Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 3

2022-06-22 15:56:25 Chris Silverwood

මෙය පුහුණුකරු හා නායකයා පණිවිඩ හුවමාරු කරගන්නා ක්‍රමයක්.
Field Settings ගැන වගේම Bowling Changes වගේ දේවල් මේ coding system එකෙන් සන්නිවේදනය කරගන්න පුලුවන් කියල මම අනුමාන කරනවා.
මිට පෙර එංගලන්ත කණ්ඩායම මේ දේ පාවිච්චි කළා.
ඒ Chris Silverwood ගේම පුහුණුකාරීත්වය යටතේ ය.

මේ system එක ගොඩක්දුරට coach , captain හා analyst පමණක් දන්නා දෙයක්.
කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් වුවද මේ දේ නොදන්නවා විය හැකිය.

--------------------------------------------------

R 6 -
මන් හිතන විදියට ධනංජය සිල්වාට මීලඟ පන්දුවාරය ලබාදෙන්න කියලා කිව්ව වෙන්න ඕනේ.
R කියන්නේ Right Hand
6 කියන්නේ 6වෙනි bowler.
ඒ කියන්නේ ධනා

නැත්නම් R කියන්නේ Ring.
30 yard circle එකේ fielding positions 6ක් තියන්න.

5 D -
මේක fielding set කරන එකක් වෙන්න ඕනේ.
D කියන්නේ Defensive හෝ Deep වෙන්න පුළුවන්.

Deep එකේ ඒ කියන්නෙ 30 yard circle එකෙන් පිට fielders ලා 5ක් තියන්න.
හැබැයි සාමාන්‍යයෙන් ඕවර්ස් 40න් පස්සේ deep එකේ fielders ලා 5ක් තියන්න පුලුවන් වෙන්නේ.
මේක වුණේ ඕවර්ස් 20 ගණන් වල.
එතකොට ඒක වෙන්න බෑ.
එහෙනම් Defensive වෙන්න පුළුවන් D කියන්නේ.

ඔය මම හිතුව විදිය.
ඔයාට වෙන විදියක් හිතෙන්න පුළුවන්.
ටීම් එක වෙනමම විදියකට මේක ප්ලෑන් කරල තියෙන්නත් පුලුවන්
අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නම් ඔහොම coding system එකක් ඕනෙ නෑනේ.

මේකේ වාසි අවාසි ගැන දන්නේ දස්සා හා කෝච් විතරයි.
අපි බලමු !
පස්සේ කාලෙක ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි

- Prishon H Silva -

#MR_Analyst_LK

| Hedgehog Gang |
339 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:56
ओपन / कमेंट
2022-06-22 15:56:11
326 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:56
ओपन / कमेंट
2022-06-22 15:55:58
328 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:55
ओपन / कमेंट
2022-06-22 15:55:53
304 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:55
ओपन / कमेंट
2022-06-22 15:55:48
298 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:55
ओपन / कमेंट
2022-06-22 15:55:32 Vision board එකක් හදාගන්නෙ කොහොමද ???

හුඟක් නංගිලා, මල්ලිලා අහපු දෙයක් තමයි මේ vision board ගැන.

ඉතින් මොකක්ද මේ vision board එකක් කියන්නෙ?? සරලවම කිව්වොත් ඔයාට ලබාගන්න ඕන හැමදේම පෙන්නන තැනක් තමයි මේ. ඔයාගෙ අරමුණු වල එකතුවක්.. ඔයාගෙ අනාගත වාහනේ, ගෙදර, ඔයාගෙ results, ඔයාගෙ කැම්පස් එක, ඔයාගෙ ආසම වෘත්තීය... ඔය වගේ ඔයා ලබාගන්න කැමති, කරන්න කැමති හැමදේම පෙන්නන තැනක් තමයි මේ.

මේකෙදි වැදගත්ම දේ වෙන්නෙ; මේක දකින දකින වාරයක් ගාණෙ ඔයාට ලොකු මානසික පෙළඹවීමක් එනවා වැඩ කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙ හීනෙට ඔයාව තල්ලු කරන්න මේ vision board එකට පුළුවන්. මොකද දවස ගාණෙ ඔයා, ඔයාට ආස දේවල් දකිනකොට ඔයාට ඒක ලොකු motivation එකක් වෙනවා. ඔයාටම හිතෙන්න ගන්නවා මං කොහොමහරි මේ දේවල් ලබාගන්න ඕන කියලා. එතකොට ඔයා ඔයාගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. නිකන්ම නෙමෙයී කැමැත්තෙන්.

දැන් බලමු ඔයා කොහොමද මේ vision board එකක් හදාගන්නෙ කියලා.

හිතන්න.

2022 අවුරුද්ද ගැන පුංචි plan එකක් හදාගන්න. ඔළුවෙන් හිතන්න මේ අවුරුද්දෙ ඔයා මොනාද කරන්න ඉන්නෙ (exams, ඔයාට ලබාගන්න ඕන දේවල්), ඒවා කොහොමද ලබාගන්නෙ. ඊට අමතරව ඔයාගෙ අනාගතේ ඔයා ගන්න කැමති වාහනේ, හදන්න කැමති ගෙදරත් කොයි වගේද කියලා හිතලා බලන්න.

