Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 2

2022-06-23 15:59:05
309 viewsS.A.අබේසිංහ -AHT/5816, edited  12:59
ओपन / कमेंट
2022-06-23 15:59:01
308 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:59
ओपन / कमेंट
2022-06-23 15:58:55
305 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:58
ओपन / कमेंट
2022-06-23 15:58:32 මගේ කතාව - තෙල් ආවට පස්සේ පෝලිමකට සෙට් වෙනවනම් ටිකක් බලලා සෙට් වෙන්න

මොකද 6600L කියන්නේ පොඩි ගානක්
සරලව කිව්වොත් ගෙදර වතුර ටැංකිය 1000L ඒ වගේ 6 හමාරක්... තෙරුනාද දැන්වත්

වාහන වලට 8000යි
බයික් වලට 2500යි
ත්‍රීවීල් වලට 3000 තෙල් දුන්නේ ඊයේ.

සාමාන්‍යයෙන් වාහන 150 ඇතුලෙ හිටියොත් වාහනේකට තෙල් ගන්න එක ශුවර් මොකද 6600/20 උනොත් වාහන වලට විතරක් ගැහුවොත් 330කට තෙල් තියනවා නමුත් බයික් ත්‍රීවීල් වලට එක්ක දෙනකොට 150-175 අතර ලැබෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. බයික් නම් 200ක් 250ක් අතර වගේ, ත්‍රීවීල් 200-250 අතර.

සාමාන්‍ය වශයෙන් වාහන 150යි, ත්‍රීවීල් 250යි, බයික් 250යි ලෙස ගණනය කරලා තමයි. ඒකත් වාහනේකට ලීටර් 20යි, බයික් ලීටර් 6යි, ත්‍රීවීල් ලීටර් 7ක් ලෙස.
වාහන සදහා - 20 × 150 = 3000L
බයික් සදහා - 6 × 250 = 1500L
ත්‍රීවීල් සදහා - 7 × 250 = 1750L
සම්පූර්ණ ලීටර් ගණන = 6250L
(6600L සම්පුර්ණ ඉන්දන ප්‍රමාණය සමහර විට පොම්ප කල නොහැකී)

පෝලීමේ තිබෙන වාහන වර්ගය අනුව, කෑන් වලට හොරෙන් ගැසීම, පෝලිම පැනලා දාන වාහන හා වෙනත් සාධක අනුව ගණනය කිරීම් වෙනස් විය හැක.

උපුටාගැනීමකි
302 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:58
ओपन / कमेंट
2022-06-23 15:58:29
301 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:58
ओपन / कमेंट
2022-06-23 15:58:24 පසුගිය දවසක මම මගේ NRFC account එක USD හා LKR වල online login එකේ password එක reset කරගන්න ඔනි වෙලා BOC call center කතා කලා එහි සංවාදය

මම - මිස් මගේ Online account එකේ password එක reset කරගන්න ඔනි.

BOC Call Center - මේ සම්බන්දයෙන් ඔබ account එක තියන branch එකට තමා කතා කරන්න ඔනි.

මම - මම පිටරටක ඉදලා කතා කරන්නෙ. මට මේ account එක හදාගන්න ඔනි Dollar එවන්න හා එම dollar exchange කරලා මගේ LKR account එකට transfer කරගන්න වගේම online මගින් එම මුදල් use කරන්න.

BOC Call Center - අපිට ඒ සම්බන්දයෙන් උදවු කරන්න අමරැයි. ඔබට account එක තියන branch එකට තමා කතා කරන්න වෙන්නෙ.

( ලංකාවේ වැඩ. මම හිත හදාගෙන. ලොක්කන්ගේ වැඩ වලට සොක්කෝ මොනවා කරන්නද හිතමින් මගේ Account එක තියන BOC Negombo branch එකට ගත්තා)

මම - මිස් මගේ account එක තියෙන්නෙ මේ branch එකේ. මට online මගේ account එකට log වෙන්න බැ. මට password එක reset කරගන්න ඔනි.

BOC Negombo - මට account number එක කියන්න.

