Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 51

2022-05-12 15:20:51 අපි ගැහුවොත් තමයි එයාල අපිට ගහන්නේ

(සර්ප කූඩුවක ජීවත් වූ මිනිසා)

සතෙක් වුනත් අපිට කරදයක් කරන්නේ අපි ඒ සතාව තර්ජනයකට නතු කරොත් විතරයි.ඒ බව ඔප්පු කරපු කෙනෙක් තමයි "නිලීම් කුමාර් කයිරේ" කියන්නේ.

1982 අවුරුද්දේ ඒ වන විට තරුණ හාදයෙක් වුන නිලීම් කුමාර් කරන්නේ හරිම අවධානම් වැඩක්.අපි කිසිම කෙනෙක් හීනෙන්වත් කරන්න උත්සාහය නොකරන මාදිලියේ වැඩක්.

ඉන්දියාවේ පූනේහි බී.ජේ.වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේ ඉදිකරපු වීදුරු කුටියක ඔහු පැය 72ක්, ඒ කියන්නේ පුරා දින තුනක් ගත කරනවා.ඒත් තනියම නෙමෙයි.ඉන්දියාවෙ ඉන්න විශඝෝරම සර්පයන් 72 දෙනෙක් එක්ක.
නාගයින් 33ක්, තිත් පොළඟුන් 24ක්, කරවලුන් 8ක් ඒ අතර සිටියා.
තුන්වෙනි දවස අවසානයේ නිලීම් කුමාර් සර්පයෝ පිරුනු වීදුරු කුටියෙන් එලියට ආවේ එකම එක සර්ප දශ්ඨනයක්වත් නැතුව ඇතුලට ගියා වගේම සාමාන්‍ය විදියට.වැඩිම කාලයක් සර්පයන් සමග මේ විදියට කුටියක හිඳීම ලෝක වාර්තාවක් වෙලා නිලීම් කුමාර්ගේ නම ඉස්සරහින් ලියවුනා.එයින් හම්බුන ආරමුදල් වලින් නිලීම් කුමාර් සර්පයන් සංරක්ෂණය කිරීම අරමුණු කරගෙන සර්ප උද්‍යානයේ පටන් ගත්තා.
"රජිව් ගාන්ධි සත්වෝද්‍යානය" කියලා අද හඳුන්වන එහි සර්ප සහ උරග විශේෂ 160ක් විතර මේ වෙද්දි සමාදානෙන් ජීවත් වෙනවා.

නිලීම් කුමාර් මේකෙන් ඔප්පු කලේ සර්පයෙක් වුනත් අපෙන් තර්ජනයක් ඇතිවන තාක් කල් අපිට තර්ජනයක් නොවී එයාලගේ පාඩුවේ ඉන්න බව.අපි ස්වභාවධර්මයට ආදරය කරන තාක් කල් ස්වභාවධර්මයත් අපිට ආදරය කරයි.අපි තර්ජනයක් වුන දාට එයත් එයාගෙ පැත්තෙන් යුද්ධෙ ප්‍රකාශ කරයි.

සංකල්ප ගුණතිලක | 11-05-2022
413 viewsS.A. අබේසිංහ, 12:20
ओपन / कमेंट
2022-05-12 15:20:48
395 viewsS.A. අබේසිංහ, 12:20
ओपन / कमेंट
2022-05-12 15:20:40 ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් සහ ලෝක හෙද දිනය

හෙද සේවය සඳහා අමරණීය සේවාවක්‌ ඉටු කළ එමෙන්ම එය වර්තමානයේ පවතින ආකාරයට ක්‍රමවත් ආකාරයට ක්‍රමවත් හා විද්‍යාත්මක පදනමකින් ලොව පුරා ස්‌ථාපිත කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් "ෆ්ලොරන්ස්‌ නයිටිංගේල්" මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් 1820 මැයි මස 12 වන දින ඉතාලියේ ෆ්ලොරන්ස්‌ නගරයේදී උපත ලැබුවාය. ධනවත්, වංශවත් ඉංගී්‍රසි ජාතික විලියම් එඩ්වර්ඩ් හා ප්‍රාන්සස්‌ ස්‌මිත් යුවළට දාව ඇය උපන්නේ ඇගේ දෙමාපියන් ඉතාලියේ තාවකාලිකව පදිංචිව සිටියදී ය. ඉන්පසුව ඇය එංගලන්තයේ ඩර්බිෂයර්, හැම්ප්ෂයර් හා ලන්ඩනයේද වැඩුණාය. ඇගේ දෙමාපියෝ ඇයට හොඳින් අධ්‍යාපනය ලබා දුන්හ. හෙද විදුහලක ඉගෙන ගැනීමට ඇය දැඩි කැමැත්තක්‌ දැක්‌වුවද දෙමව්පියන්ගෙන් ඊට අනුබලයක්‌ නොලැබුණි.