ඔය විදිහට ටික වෙලාවක් හිතලා rough idea එකක් හදාගන්න.

පින්තූර.

මේ vision board එකට ඕන කරනවා ඔයාගෙ ඔයා ආස දේවල් වල පින්තූර. ඉතින් ඊළඟට ඔයා බලන්න ඕන, ඔයා කොහොමද මේ පින්තූර ටික එකතු කරගන්නෙ කියලා.

සමහරවිට වාහන වල පින්තූර නම් දැනටමත් ඔයාගෙ කාමරේ ගහලත් ඇති. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තර වලින් කපලා ගන්න. නැත්නම් pinterest එකෙන් වගේ හොයලා printouts ගන්නත් පුළුවන්.

හදන්නෙ මොකේද??

ඊළඟට කරන්න ඕන මේ පින්තූර ටික එක තැනකට එකතු කරන එකයි. ඒකට ඔයාට පුළුවන් බ්‍රිස්ටල් බෝර්ඩ් එකක්, එහෙම නැත්නම් තුනී ලෑල්ලක්, රිජිෆෝම් කෑල්ලක් වගේ ඔයා කැමති දෙයක් පාවිච්චි කරන්න.

තුනී ලෑලලක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒක දිගටම ඔයාගෙ vision board එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

ඉතින් ඔන්න එහෙනම් මං හිතනවා මේක කියවන ඔයාලා හැමෝමත් ලබන අවුරුද්දට vision board එකක් හදාගනියී කියලා.. ඒ වගේම ඔයාලා හැමෝගෙම vision board බලන්න මං හරිම ආසාවෙන් බලන් ඉන්නවා..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය ..

Study with Gimi
279 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:55
ओपन / कमेंट
2022-06-22 15:55:07
278 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:55
ओपन / कमेंट
2022-06-22 15:54:55
278 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट
2022-06-22 15:54:48
279 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट
2022-06-22 15:54:44 මියගිය සැමියා දැකීමට දුම්රිය නැවතුමට එන කාන්තාව

ලන්ඩන් නගරයේ ජීවත් වන එක්තරා කාන්තාවක් දිනපතා උදෑසන තමන්ගේ නිවස ආසන්නයේ පිහිටි Underground Station ( උමං දුම්රිය ස්ථානය) වෙත ගොස් එහි වේදිකාවේ පිහිටි බංකුවක් මත ඉඳගෙන සිටින අයුරු එම දුම්රිය ස්ථානයට යන එන පුද්ගලයන්ට සුපුරුදු දසුනක් උනා. ඇය දිනපතා එහි පැමිණෙන්නේ එම දුම්රිය ස්ථානයේ දිනපතා වාදනය වන සිය මියගිය සැමියාගේ හඬින් පටිගත කරන ලද නිවේදනයට ඇහුම්කන් දීමටයි. "Mind the Gap” යනුවෙන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිතරම වාදනය වන එම හඬ පටය 1950 වසරේදී පටිගතකොට තිබෙනවා.

Margaret McCollum නම් මෙම කාන්තාවගේ සැමියා වන Oswald Laurence 2003 වසරේදී මිය ගිය අතර එදා පටන් ඇයගේ සිතට දැනෙන පාළුව මකා ගැනීම සඳහා ඇය මෙලෙස පැමිණ සිය සැමියාගේ හඩින් හඬපටයට සවන් දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ උවත් අඩසියවසක කාලයකට පමණ පසු තාක්ෂණික සමාගමක් විසින් එම හඬ පටය අළුත් කර ඇති අතර පැරණි හඬපටය වෙනුවට අළුත් හඬපටයක් භාවිතා කිරීම ආරම්භ කර ඇත. එයින් ශෝකයට පත් මාග්‍රට් ලන්ඩන් ප්‍රවාහන අධිකාරියෙන් සිය සැමියාගේ හඬ සහිත කැසට් පටය තමන්ට ලබාදෙන මෙන් ඉල්ලා ඇත.

ඇය එම හඬපටය ඉල්ලා සිටින කාරණය සහ එහි ඉතිහාසය දැනගත් ලන්ඩන් ප්‍රවාහන බලධාරීන්, නව හඬපටය වෙනුවට නැවතත් ඇය ජීවත් වන නිවස ආසන්නයේ පිහිටි දුම්රිය නැවතුමේ ඇයගේ සැමියාගේ හඬ පටය ප්‍රචාරය කරන්නට කටයුතු කරනු ලැබුවා. එම නිසා අදටත් London Embankment දුම්රිය නැවතුම්පල පසුකර යන මගීන්ට Oswald ගේ හඬින් ප්‍රචාරය වන "Mind the Gap” හඬට සවන් දිය හැකි වෙනවා.

තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.
උපුටා ගැනීමකි
281 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट