගත්තොත් අමතර ගාස්තු එකතු වෙනවා. ගෙවන්නෙ නැතුව හිටියොත් සේවය අත්හිටුවනවා. ආපහු සේවය ලබා ගන්න ඕන නම් අමතර ගාස්තුත් ගෙවන්න වෙනවා.

“රූපවාහිනිය ලොකුයි, මහතයි. අනෙක ඒක පරණයි නෙ දැන්.
“මොබයිලය ඒ වගේ ද? හුරුබුහුටියි, කෙසඟයි, හැඩයි, යන යන තැන අරගෙන යන්නත් පුළුවන්. ඕන නම් වෙන එකකට මාරු කරගන්නත් පුළුවන්. ටී. වී. එකේ කොහෙත් ම ඒ ලක්ෂණ ඇත්තේ ම නෑ.

“නඩත්තු වියදම් පැත්තෙන් ගත්තා ම, රූපවාහිනිය නඩත්තු වියදම් එක්තරා සීමාවකට පවත්වා ගන්න පුළුවන්. ඒත් ජංගමේ නඩත්තු වියදම් වැඩියි. ඒ වගේ ම ජංගමේ විධාන සැරයි.

“රූපවාහිනියට දුරස්ථ පාලකයක් තිබුණාට. ජංගමේට එහෙම එකක් නෑ.

“මේ ඔක්කොටෝ ම වඩා වැදගත් ම සාධකය මෙය යි.
“ජංගමෙත් එක්ක සංවාද කරන්න පුළුවන්. ඒත් රූපවාහිනියත් එක්ක සංවාද නෑ. අහගෙන ඉන්න විතරයි තියෙන්නෙ. ඔබ කැමති වුණත් නැති වුණත් අහගෙන ඉන්න ම වෙනවා. ඒකේ දෙකක් නෑ.

හැබැයි රජෝ. රූපවාහිනියේ උසස් ම ගුණාංගය තමයි ‘වයිරස්’ නැති එක. ඒ වගේ ම මොබයිල වලින් වැඩි හරියක් වයිරස් ම තමයි.
==================================

උපුටා ගැනීමකී ...https://t.me/Turning_point21
221 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:44
ओपन / कमेंट
2022-06-21 08:44:52
227 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:44
ओपन / कमेंट
2022-06-21 08:43:04 අලුත් පෙම්වතිය
=============

පශු වෛද්‍යවරයෙක් වන සමීර ඔහුගේ අලුත් පෙම්වතියගේ දකුණු අතැඟිලි අතරින් ඔහුගේ වම් අතැඟිලි යවා අල්ලාගෙන ඇගේ නිවෙස යාබද තෘණ තලාව ඔස්සේ ඇවිදගෙන ගියා.ඒක හරිම සුන්දර දසුනක් , ඔහුගේත් ඇයගේත් දෑස් ආදරෙන් පිරිලා.

තණ පලසේ කොණක බල්ලන් යුවලක් ඔවුන්ගේ ලිංගික කටයුත්ත ආරම්භ කරනු දුටු ඇය මෙසේ ඇසුවාය.

"කොහොමද බල්ලෙක් දැනගන්නේ බැල්ලිය ඒ කාර්යය සඳහා සූදානමින් සිටින බව...?"

"සොබා දහම ඒ ගැන සිතා බලල තියනවා.ගැහැනු සතාගෙන් පිටවෙන යම්කිසි ඝන්ධයකින් පිරිමි සතා එය අවබෝධ කර ගන්නා බවයි සඳහන් වන්නේ" සමීර සිය විද්‍යාත්මක ඤාණය සිය පෙම්වතිය ඉදිරියේ ජයග්‍රාහී ලෙස තබමින් කීවා.

ඔවුන් මේ වනවිට ගොවිපලවල් බහුල පහල මිටියාවත ඔස්සේ දිගටම ඇවිද යමින් සිටියා.ඈත කදුකරෙන් ආව මඳනල ඔවුන් ප්‍රබෝධමත් කළා.

බැටළු ගාලක් පසු කරමින් සිටියදී ඇය මෙසේ ඇසුවාය...

"බැටළු ධේනුව ලිංගික කටයුත්තට සූදානම් බව බැටලුවා දැනගන්නේ කොහොමද? "

"ඒක තමයි සොබා දහම.ඔහුට ඉවෙන් දැනගත හැකි
ඇය සූදානම් බව" සමීර නැවතත් කීවා.

