Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 4

2022-06-22 15:54:39
280 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट
2022-06-22 15:54:31 විවාහ උනත් නැතත් ඔයාගේ ජීවිතයට වැදගත් වේවී....

මන් දෙයක් ලියන්නේ ඉගෙන ගත්තු දේම නිසා නෙවෙයි අත්දැකීම් එක්ක...
2015දී මන් අධික මානසික වේදනාවකින් හිටියා ලෝකෙට නොපෙනන මමම විදවන..

ඉතින් අඩන්න ,දුක් වෙන්න,කල්පනා කරන්න මන් තෝරගත්තේ ඇද...රෑ එලිවෙනකන් ඇස් රතු වෙනකන් අඩපු අවස්තා ඇති...උදේට නැගිටිනකොට කාලෙන් බාගයක් බීලා වගේ වැනෙනවා...

ඔය අතරේ තාත්තා නැති උනා...
ඒක තවත් වේදනාවක්..ඉතින් මළ ගෙදර ට ආපු අපේ හිතවත් අක්කා කෙනෙක් අපේ ගෙදර සති දෙකක් නැවතුනා...
දවල්ට තෝන්තු මාන්තු යන්නත් එක්ක මන් එයා එක්ක කතාව...

පිලිගන්න මම ඇයට කරන අපහාසයක් නෙවෙයි ..නමුත් මට තිබුනු ප්‍රශ්න වලට සාපේක්ෂව ඇයට තිබුනා ඩීමෝ බට්ටෙක් පිරෙන්න ප්‍රශ්න ..
ඒ අතින් මගේ ඒවා මල්ලක දාතහැකි

ඒත් එයා හිනා වෙනවා..සතුටින් ඉන්නවා..හොද ආර්ථික ශක්තියක් තියෙන මම දුකින් ඉන්නවා..

අක්කගේ මහත්තයා නැති වෙලා..පුතා පොඩියි.අක්කට රස්සාවක් නෑ..මල්ලීලා ගෙනත් දෙන හාල්,පරිප්පු ,සෝයාමීට් වලින් වේල පිරිමහගන්නවා..රස්සාවක් කරන්න යන්න විදිහක් නෑ දරුවවයි තාත්තවයි බලාගන්න කෙනෙක් නෑ...

ඉතින් මන් ඇහැව්වා අක්කේ ඔයාට නින්ද යනවද කියලා...
මොකද එවෙලාවේ මට තිබුනේ නින්ද යන්නේ නැති තත්වයක්නේ..මන් හිතුවේ ප්‍රශ්න තියෙන හැමෝම නිදි නෑ කියලා...

එක පාරම අක්කා කියපි
"ඔව් නංගි.පංකාදු පහට නින්ද යනවා"කිව්වා..

අම්මෝ මාව කරකවලා පොළොවේ ගැහැව්වා වගේ උනා..මන් විස්තර ඇහැව්වා..
අක්කට ප්‍රශ්න නැද්ද කියලා...අක්කා සේරම කිව්වා...
ඉතින් මන් ඇහැව්වා අක්කේ ප්‍රශ්න තියෙන නම් නින්ද යන්නේ නෑනේ..

පාසලේ පහවසරට ගියපු අක්කා මට කිව්වා

" ඉතින් නංගී ඇදට ගිහින් කල්පනා කරන්නේ අහවල් එකටද.ඇද තියෙන්නේ නිදාගන්නනේ..මන් ඇදට ගියාම මට ඕනේ නිදාගන්න..අනේ යස සැපට මට නින්ද යනවා ඕන් "කියලා..

අම්මෝ ඒ වචන ටික තාම පපුවේ තියෙනවා ..කොටින්ම මන් විශ්වවිද්‍යාලයීය මනෝවිදායාව ඩිප් එක ගන්න පෙර ඒ අක්කා මට දීපු උපදෙස හැමදේටම වඩා පපුවේ නැවතුනා...ඇය තමයි මගේ මුල්ම මනෝවිදායාව උපදේශිකාව...