මම - 8326xxxxx

BOC Negombo - අ මෙක කරගන්න නම් මහත්මයාට branch එකට ඇවිත් ලියුමක් දෙන්න වෙනවා.

මම - (දැන් ඉතින් ටිකට් අරන් ලංකාවට පලයන්කෝ)
මිස් මම පිටරටක ඉන්නෙ. ඉතින් මට එන්න විදියක් නෑ.
over the phone මගේ විස්තර අරන් මට password reset කරලා මගේ email එකට හරි bank එකට දිලා තියන mobile number එකට හරි reset password එක එවන්න.

BOC Negombo - අපිට එහෙම කරන්න බැ. අපිට request එකක් එවන්න password එක reset කරන්න කියලා.

මම - (දැන් ඉතින් ලියුම් ලියපන්කෝ)
වෙන ක්‍රමයක් නැද්ද. email එකක් හරහා කරගන්න.

BOC Negombo - අපි application එකත් email කරන්නම් එක fill කරලා එවන්න.

මම Bank එකට කතා කලේ 07th June ඒත් අද වෙනකම් email එකට application එකක් ආවේ නැ.

ලංකාවේ Formalities තියෙන්නෙ වැඩේ කෙරෙන තැනට නෙවෙයි නොකරෙන තැනට යැයි හිතමින් විනාඩි 5ගේ ලංකාවට සල්ලි යවන Undial ක්‍රමය මගින් හරිම ලෙසියෙන් වැඩේ කරගන්න තමා අපිට වෙලා තියෙන්නෙ.

Copy -
Manager Negombo Boc
Ranil Wickremesinghe
Manusha Nanayakkaara
286 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:58
ओपन / कमेंट
2022-06-23 15:58:09
301 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:58
ओपन / कमेंट
2022-06-23 15:58:01 අපේ Batting line up එකේ මේ වෙද්දි පුරවගන්න තියෙන එකම තැන තමයි මේ. පැතුම් එක්ක සීමිත පන්දුවාර තරඟවල ආරම්භක පිතිකරුවා විය යුත්තේ කවුරුන්ද ?

Odi

1 - Pathum
2 - ?
3 - Mendis
4 - DDS
5 - Asalanka

මේ විදියට අපේ Odi team එකේ ප්‍රධාන පිතිකරන ස්ථානයන් පිරිලා තියෙන්නේ.

Kusal Janith Perera -
අන්තිම කාලයේම අපේ සීමිත පන්දුවාර කණ්ඩායමේ වැඩි බරක් ඇද්ද ක්‍රීඩකයෙක් තමයි KJP. හැමෝම fail වෙද්දි තනියෙන් ලකුණු අතර හිටියා.
අවාසනාවන්ත විදියට ඔහු ආබාධයකට ලක්වෙලා ඉන්නේ.
ඔහු සැත්කම සාර්ථකව කරගෙන ආයේ පරණ රිද්මයට ආවොත් වසර 3-4 ක් යනකන් කිසි ප්‍රශ්නයක් නැතුව අනෙක් ආරම්භක පිතිකරන ස්ථානය පුරවගන්න පුලුවන්.

Danushka Gunathilake -
ඩරම් වීදීයේ සිද්ධියෙන් ඩැනීට අවාසියක් වුණා. ඒ වෙද්දි ඔහු හොඳ form එකේ හිටියෙ. 2020 LPL එකේ හොඳින් ලකුණු අතරට ආවා , ඒ වගේම Windies Tour එකේ ලකුණු අතරට ආවා.
අර සිද්ධියෙන් පස්සේ ඔහු දුන්න comeback එක Kusal Mendis එක්ක සංසංධනය කරද්දි , පහළ මට්ටමක තියෙන්නේ.
මේ ඔස්ට්‍රේලියානු පළමු එක්දින තරඟ දෙකේ දී ඔහු ලකුණු අතරට එන්න උත්සාහ කරමින් ඉද්දි අවාසනාවන්ත විදියට ආබාධයකට ලක් වුණා.