පසුව ඇය යොමු කරවනු ලැබුවේ පාර්ලිමේන්තු වාර්තා පිළිබඳ අධ්‍යයනය කිරීමට වුවද එතුළින් ද වසර තුනක දී මහජන සෞඛ්‍ය හා ආරෝග්‍යශාලා පිළිබඳ මනා දැනීමක්‌ ලබා ගත්තාය. ඇය දෙමව්පියන්ගේ විරෝධතාවය ද නොතකා එංගලන්ත හා ආශ්‍රිත යුරෝපීය රටවල ආරෝග්‍ය ශාලාවලට ගොස්‌ රෝගීන්ට උපස්‌ථාන කිරීමට කටයුතු කළාය. ඉන් වසරකට පසුව ඇය එම ආයතනයේදීම හෙද පුහුණුව ලැබුවාය. පසුව 1853 දී ලන්ඩනයේ රෝගාතුරව සිටි ඉහළ පෙළේ කාන්තාවක්‌ දැක බලා ගැනීම සඳහා වන ආයතනයේ අධිකාරිනිය ලෙස ඇය පත්කරන ලදි. මේ අතර 1834 මාර්තු 24 වනදින රුසියාව හා තුර්කිය අතර යුද්ධය ආරම්භ විය. ක්‍රිමියන් අර්ධද්වීපයට බලයෙන් ඇතුළු වූ රුසියාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සමග එක්‌වූ තුර්කිය යුද ප්‍රකාශ කිරීමෙන් මෙම යුද්ධය ඇරඹිණි. මේ සටනේදී තුර්කි මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ හමුදා භටයන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් ශල්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් නොවීය. මේ පිළිබඳවත් රෝගීන්ට අවශ්‍ය ලිනන් රෙදි නොමැතිවීමෙන් සතියක්‌ පමණ ගත වනතුරුත් සමහරුන්ට ප්‍රතිකාර නොලැබීම පිළිබඳවත් එංගලන්ත ටයිම්ස්‌ පුවත්පතේ තොරතුරු පළවිය.

එය දුටු ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් ඒ පිළිබඳව බලවත් කම්පාවට පත්ව හෙද කණ්‌ඩායමක්‌ ක්‍රිමියාවට ගෙන යැමට අවසර පැතුවාය. ඇගේ සාත්තු සේවය පිළිබඳව අවබෝධයෙන් සිටි එවකට යුද හමුදා ලේකම් ධුරය දැරූ සිඩ්නි හර්බට්‌ මහතා ද ඒ සඳහා ඇගේ සහය පැතූ අතර තුර්කියේ ස්‌කුටාරි හි හමුදා රෝහල්වල හෙදියන්ගේ ප්‍රධානියා ලෙස ඇය පත් කරනු ලැබුවාය. 1854 නොවැම්බර් මාසයේ දී ඇය තුර්කියේ කොන්ස්‌තනහිතිනෝපල් නගරයට (දැන් අගනුවර වන ඉස්‌තාන්බුල් නගරය) පැමිණෙන විට යුද්ධය ඇරඹී මාස ගණනක්‌ ගත වී තිබූ අතර රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ඉතා අපිරිසිදු තත්ත්වයක පැවතිණි. එහි ආහාර හා ඖෂධ හිඟයක්‌ ද විය. කෙසේ වෙතත් තවත් හෙදියන්a 38 ක්‌ ද සමඟ පැමිණි මෙම කාන්තාව කෙරෙහි රෝහල් බලධාරීහු යහපත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වූහ. ඉන් අධෛර්යට පත් නොවූ ඇය තම පෞද්ගලික මුදලින් ලන්ඩන්හි පුවත්පත් අරමුදලින් ලද මුදල්වලින් රෝහලට අවශ්‍ය ආහාර හා බෙහෙත් ආදිය මිලදී ගෙන තම සේවය ඇරඹීය. වේගයෙන් පැතිරී ගිය බෝවන රෝග හේතුවෙන් ඉඩකඩ මදි වූ රෝගීන් සඳහා තම මුදල් වැය කර තුර්කි කම්කරුවන් ලවා රෝහලට අලුත් ගොඩනැඟිල්ලක්‌ ඉදිකර දීමට ද ඇය කටයුතු කළාය. මෙලෙස ඇය රෝහලේ සාත්තු සේවා කටයුතු බාර ගැනීමෙන් පසු ක්‍රමවත් රෝගී සාත්තුවක්‌ හා සංවිධානාත්මක සාත්තු සේවාවක්‌ ස්‌ථාපිත වූ අතර යුද සෙබළුන් විශාල වශයෙන් මියයැම ද පහත වැටුණි. ලොරන්ස්‌ තම කුඩා කණ්‌ඩායම සමග දිනකට පැය 20 ක්‌ පමණ රෝහලේ ගත කරමින් රෝගීන්ට උවටැන් කළාය. රාත්‍රි කාලයේදී ලන්තෑරුමක්‌ ද රැගෙන යමින් රෝගීන්ගේ තත්ත්වය සොයා බැලූ ඇය එහි සිටි සෙබළුන් විසින් හැඳින්වූයේ "ලාම්පුවක්‌ රැගෙන යන කාන්තාව" යන සෙනෙහෙබර වදනිනි. වසර දෙකක පමණ කාලයක්‌ එම රෝහලේ සේවය කිරීමෙන් ඇයට යුද භටයන් විශාල පිරිසකගේ ජීවිත රැක දීමට හැකි විය.