ඔවුන් කිරි ගොවිපළ පසු කරමින තිබියදීද ඇගේ දවසේ ගැටලුව විසඳී තිබුනේ නැත.

" මම නම් හිතන්නේ හරකාට ඉවෙන් ඒ බව දැනගැනීමේ හැකියාව නැතුව ඇති" ඇය නැවතත් ඇගේ ප්‍රශ්නය නැගුවාය.

"එහෙම හිතන්න එපා....සොබා දහම සියලු සතුන්ටම ඒ හැකියාව ලබාදීල තියනවා.තමාගේ ගැහැනු සතාට මේ අවස්ථාවේ ඒ කාර්‍යයේ යෙදීම අවශ්‍යව තිබෙන බව.
ඔය සෑම සතෙක්ම ඝන්ධයෙන් අවබෝධ කර ගන්නවා.'

සමීර නැවතත් ඔහුගේ විද්‍යාත්මක දැනුම ඇය ඉස්සරහා ඉදිරිපත් කලා.

එදා අඳුර වැටෙන යාමයේ, සැඳෑචාරිකාව අවසන් කරමින් ඔවුන් දෙදෙනා ඇගේ නිවසට නැවත සේන්දු උනා.

සමුගැනීමේ සිපගැනී⁣මෙන් පසු සමීර ආපසු යාමට ඔහුගේ රථය කරා පැමිණ දොර අරින විට,

ඔහු ලඟට දුවගෙන පැමිනි ඇය මෙසේ කීවාය.

"ඔයා අදම කෝවිඩ් 19 සඳහා පරීක්ෂණය කරවාගන්න..."

ඒ මොකද ඔයා එහෙම කීවෙ...?
සමීර පුදුමෙන් ඇහුවා.

"මට තේරෙනවා ඔයාගෙ ගඳ සුවඳ අඳුනාගැනීමේ හැකියාව හුඟක් දුරට අඩුවෙලා බව" මෝටර් රථයේ දොර නියපොත්තෙන් හූරන ගමන් ඇය කීවාය.

(පරිවර්ථනයකි)
උ.පු.ග. .කෝපි කඩේන්
228 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:43
ओपन / कमेंट
2022-06-21 08:42:40
229 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:42
ओपन / कमेंट
2022-06-21 08:42:35
226 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:42
ओपन / कमेंट
2022-06-21 08:41:54 ජීවිතය වෙනස් කරවන අභිප්‍රේරණ කතා එකතුව - සංදීප ජයසේකර

කතා 3 - සමුරායිවරයා සහ සෙන් හාමුදුරුවෝ

ඈත අතීතයේ වීර සමුරායිවරයෙක් ජීවත් වුණා. එයා රට වෙනුවෙන් තමුන්ගේ ජීවිතේ පරදුවට තියලා සටන් කරලා රට ආරක්ෂා කළා. සටන් ගණනාවකදී එයා රට වෙනුවෙන් පෙන්නපු නිර්භීතබව නිසා රටේ ශ්‍රේෂ්ඨ වීරයෙක් විදිහට මිනිස්සු එයාට සළකන්න ගත්තා.

දවසක් මේ සමුරායිවරයා සෙන් හාමුදුරුනමක් මුණ ගැහෙන්න සෙන් පන්සලකට ගියා. එයා යන කොට පන්සලේ මහා විශාල සෙනගක් හිටියා. ඒ හැමෝම සෙන් හාමුදුරුවන්ට පුදුම ගෞරවයකින් සැළකුවා. හැමෝම කතා කළේ සෙන් හාමුදුරුවන්ගේ කරුණාවන්තකම ගැන, දහම ගැන තියන දැනුම ගැන, හිතාගන්න බැරි බුද්ධි මහිමය ගැන සහ අනික් අයව මනසින් සුව කරන ශාන්තබව ගැන.

ඒ ආපු කිසිම කෙනෙක් සමුරායිවරයා ගණන් ගත්තේවත් නෑ. සමුරායිවරයා ඉන්නවා කියලාවත් කාටවත් දැනුනේ නෑ. සමුරායිවරයා කල්පනා කරන්න පටන් ගත්තා. "මාව කවුරුවත් ගණන් ගන්නේ නෑ නේ. ඔක්කොම ගෞරව කරන්නේ, සළකන්නේ අර සෙන් හාමුදුරුවන්ට නේ. මං අවුරුදු ගාණක් රට වෙනුවෙන් මගේ ජීවිතේ අවදානමක දාගෙන සටන් කළාට කිසි වැඩක් නෑ නේ. මීට වඩා හොඳයි මාත් සෙන් හාමුදුරුකෙනෙක් වුණා නම්" මේ විදිහට හිතමින් දුක් වෙන්න පටන් ගත්තා. සමුරායිවරයා සෙන් හාමුදුරුවෝ ගාවට ගිහින් මේ ප්‍රශ්නේ කිව්වා. හාමුදුරුවෝ කිව්වා "මං ඔබට උපදේශයක් දෙන්නම්, හැබැයි පන්සලේ සියළුම දෙනා යනකන් ඔබට ඉන්න වෙනවා."