ඉතින් එදා ඉදලා මම ඇදට ගියාම හිතුවා.මන් ඇදට ආවේ නිදාගන්න..සැප ආතල් එකේ නිදාගන්න...

සතියක් විතර හිත දෝලනය උනා..නමුත් මන් අරමුණ වෙනස් කලේ නෑ...කොටින්ම කියන්න ඊට පස්සේ හොරු ආවත් ගානක් නැති ගානට මම පැය 7 එලාම් එක තියල නිදාගත්තා...

අදටත් එහෙමයි..
අන්න ඒ පුරුද්ද මට විවාහයට වැදගත් දෙයක් උනා...කවදාවත් මන් ඇදට ඇවිත් එයාගෙන් ප්‍රශ්න ඇහැව්වේ නෑ..ගැටලු සාකච්ඡා කලේ නෑ...අපේ ඇද සුන්දර ස්ථානයක් උනා..
දවසේ මොන තරම් ආරවුල් වෙලා ඩාම් ඩූම් ගාගෙන හිටියත් ඇදට ගියාම මීක් නෑ...

මොන තරහෙන් හිටියත් ඇදේදී ඒක පෙන්නුවේ නෑ...තරහවෙලා ඇදට ආවත් එයා ඇගට අතදැම්මේ නැත්නම් සීරුවෙන් මම ලන් උනා...සියලු නෝක්කඩු එතනින් ඉවරයි..නමුත් ගැටලුව තාම තියෙනවා නම් ඒක විවේක වෙලාවක විසදන්න හිතේ සේව් කරල ,ඇද සුරපුරයක් කලා...

එයාට ඒක පුදුමයි...වෛද්‍යවරයෙක් උන එයා හිතුවේ මන් මනෝවිදායාව ඉගෙන ගෙන නිසා එහෙම කියලා...
විකාර..
මන් එයාට නොකිව්වට මට ඒක කියා දුන්නේ පාසල් නොගිය අර අක්කා... ඇයගේ අවබෝධය සහතිකවලින් නැති උනාට විශිෂ්ඨ යි..

පිලිගන්නම වෙනවා බොහෝ විවාහ ජීවිත වලදී බිරිද මහත්තයා ව වලියට අල්ලගන්නේ ඇදේදී...ප්‍රශ්න විසදන්නේ ඇදට ආවාම...ආර්ථිකය හදන්න,ගේ හදන්න,වාහනයක් ගන්න,දරුවන්ගේ ප්‍රශ්න කතා කරන්නේ ඇදට ආවාම..ඉතින් අර මනුස්සයාට ඒ ඇද එපා වෙන එක අහන්නත් දෙයක්ද..??

පිරිමි කැමති නෑ ප්‍රශ්න සාකච්ඡා කරන්න..බොහොමයක් හදන්නේ ප්‍රශ්නෙන් පැනලා යන්න..අනේ ඉතින් අපේ නෝනාලා උන්දෙලව ඇදේදී අල්ලගන්න දත කනවා...

එපා ඇද එපා ප්‍රශ්න වලට ගන්න..ඇදට ආවාම ප්‍රශ්න බිමින් තියලා සතුටින් නිදාගන්න..ඔබේ ජීවිතය වෙනස් කරන හොදම මායාව ඒක..

Himali Kolonne ගෙන් උපුටාගැනීමකි .
264 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट
2022-06-22 15:54:24
282 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट
2022-06-22 15:54:18
282 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट
2022-06-22 15:54:11
එකිනෙකා වැළඳ නිදාගන්නා මී මැස්සෝ.....
......................................................................

මී මැස්සන් සමහර අවස්ථා වලදී දිනකට පැය 4ත් 6ත් අතර ප්‍රමාණයක් නිදාගැනීම සිදු කරනවා. ඒ අතර තුර සමහර මී මැස්සන් නිදා ගැනීම සදහා මල් වල පෙති හෝ මලේ පතුල යොදා ගන්නවා. මෙම සේයාරුවේ දැක්වෙන්නේ එලෙස මී මැස්සන් දෙදෙනෙකු මලක නිදා සිටින ආකාරයයි. නමුත් මෙහි වඩාත් විශේෂම දේ නම් මේ මී මැස්සන් දෙදෙනා එකිනෙකාගේ කකුල් දෙක වැලදගෙන සිටීමයි.

