Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 8

2022-06-20 07:12:53 Positive thoughts journal එකක් ලියන්න පටන් ගමූ...

මේ දවස් වල ඔළුව positive දේවල් හිතන්න පොළඹවගන්න එක හරිම අමාරු වැඩක්.. මොකද අහන්න, දකින්න ලැබෙන දේවල් එක්ක දැනෙන්නෙ අපේ අනාගතය ගැන බයක් විතරක් නිසා. ඒක ඔළුවට ලොකු පීඩනයක්. කොච්චර ලොකු පීඩනයක්ද කියන දේ අත්දැකීමෙන්ම මං දන්නවා.

අන්න ඒ නිසා මං පුංචි වැඩක් පටන් ගත්තා. ඒ තමයි positive thoughts journal එකක් ලියන්න. ඒ කියන්නෙ මං මේ පොතේ දවසින් දවස ලියනවා මට මගේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් දේවල්, මට මේ වෙලාවෙ තියෙන ශක්තීන්. මොකද ඒකට පුළුවන් ලොකු energy එකක් මට ලබාදෙන්න. මට තාමත් දේවල් තියෙනවා කියලා ඒත්තු ගන්වන්න.

දැන් ඔයාලට හිතෙයි මොනාද ඒ තරමට ඔයාලගෙ ජීවිතේ තියෙන මෙහෙම දේවල් කියලා..

සරලවම කියනවා නම්; තුන්වේල කන්න ලැබෙන එකත් මේ වෙලාවෙ ඔයාලට ඔයාලගෙ positive thoughts journal එකට add කරගන්න පුළුවන් විදිහෙ දෙයක්. ඒ ඇරුණහම ඔයාගෙ අම්මා තාත්තා ඔයා එක්ක ඉන්න එක, ඔයාට හොඳට ඉගෙනගන්න පුළුවන් එක, ඔයාට ආදරේ කරන සහෝදරයෙක් ඉන්න එක...... වගේ ඕනම දෙයක් ඔයාට ඒකෙ ලියන්න පුළුවන්.

ඉතින් අදම පටන් ගන්න. ඔයාගෙ හීන වලට යන ගමනෙදි ඔයාට ශක්තිය ඕන. හරියට වාහනයක් දුවන්න ඉන්ධන ඕන වගේ. ජීවිතේ හීන වලට අරන් යන බලවත්ම ඉන්ධන වලින් එකක් තමයි ධනාත්මකව සිතීම කියන්නෙ.

ඔයා ළඟ දැනට තියෙන දේවල් වලට ස්තූතිවන්ත වෙන්න. ඒ ආශිර්වාදය ඔයාව ඔයාගෙ හීන වලට එක්කගෙන යාවී...

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය ..

Study with Gimi
221 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:12
ओपन / कमेंट
2022-06-20 07:12:38
217 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:12
ओपन / कमेंट
2022-06-20 07:12:28
217 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:12
ओपन / कमेंट
2022-06-20 07:12:18 ලෝකයේ වඩාත්ම සිත්ගන්නා දිලීර වලින් එකක් වන්නේ "Zombie Fungus" ය. එය කෘමියෙකුගේ මනස වශ්‍රීකර අල්ලා ගන්නා අතර, එය මමීකරණයට පෙර අත්තක් උඩට නැඟී කොළයක යටි පැත්තට ඇලී සිටී.කෘමීයා අල්ලා අගුලු දැමූ පසු, හතු වැනි ගෙඩි ශරීරය කෘමියාගෙන් පැළ වී අවසානයේ එහි බීජාණු නිකුත් කරයි.

ඡායාරූප ණය: Jay Eeh

තොරතුරු හතු කථා මගින්



මෙම සුන්දර ජීවන චක්‍රය එක් අවස්ථාවක විකාර සහගත වන්නේ මන්දැයි නොදනී.

One of the most interesting fungi in the world is the “Zombie Fungus”. It takes over the mind of an insect, causing it to climb up a branch and cling to the underside of a leaf before mummification. Once locked in place, the mushroom-like fruiting body of the cordyceps sprouts from the insect and eventually releases its spores.

Photography Credit: Jay Eeh

Info by Stories of Mushrooms
215 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:12
ओपन / कमेंट
2022-06-20 07:11:40
211 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:11
ओपन / कमेंट
2022-06-20 07:11:33
210 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:11
ओपन / कमेंट
2022-06-20 07:11:28
209 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:11
ओपन / कमेंट
2022-06-20 07:11:18 කාබනික කෘමි විකර්ශක

ලිපි අංක 07

සියලු දෙනාට ම සුබ දවසක් වේවා !

අදත් මම ඔබ හමුවට ආවා අපේ කාබනික ගෙවත්තට හානි කරන පලිබෝධකයන් මර්දනයට භාවිත කළ හැකි කාබනික කෘමි විකර්ශකයක් පිළිබඳ තොරතුරුත් අරගෙන.දැන් අපි බලමු කෘමි විකර්ශකය සාදාගන්නේ කොහොම ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :-

සුදුළූණු 100gක්

භූමිතෙල් තේ හැඳි 02ක්

සන්ලයිට් සබන් 10gක්

ජලය ලීටර 01ක්

භාජනයක්

සාදාගන්නා ආකාරය :-

අපි එදිනෙදා භාවිතයට ගන්නා සුදුළූණු 100g ක් අරගෙන හොඳින් අඹරා ගන්න.එයට භූමිතෙල් තේ හැඳි 02ක ද දමන්න.මෙම මිශ්‍රණය භාජනයට දමා ජලය ලීටරය ද එකතු කරන්න.සබන් 10g දියරය ඇති භාජනයට ම දමා සබන් දිය වන තුරු හොඳින් මිශ්‍ර කරන්න.ඉන්පසු මෙම මිශ්‍රණය ඇති භාජනයේ පියන හොඳින් වසා පැය 24 ක් අඳුරු ස්ථානයක තබන්න.

භාවිත කරන ආකාරය :-

පැය 24 කට පසු ව මෙම මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර පෙරණයක් ආධාරයෙන් පෙරා ගන්න.පෙරා ගත් දියරයට ජලය ලීටර 04 ක් එකතු කර තනුක කිරීමෙන් පසු වගාවට ස්ප්‍රේ කරන්න.

ස්ප්‍රේ කිරීමේ දී මීට පෙර දී ඇති උපදෙස් අනුගමනය කරන්න.

මෙම කෘමි විකර්ශකයෙන් කූඩිත්තන් ,කොළ කන දළඹුවන් හා එපිලැක්නා කෘමින් ගෙන් වන හානි පාලනය කර ගත හැකි වේ.

නැවත මෙවැන්නකින් හමුවෙමු.ඔබගේ වගාවන් සරුසාර වී සරු අස්වනු ලැබේවා!!

සැකසුම:- චන්ද්‍රානි මනතුංග
211 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:11
ओपन / कमेंट
2022-06-20 07:11:13
208 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:11
ओपन / कमेंट
2022-06-20 07:11:07
210 viewsS.A.අබේසිංහ -AHT/5816, 04:11
ओपन / कमेंट