Niroshan Dickwella / Minod Bhanuka -
ලැබුණ අවස්ථාවලින් පිත්තෙන් දැනෙන දෙයක් කරන්න බැරි වුණා. හැබැයි දෙන්නගෙම කඩුලු රැකීම නම් ඉතාමත් හොඳයි.

Bhanuka Rajapakse -
අපිට KJP නැත්නම් යොදාගන්න පුලුවන් හොඳම තුරුම්පුවක් තමයි මේ.
ඉස්සර Sanath Jayasuriya කරපු role එක පසුකලක KJP කළා. KJP නැත්නම් ඒ role එක භානුටත් කරන්න පුලුවන් කියලා හිතෙනවා.
භානුව ආරම්භක පිතිකරුවෙක් විදියට යොදාගනී කියලා නම් හිතන්න අමාරුයි.
ඒත් අවශ්‍ය නම් ඒ දේ කරන්න පුලුවන්.

Avishka Fernando -
ඔහු ආබාධයකට ලක් වෙන්න කලින් ,
පැතුම් එන්න කලින්
අපිට එක්දින කණ්ඩායමේ හිටිය ලොකු ඉනිම් වලට යන්න පුලුවන් ක්‍රීඩකයා තමයි මේ. Dimuth එක්ක හොඳ patnerships ගොඩනැගුවා. ශතක ලබාගත්තා.

අවිශ්කට තාම අවුරුදු 24 යි.
අනාගතය ගැන හිතනවනම් අවිශ්ක තමයි හොඳම තෝරාගැනීම.
දවසක අසලංක , වනිඳු , පැතුම් වගේ ක්‍රීඩකයන් මේ කණ්ඩායමේ වගකීම භාරගන්නවා.
එතකොට අවිශ්ක කියන්නේ ඒ අයගේ සමකාලීනයන්.
කමිඳු මෙන්ඩිස් , ධනංජය ලක්ෂාන් , ශම්මු අශාන් ,
අසිත ප්‍රනාන්දු , ලහිරු කුමාර යන අයත් සමකාලීනයන්.
තව අවුරුදු 5කින් මේ අය තමයි අපේ කණ්ඩායමේ වැඩි බරක් එක්ක වගකීම් එක්ක කණ්ඩායමේ රැගෙන යන්න ඕනේ.

සියලුම දේවල් සැලකිල්ලට අරගෙන මේ විදියට මේ ක්‍රීඩකයන්ව ranking කරනවා.
1 - KJP
2 - Avishka
3 - Dhanushka
4 - Dickwella
5 - Rajapaksa
6 - Minod

---------------------------------------------------

T20

Avishka Fernando , Niroshan Dickwella , Minod Bhanuka වැනි ක්‍රීඩකයන් මේ format එකේ යම් පසුබෑමක් දක්වනවා.

Kusal Janith Perera , Danushka Gunathilake -
මේ දෙන්නා තමයි අපිට විස්සයි විස්ස format එකට ඉන්න හොඳම වමත් ආරම්භක පිතිකරුවන් දෙන්නා.

Bhanuka Rajapakse -
ඔහුව මැදපෙලට වඩාත් අවශ්‍යයි. ඒ හින්ඳා ඔහුව ආරම්භක පිතිකරුවෙක් විදියට යොදාගන්න අඩු අවස්ථාවක් තියෙන්නේ.

Kusal Mendis -
ඔහුගේ විස්සයි විස්ස දක්ෂතා අරන් බැලුවම ඔහු හොඳටම කරන්නේ open එකේ. ඔහුව අංක 3,4 ට දාලා විස්සයි විස්ස format එකේදී ලොකු වැඩක් ගන්න අමාරුයි.

පැතුම් එක්ක මෙන්ඩිස් විස්සයි විස්ස තරඟවල ඉනිම ආරම්භ කරනවානම් වඩාත් සාර්ථක ආරම්භයක් ගන්න පුලුවන් කියලා මන් හිතනවා.
මොකද ඔවුන් දෙදෙනා අනික් formats දෙකේත් එකට bat කරනවා.
එකිනෙකා අතර හොඳ අන්‍යොන්‍ය දැන හැඳිනගැනීමක් ඔවුන් දෙදෙනා අතර තියෙනවා.