මෙය බොහෝ විට මී මැස්සන් විසින් සිදුකරන ක්‍රියාවක් වන අතර ඔවුන් එසේ සිදු කරන්නේ උණුසුම රදා පවත්වා ගැනීමට බවයි වාර්තා වන්නේ. නමුත් මෙය ඉතාමත් කලාතුරකින් කැමරා කාචයක සටහන් වන දෙයක්.
281 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:54
ओपन / कमेंट
2022-06-22 15:53:56
කොහේ ගියත් පොඩ්ඩො නම් අඩුවක් නෑ
287 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:53
ओपन / कमेंट
2022-06-22 15:53:15 පහුවදා ඉතින් අර බස් එක එනකම් බලාගෙන ඉඳලා ඒ ගහපු වතුර ටික ඒ ගොල්ලන්ටම ආපහු දුන්නා සබන් ගෙදර ගිහින් ගාගන්න කියල.

ඔය වගේ සිද්ධි නම් කෙලවරක් නෑ. කෙල්ලො කොල්ලො අපි ඔක්කොම එකට ඉගෙන ගත්තා, එකට කෑව බිව්වා, විහිලු කලා, තරහ වුනා ගෑණු පිරිමි කියල වෙනසක් නැතුව. ලව් හුටපට? ඒවත් අතරින් පතර නොතිබුනා නෙමෙයි. ඒත් ගෙදර සහෝදර සහොදරියන් තරමටම කිට්ටු බැඳීමක් තියෙනකොට ඕව ලොකුවට හිතට ආවෙත් නෑ කවුරු හරි එක්ක යාලුවෙන්න ඕනෙමයි කියල. අදටත් කොහේ දැක්කත් "අපි මචන්" ලෙවල් එකෙන් තමයි ඉන්නෙ. තාමත් ඉඳහිට කට්ටියම කොහේ හරි හම්බවෙලා පාටියක් එහෙම දානවා.

අපිත් පිරිමි ලමයි විදියට ඒ කාලෙදිම ඉගෙනගත්තා ගෑණු ලමයින්ගේ ඒ වයසේ සිතුම් පැතුම් කොයි වගේද, ඒ අයට ගරු කරන්නේ කොහොමද, ගෑණු ලමයෙක්ට පිරිමි ලමයෙක්ගෙ ආරක්ෂාව අවධානය ඕනෙ වෙන්නේ මොන වෙලාවටද, ගෑණු ලමයෙක් ඉස්සරහා පිරිමි ලමයෙක්ගෙ සීමාව කොතැනද, ඕනෙම දෙයක් ගෑණු ලමයෙක්ව අපහසුතාවට පත්කරන්නෙ නැතුව ඒ ගොල්ලෝ ඉස්සරහා කියන්නේ කොහොමද කියල. එයාල අපිට දුන්න ඇලර්ට් හින්දා සමහර ලොකු වැරදි වලින් නූලෙන් බේරුණ වෙලාවලුත් තිබුනා. කොටින්ම කිව්වොත් ගෑණු ලමයි හින්දා මික්ස් ස්කූල් ගිය අපි සංවර වුනාද මන්දා. (මික්ස් ස්කූල් නොගිය අය අසංවරයි කියනව කියල හිතන්න එපා ඔන්න වැරදිලාවත්).

මික්ස් ස්කූල් ගිය අපිට ගෑණු ලමයි අරුමයක් නොවුනේ අන්න ඒ නිසා. ඒ අයටත් පිරිමි ලමයි ගැන අමුතු හැඟීමක් තිබුනේ නෑ කියල මට හිතෙනවා. ගොලු හදවත ෆිල්ම් එකේ දම්මි සුගත්ලාගේ ආදර කතාවලටත් වඩා ගොඩක් සුන්දර කතා අපේ මික්ස් ස්කූල් එකේ අරලිය ගස් යට තිබුනා.