ටිකෙන් ටික වෙලා ගිහින් රාත්‍රිය උදා වුණා. අන්තිමම කෙනාත් පන්සලෙන් ගියාට පස්සේ සෙන් හාමුදුරුවෝ ගියා සමුරායිවරයා හම්බ වෙන්න. සෙන් හාමුදුරුවෝ සමුරායිවරයාගෙන් ඇහුවා

"සමුරායිතුමනි, රෑ අහසේ ලස්සනට පායලා තියන හඳ ගැන ඔබ මොකක්ද හිතන්නේ?".

"හාමුදුරුවනේ, හඳ හරිම සෞම්‍යයි. හඳෙන් එන එළියත් එක්ක දැනෙනවා පුදුම සිසිලසක්. ඒ හඳ එළිය නිසා අපිට රෑ අහසේ අඳුර ටිකක් හරි අඩු වෙලා දැනෙනවා. හඳ පායලා තියෙනකොට රෑ අහස හරි ලස්සනයි".

"බොහොම හොඳයි සමුරායිතුමනි. ඔබට දහවල් ඉර ගැන මොකද හිතෙන්නේ?"

"හඳ වගේ නෙවෙයි. ඉර හරිම තේජාන්විතයි. අපිට ඉර දිහා බලන්න බැරි තරම් ඉර එළිය ප්‍රබලයි. ඉර එළියෙන් දෙන ඒ එළිය නිසා අපිට හැමදේම හොඳට පේනවා. ගහකොළ හැදෙන්නේ, අපි වගා කරන්නේ, අපිට යන්න එන්න පේන්නේ ඉර එළියෙන්."

"සමුරායිතුමනි, ඉරයි හඳයි දෙකෙන් හොඳ මොකක්ද කියලා මට කියන්න පුළුවන්ද?".

"හාමුදුරුවනේ, ඉරයි හඳයි දෙක සංසන්දනය කරන්න බෑ නේ. ඉරෙන් කෙරෙන්නේ වෙනම වැඩ කොටසක්, හඳෙන් කෙරෙන්නේ වෙනම වැඩ කොටසක්. ඒ නිසා මට එකක් හොඳයි කියන්න බෑ".

සෙන් හාමුදුරුවෝ සිනා මුසු මුහුණින් මෙහෙම කිව්වා

"සමුරායිතුමනි, ඔබ හරි. ඉරයි හඳයි කියන්නේ වෙන වෙන අරමුණු තියන, වෙන වෙන කාර්‍යයන් කරන දෙන්නෙක්. ඒ දෙන්නාව සංසන්දනය කරන්න බෑ. ඒ වගේම තමා ඔබත් මාත්. ඔබ රට වෙනුවෙන් සටන් කරපු, රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබපු ශ්‍රේෂ්ඨ වීරයෙක්. මම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සෙන් දහම කියාදෙන කාරුණික වීම අර්ථයෙන් කියාදෙන ශාස්තෲවරයෙක්. අපි දෙන්නා වෙනස්. අපි දෙන්නාගේ අරමුණු වෙනස්. අපි දෙන්නාගේ කාර්‍යභාරය වෙනස්. අපි එකිනෙකාට වෙනස් ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයට පත්වෙලා තියනවා. අපි දෙන්නාව සංසන්දනය කරන්න බෑ. ඒ නිසා ඔබ දුක් වෙන්න එපා. ඔබේ ක්ෂේත්‍රය ඇතුලේ, ඔබ මිනිසුන්ගෙන් සැළකුම් ලබන ගෞරවයට පාත්‍ර වෙන වීරයෙක්. ඒ ගැන ඔබ සතුටු වෙන්න. වෙන අරමුණක් තියන, වෙනත් වැඩ කරන, වෙනත් ක්ෂේත්‍රයක වෙනස් කෙනෙක් එක්ක සංසන්දනය කරලා දුක් වෙන එක තේරුමක් නැති වැඩක්"