හදිස්සියේ පැතුම්ට replacement එකක් ඕන වුණොත් ?
අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා !
උත්තර නෑ.
ඒ හින්ඳා මේ ප්‍රශ්නය අර්බුදයක් වෙන්න කලින් ගොඩදාගන්න ඕනේ.
ආබාධ වෙලා ඉන්න ක්‍රීඩකයන් ඉක්මනින් ‍හොඳ තත්ත්වයට එන්න කියලා අපි wish කරමු

තව මේ වෙද්දි දේශීය පිටියේ දස්කම් අතර ඉන්න Ashan Randika ඉන්නවා.
ඔහු ගැන LPL එකෙන් පසුව හරියටම දැනගන්න පුලුවන් වේවි !
බලමු !

ක්‍රීඩකයෝ ඇතිතරම් ඉන්නවා !
කළමනාකරණය කිරීම තමයි වැදගත් වෙන්නේ !
ක්‍රීඩකයනුත් ලැබෙන අවස්ථාව හොඳට පාවිච්චි කළොත් වසන්තය සෑහෙන කාලයක් අපි එක්ක තියේවී

- Prishon H Silva -

#MR_Analyst_LK
278 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:58
ओपन / कमेंट
2022-06-23 15:57:57
297 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:57
ओपन / कमेंट
2022-06-23 15:57:47 විජය කුමාරතුංග මහතා සිරගතව සිටියදී දියණියට ලියූ ලිපියක්.

04.12.82
සිරකරු අංක 3220
එස්. වාට්ටුව ,
වැලිකඩ බන්ධනාගාරය

මගෙ චූටි දුවේ,

මාව එදා පොලිසියෙනුයි , යුධ හමුදාවෙනුයි ඇවිල්ල අරගෙන යනකොට උඹට තේරෙන්නෙ නැතුව ඇති මාව කොහෙද ගෙනියන්නෙ කියලා . මම උඹ ඉන්න පැත්තවත් බැලුවෙ නැත්තේ මට දුක හිතෙයි කියලයි.එදා පාරෙ දෙපස උන්න සිය ගාණක් ජනතාවට අත වනාගෙන මම ගෙදරින් පිටත් උනත්, මම උඹවත් හදවතේ කොනක හංගාගෙනයි ආවේ. මම උඹව මොහොතකවත් ඉන් අයින් කරන්නේ නැහැ . උඹ බාගෙ වෙලාවට බලාගෙන ඉන්න ඇති මම ආයෙ එනකන්. නමුත් , දවසකින් දෙකකින් උඹට අමතක වෙලා යන්න ඇති මාව. මම දන්නව ආයෙ උඹ මාව නොදැක්කොත් උඹ ලොකු ගැහැණියක් උනදාටවත් උඹට මාව හරියට මතක හිටින එකක් නැහැ.ඒත් මටනම් උඹව උපන් වෙලාවෙ උන්න විදිහම පවා තවම මතකයි. එදා ඉදලා අවුරුදු දෙක හමාරක් තිස්සේ උඹ වැඩුන හැටි මට හොඳටම මතකයි. උඹ හැරෙනවා, පෙරළෙනවා, බඩගානවා, දනගානවා, යන්තම් නැගිටින්න හදනවා,වැටි වැටි ඇවිදිනවා, අම්මා තාත්තා කියනව මට හොඳට මතකයි. මට ඒ හැම දෙයක්ම එකම හීනයක් වගේ. ඒ හීනේ මුලක් අගක් දකින්න නැහැ . ඒක කෙළවරක් නොවන සිහින වැලක්.
උඹව බිමින් තියපුවහම උඹ කියන්නේ "තාත්තාට වඳින්න ඕනෙ" කියලා . මම උඹ ඉදිරිපිට පිළිමයක් වගේ හිටගෙන ඉන්න හරිම ආඩම්බරෙන්. උඹ බිම දණගහලා ඔලුව බිම තියලා,අර පුංචි අත් දෙක එකතු කරලා මගෙ දෙපා වඳිනවා. වැඳලා නැගිටින්න උඹ තවම දන්නෙ නැහැ. සමහරදාට මම ටිකක් බලාගෙන ඉන්නවා උඹ තාමත් මගේ දෙපාමුල වැඳගෙන ඉන්නව. මම නැමිල උඹ වඩාගෙන තුරුළු කරගෙන ඉඹ ගන්නව. මුළු ලෝකෙම මගෙ දෑතට තුරුළු වෙලා.