මික්ස් ස්කූල් ගිය, නොගිය අයගේ අදහස් ටිකක් දැනගන්නත් කැමතියි ඉතින්.

(ඡායාරූපය අන්තර්ජාලයෙන්)
287 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:53
ओपन / कमेंट
2022-06-22 15:53:15 මික්ස් ස්කූල්වල ගෑණු ලමයි සහ පිරිමි ලමයි..

බඳින්න කලින් අපි යාලුවෙලා ඉන්න කාලෙදි වයිෆ් මගෙන් දවසක් අහනවා "දැන් ඔය මික්ස් ස්කූල්වල ගෑණු ලමයි පිරිමි ලමයි එකටම ඉන්න නිසා අනවශ්‍ය සම්බන්ධකම් එහෙම හරියට ඇතිනේ?.." කියලා. අහක බලාගෙන නිකම් වැඩකටනැති දෙයක් වගේ ඇහුවට ඕව නිකමට අහන දේවලුත් නෙමෙයි කියල මම නොදන්නවයැ. මොකද මම ගියේ මික්ස් ස්කූල් එකකට. එයා ගිහින් තියෙන්නේ ගර්ල්ස් ස්කූල් එකකට. ජොලියටත් එක්ක මම දුන්න අප්සෙට් යන විදිහේ බොරු උත්තරයක්.

"නැතුව ඉතින්.. මගුල් සක්වල වගේ තමයි.. බලන බලන අත ගෑණු ලමයිනෙ.. ඒ ලෙවල් ක්ලාස් එකේ මගේ එහා පැත්තේ ඩෙස්ක් එකේ හිටියෙත් ලස්සන ගෑණු ලමයෙක් තමයි.."

"ආ ඇත්තද.. ඔය එන්නෙ ටික ටික එලියට මම දන්නැති දේවල්.. මටනම් වැඩක් නෑ ඔයාගෙ පරණ කතා.. මම මේ නිකමට ඇහුවෙ.." කිව්වට එයා අප්සෙට් වගේ ටිකක්.

"දැන් ඉතින් කෝ ඒ එහා පැත්තේ හිටපු ගෑණු ලමයා..?" ඔන්න පත්තුවුනා ටික වෙලාවකින්.

"ඒව දැනට ටික කාලෙකට කලින් ඉවර වුනා බබා.." මම හෙන සීරියස් විදියට කිවුවා.

"ෂුවර්ද?.. බලමුකෝ එහෙනම්.. ඔන්න අපේ ලමයිනම් මික්ස් ස්කූල්වලට යවන්නෙ නෑ හරිද.." දැන් ඉතින් ඕක හිතේ තියන් සෑහෙන කාලයක් ඉන්න පාටයි. මම කියපු ඒ ගෑණු ලමයා අපි බඳින දවසෙ පෝරුව ලඟට බඩකුත් උස්සගෙන එයි කියල බය වුනාද දන්නෙ නෑ.

මම ඒ ලෙවල් ප්‍රයිවෙට් ක්ලාස් යන කාලෙ අපේ සෙට් එකේ කොළඹ ඉස්කෝලවල කොල්ලො එකතුවක් හිටියා. ගොඩක් එවුන් පිරිමි ලමයි විතරක් ඉන්න බෝයිස් ස්කූල් වල. උන්ට මික්ස් ස්කූල් යන අපි වගේ උන් නිකම් අමුතුයි වගේ. එකෙක් මගෙන් දවසක් අහනවා මෙහෙම.

"මේ.. උ‍‍ඹලගේ ඉස්කෝලෙ ගෑණු ලමයි ඉන්නව නේ?.."

"ඔව්.. ඇයි අහන්නේ.."

"නෑ නිකම්.... ශෝක් නේ.. හී.. හී.." ඌට කිචි වගේ.

"ශෝක් තමයි.. ඉතින් උ‍ඹත් වරෙන් අපේ එකට.. මොකටද ඕකෙ වේලෙන්නෙ.."