සෙන් හාමුදුරුවෝ ඔබටත් මටත් හරි අපූරු පණිවිඩයක් කියලා දෙනවා. අපිත් විවිධ අයත් එක්ක අපිව සංසන්දනය කරලා, මට බැරි වුණා නේ මේ වගේ වෙන්න. මට මෙයාට තරම් දේවල් නෑ නේ. මට මෙයාට වගේ කවුරුවත් සළකන් නෑ නේ. මට මෙයාට තරම් ගෞරව කරන් නෑ නේ කියලා පසු තැවෙන අවස්ථා එනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනි, මිනිස්සු වෙනස්. එයාලගේ අරමුණු වෙනස්, එයාලගේ කාර්‍යභාර වෙනස්, එයාලා ක්‍රියාත්මක වෙන වපසරි වෙනස්. අපි උත්සාහ කරන්න ඕනි අපේ අරමුණ, අපේ කාර්‍ය, අපේ වපසරිය ඇතුලේ විශිෂ්ටයෝ වෙන්න. අපිට අදාළම නැති ක්ෂේත්‍රයක කෙනෙක් එක්ක සංසන්දනය කරලා දුක් වෙන එක ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඒක හරියට ඉරයි හඳයි සංසන්දනය කරන්න බෑ වගේ තමා.
215 viewsS.A.අබේසිංහ -AHT/5816, edited  05:41
ओपन / कमेंट
2022-06-21 08:41:52
221 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:41
ओपन / कमेंट
2022-06-21 08:41:47 මේක නං සීයා කියපු කතාවක් නෙවෙයි.. කොහෙන් ඇහුන ද
ඔළුවට වැටුනා ද කියලා මට මතක නෑ.. ඒත් ඉතින් බඩාගෙ විත්තියේ ශේයා කරගන්න බැරි දෙයක් මට නෑ නේ.. හරි.. කොහොමහරි ලෝකෙ පටාං ගත්ත මුල කාලේ ලෝකේ පාලනය කරපු සක්‍ර දෙයියෝ දරු ප්‍රසූතිය සිද්ද වෙන විදිහ ප්ලෑන් කරලා තිබුණේ ගැහැණියටයි, පිරිමියටයි හරිම සාදාරණ විදිහට ලු.. ඒ කියෙන්නේ මෙහෙමයි.. ගැහැණියගේ කුසේ දරුවා පිලිසිද ගත්තට ප්‍රසූතියේ සේරම වෙදනාව උහුලන්නේ කුසේ ඉන්න දරුවගේ පියා ලු.. ඇත්තටම හරිම සාදාරණයි ඒක.. කුසේ දරුවෙක් දාරාගෙන මාස නවයක් දහයක් ඉන්න එක සෙල්ලමක් නෙවේ නේ.. නමුත් කාලායක් යනකොට සක්‍ර දෙවියන්ට තේරුණාලූ ඒ වැඩේ ආසාර්තකයි කියලා.. ඒ කියන්නේ සාදාරණ උනාට ප්‍රශ්ණ වැඩී.... ලූ.. කොටින්ම දෙයියන්ටත් දෙයියන්ගේ පිහිට ඉල්ලන්න හිතෙන තරමට ගෝරි විසදලා ඉවරයක් නැති ලු.. ආසනෙත් රත්වෙච්ච ගමන් නිසා හිටගෙනම ලූ.. හේතුව ඇවිල්ලා මෙහෙමයි ලූ.. හිතන්නකෝ දැන් එක ගෙදරක දරු ප්‍රසූතියක් වෙනවා කියලා... අල්ලපු ගෙදරක මනුස්සයෙක් ප්‍රසූතියෙ වේදනාවෙන් කෑගහනව ලූ.. ඉතින් දෙයියන්ට ගෝරි විසදලා බැරිම තැන දරු ප්‍රසූතියයි වේදනාවයි සේරම ගැහැණියටම දීලා නිකං හිටිය ලූ..

ඉතින් මං කියන්නේ වැඩ ඇරිලා ගෙදර යන්න.. ගෙදර යන්න විදිහක් ඇත්තෙම නැත්තං ලග තියන ගෙදරකට යන්න.. හැබැයි පරිස්සමෙන්...
223 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:41
ओपन / कमेंट
2022-06-21 08:41:46
ගුවන් යානයකට වැස්සක් පෙනෙන ආකාරය...

Page එකටත් ලයික් කරන්න
221 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:41
ओपन / कमेंट
2022-06-21 08:41:39
220 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:41
ओपन / कमेंट