මම මේ කටුක අනන්ත සංසාර ගමනේ ආත්ම ගණනාවක් ගෙවන්න ඇති උඹව හොයාගන්න . ඒ හැම ආත්මයකම පෙරුම් පුරාගෙන උඹව හොයාගෙන ආවා. මීට ඉහත කිසිම ආත්මයක මට උඹව හම්බවෙන්න නැතුව ඇති. ඒකයි මට උඹව මේ තරම් අගේ.

මගේ පැතුම උඹ දක්ශ ගැහැණියක් වෙන්ට නෙවෙයි . පොහොසත් ගැහැණියක් වෙන්ට නෙවෙයි. උඹ ලස්සන ගැහැණියක් වෙන්ටත් නෙවෙයි. උඹ කරුණාවෙන් පිරුණු ගුණ යහපත් හොඳ මනුස්සයෙක් වෙන්නයි. මුළු ලෝකෙටම කරුණා කරපන් දුවේ.ඊට වඩා උතුම් දෙයක් තවත් නැහැ.
උඹ උපන් මොහොතෙම මම තීරණය කරල තිබුණේ උඹට 'යශෝධරා' කියල නම් තබන්න. අපි උඹට දමන්න කියලා සිය ගණනක් නම් හෙව්වා. ඒත් 'යශෝධරා' මගේ හිතේ තිබුන එකම නමයි. මේ මිහිපිට ඉපිද ,රජසැප විඳ පසුව කාත් කවුරුත් නැතිව අනාත වී, අසරන වුන කෙනෙක් යශෝධරා . ඒම හා අසරණකම ජනතාව වෙනුවෙන් ඉවසා වදාරාගෙන උන්නා.
අන්න ඒ ඉවසීමේ , අවබෝධයේ, කරුණාවේ, ගුණ ගුණයහපත්කමේ කෙළවරයි යශෝධරා . ආදරයේ,දයාවේ, අසරණ බවේ කෙළවරයි යශෝධරා. ඒ ගුණාංගවලින් බිඳක්වත් උඹට තිබුනොත් උඹ හොඳ මනුස්සයෙක් වෙයි. මට ඒ ඇති. මිනිසත් බව ලැබ මෙලොව උපන් කෙනෙකුට ආරක්ෂා කර ගන්නට ඇති ලොකුම වස්තුව මනුස්සකමයි. ඒ මනුස්සකම රැක ගතහොත් , අපිට මුළු ආත්මය පුරා සතුටු වෙන්න හැකිවේවි. මුළු ජීවිත කාලයක් පුරාම ගෙවන්නට ඇති මේ භවයේදී මුළු ලොව දෙසම කරුණාවෙන් බලපන් දුවේ. එහෙම කළොත් මොනතරම් කරදර, දුක් ගැහැට විඳින්න සිදු වුණත්, කෙළවර මහා සතුටක් විඳින්න හැකි වේවි.

උඹට මේ ලියුම කියවල තේරුම් ගන්න තව හුඟක් කල් ගතවේවි. කවදහරි ඈත දවසකදි උඹ මේ ලියුම කියවල තේරුම් ගත්තොත් , එදාට උඹට වැටහේවි උඹේ තාත්තා උඹට මොනතරම් ආදරේද කියල. මම උඹට හරිම ආදරෙයි...!

විජය කුමාරතුංග.

(උපුටා ගැනීමකි)
279 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:57
ओपन / कमेंट