"අපේ අම්මයි තාත්තයි කැමති නෑනෙ මික්ස් ස්කූල්වලට.." මිනිහට හරි පසුතැවිල්ල. අම්මායි තාත්තායි අකමැතියි, පුතා කැමතියි. මාර වැඩේ.

මගේ නංගිත් ගියේ ගර්ල්ස් ස්කූල් එකකට. එයා ඕ ලෙවල් කරන කාලෙ ඒ ඉස්කෝලෙට ඒ ලෙවල් කරන පිරිමි ලමයි වගයක් ඇවිල්ල මොනව හරි තරඟෙකට. ගෙදරට ආව එයාගෙ යාලුවොත් එක්ක ඔය ගැන උඩ පැන පැන කාමරේට වෙලා කරපු කතාව මට හෙමිහිට ඇහුන. එක්කෙනෙක් උසයි හැන්ඩ්සම්ලු. සුදු යුනිෆෝම් එකට හින්දි නලුවෙක් වගෙයිලු. තව එක්කෙනෙක් හරි චබී බට් කියුට්ලු. අනිත් එවුනුත් හරි ඩීසන් පාටයිලු. ඔන්න ඔය වගේ කතා. එයාගෙ යාලුවොත් ඕක අහන් හිටියේ වෙන සක්වලකින් මේ ලෝකෙට ආව අමුතුම ජීවීන් ගැන කියන විස්තරයකට ඇහුම්කන් දෙනව වගේ පුදුම වෙවී. ඒ කොල්ලො ටික උන් ගැන කරපු වර්ණනාව ඇහුනනම් අඩි ගානක් උඩින් යනවා.

හොඳටම උණ හැදිලා ඉස්කෝලෙ ආව අපේ පංතියේ හිටපු ගෑණු ලමයෙක්ට දවසක් ෆිට් එක වගේ හැදුනා එකපාරටම. එයා වටේ හිටපු කෙල්ලො ටික බයවෙලා කෑගහනකොට තුන්වෙනි තට්ටුවේ තිබුන අපේ පංතියේ ඉඳන් ඒ ලමයව උස්සගෙන පඩිපෙලේ දුවගෙන සෞඛ්‍යදාන කාමරයට විනාඩි දෙකෙන් අරන් ආවෙ මමයි තව කොල්ලො තුන්දෙනෙකුයි. ඔය කතාව අහපු අපේ බෝයිස් ස්කූල් වලට ගිය ටියුෂන් කොල්ලො සෙට් එකටත් ෆිට් එක හැදෙන්න ගියා ගෑණු ලමයෙක් කරේ තියන් පඩිපෙලේ ගියා කියල කිව්වම.

මික්ස් ස්කූල් ගිය අපිට ගෑණු ලමයි පෙනුනේ කොහොමද? මට හිතෙන විදියට කොල්ලො කලිසම් ඇන්දා කෙල්ලො ගවුම් ඇන්දා. එච්චරයි වෙනස. ඉස්කෝලෙ කාලෙ කොල්ලො කරපු නසරානි වැඩවලින් බාගයකටම වගේ උනුත් සම්බන්ධයි අඩුම තරමෙ ටීචර් කෙනෙක් එනවද කියලා ඔත්තුවක් හරි බලලා.

හිස් පීරියඩ් එකේ ඒ කාලෙ හුණු කොට්ටෙන් ගහගන්න එක අපි කැමතිම සෙල්ලමක්නෙ. කෙල්ලො කොල්ලො කියල නෑ අහුඋන එකාට දමල ඇරියා. හැම එකාම සුදුපාටයි, සොම්බිලා වගේ. දවසක් කොට්ට සෙල්ලම යනකොට හුණු කොට්ටෙ එකෙක්ගෙ අතින් වැරදිලා ගිහින් කොරිඩෝ එකේ ඇවිදගෙන ආපු සිංහල සර්ගෙ පිටේ වැදුනා ඩෝං ගාලා. සර් හිතුවේ ඒක එයාට ගහපු පාරක් කියල. හො‍ඳටම තරහ ගිය සර් පංතියට ඇවිත් කිවුවෙ ගහපු එකාට ඉදිරිපත් වෙන්න කියල වහාම. කොල්ලො එකෙක්වත් සද්දයක් නැති තැන සර් "හරි.., කොල්ලන්ටනේ කියන්න බැරි.. ගිහින් ප‍ංතිය ඉස්සරහා දණ ගහගනිල්ලා.. මම ගෑණු ලමයින්ගෙන් අහගන්නම්.." කියල කොල්ලන්ට පනිෂ්මන්ට් එක දුන්නා. අපි දණගහගෙන ඉන්නවා දැන් සර් ගෑණු ලමයින්ගෙන් නම අහගෙන අදාල කෙනා හොයන් එයි කියල හිතන්. මෙන්න ටික වෙලාවකින් කෙල්ලො සෙට් එකත් ඇවිත් අපිත් එක්ක දණ ගැහුවා එතැනම. බලනකොට උනුත් අපිව පාවල දීල නෑ. ප‍ංතියම එදා දවසම දණගහගෙන එකටම පරිප්පුව කෑව.

තවත් දවසක් අපිත් එක්ක එකට ඉගෙන ගත්ත ගෑණු ලමයෙක් බස් එක එනකම් හෝල්ට් එකේ ඉන්නකොට ස්කූල් බස් එකක ගිය කොල්ලො සෙට් එකක් අර ගෑනු ලමයට වතුර පුරවපු ශොපින් බෑග් දෙක තුනකින් ගහල. වතුරෙන් නෑවිච්ච ඒ කෙල්ල බයටයි ලැජ්ජාවටයි පාරෙ හොඳටම අඬනවා ඇවිද ගන්න බැරි තරමට ඇ‍ඳුම් ඇඟටම ඇලිල නිසා. ඕක දැකපු අපේ කොල්ලො සෙට් එක ඒ ලමයව වටකරගෙන තවත් ගෑණු ලමයෙක් එක්ක ඉස්කෝලෙට ආපහු අරගෙන ආවා. අඳුනන ල‍ඟ ගෙදරකින් ඇඳුම් හොයාගෙන ඇවිත් ඒ ගෑණු ලමයට දීල එයාව ගෙදරටම ගිහින් දැම්මෙ කොල්ලො ටික.
273 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:53
ओपन / कमेंट
2022-06-22 15:52:49
292 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:52
ओपन / कमेंट
2022-06-22 15:52:39 ඔසී එක්ක සීරීස් එකක් දිනනකොට ප්ලේයර්ස්ලාට , දැන් ඉන්න කෝචින් ස්ටාෆ් එකට SLC එකට අනිවාර්යයෙන්ම ලොකු ක්‍රෙඩිට් එකක් යනවා..
හැබැයි හතරගාතේ දාලා තිබුණ ටීම් එකක් , ෆිට්න්ස් ඉශූස් කෝටියක් තිබුණ ටීම් එකක් කෙලින් කරලා අරගෙන ටීම් එක මේ වෙනකන් ගෙනාව මනුස්සයා විදියට මට මතක් උනේ මිකී ආතර්ව... මිකී එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් එක මොන ප්‍රශ්න තිබුණද ප්ලේයර්ස්ලා අව්ල් තිබුණද මම දන්නේ නෑ.
හැබැයි මිකී එනකොට ලිමිටඩ් ඕවර්ස් ෆෝමැට් එකේ ස්ටාර් ප්ලේයර්ස්ලා කියලා කිසිම කෙනෙක් නැතුව හිටපු ටීම් එකක් අවුරුදු 02 ක් යනකොට ප්ලේයර්ස්ලා 5 ක් විතර IPL යන මට්ටමට හදලා රෑන්කින්ස් වල ප්ලේයර්ස්ලා ඉස්සරහින් ඉන්නකොට අවංකවම මේ මනුස්සයා අදත් කෝච් වෙලා හිටියා නම් කියලා හිතුනා..මේක මට හිතුන දෙයක් විතරයි..
Thank You Mickey For Everything
(Credit goes to respective owner)
294 viewsS.A.අබේසිංහ -AHT/5816, 12:52
ओपन / कमेंट