පසුව, නැවත බ්‍රිතාන්‍යයට පැමිණි ඇය එරට වැසියන්ගේ ගෞරවාදරයට පත් වූ අතර සිදුකළ සේවය වෙනුවෙන් පවුම් දස දහසක්‌ ද ප්‍රදානය කෙරිණි. නමුත් එම මුදල පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගැනීම ප්‍රතික්‍ෂේප කළ ඇය එය ආරෝග්‍යශාලා අරමුදලක්‌ සඳහා යොදවනු ලැබීය. තම සේවා කාලය තුළදීම හෙදකම පිළිබඳ පත පොත ලියා පළ කළ ඇය 1860 වර්ෂයේදී ලන්ඩන්හි ශාන්ත තෝමස්‌a රෝහලට අනුබද්ධව නයිටිංගේල් හෙද විදුහල ද ලිවර්පූල් නගරයේදී ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව ද ආරම්භ කළාය. ඇගේ හෙද සේවය පිළිබඳව සටහන් ග්‍රන්ථයක්‌ එම වසරේදීම ප්‍රකාශයට පත් විය. පසු කලෙක එනම් 1907 වර්ෂයේදී ඇයට බ්‍රිතාන්‍ය රජයෙන් ගෞරව ගුණ සමරු නාමයක්‌ ප්‍රදානය කෙරිණි.

ලොවට අනුපමේය සේවයක්‌ කළ නයිටිංගේල් ජන්ම දිනය "ජාත්‍යන්තර හෙද දිනය" ලෙස නම් කිරීමට 1899 දී පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර හෙද කවුන්සලය විසින් තීරණය කරන ලදුව එතැන් පටන් සෑම වසරකදීම මැයි මස 12 වැනි දින ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබයි.

divaina
උපුටන ඉන්දු අබේනායක ගෙන්
372 viewsS.A. අබේසිංහ, 12:20
ओपन / कमेंट
2022-05-12 15:20:33
387 viewsS.A. අබේසිංහ, 12:20
ओपन / कमेंट
2022-05-12 12:06:09
437 viewsS.A.අබේසිංහ -AHT/5816, 09:06
ओपन / कमेंट
2022-05-12 08:57:01
463 viewsRashmi Wanasinghe, 05:57
ओपन / कमेंट
2022-05-12 05:00:47
502 viewsS.A. අබේසිංහ, 02:00
ओपन / कमेंट
2022-05-12 05:00:40 එක් පුරවැසියෙක් "බිත්තර පෙට්ටියක්" මිලදී ගැනීමට ගොස් විකුණන්නාගෙන් මිල විමසූ විට, මිල සාමාන්‍ය අගයට වඩා වැඩි බව ඔහු දුටුවේය, එබැවින් ඔහු විකුණුම්කරුගෙන් ඇසුවේ ඇයි!?
ඔහු පිළිතුරු දුන්නේ බෙදාහරින්නන් මිල වැඩි කර ඇති බවයි!
පුරවැසියා නිශ්ශබ්දව "බිත්තර පෙට්ටිය" ගෙන වචන සමඟ එය නැවත ඔහුට ලබා දුන්නේය:
මට බිත්තර අවශ්‍ය නැහැ, මට බිත්තර නොමැතිව ජීවත් වෙන්න පුළුවන්.
උද්ඝෝෂණ සහ වැඩ වර්ජන නොමැතිව සියලුම පුරවැසියන් කළේ එලෙසයි, නමුත් මෙය මිනිසුන්ගේ සංස්කෘතිය විය!
ජනතාව බ්ලැක්මේල් කිරීමට සමාගම් පිළිගත්තේ නැත.
සතියක් යන්නට මත්තෙන් සමාගමේ සේවකයන් ගබඩාවලට බිත්තර ලබාදීමට පැමිණියද, කිසිවකු පරණ බිත්තර තොගය මිලදී නොගත් නිසා පාර්භෝගිකයින් ඒවා ගැනීම ප්‍රතික්ෂේප කළහ!
කෙසේවෙතත්, සමාගම් මුරණ්ඩු වූ අතර මිල නිවැරදි කළේ නැත, විරෝධතා දින කිහිපයකින් අවසන් වන අතර මිනිසුන් සාමාන්‍ය බිත්තර මිලදී ගැනීම් වෙත ආපසු එනු ඇතැයි විශ්වාස කළහ.
නමුත් මිනිසුන් ද මුරණ්ඩු වූ අතර, බිත්තර වර්ජනය කරන ලද අතර සමාගම් විශාල ලෙස පාඩු ලැබීමට පටන් ගත්හ!
නිෂ්පාදනය නැවැත්විය නොහැකි නිසා තොග එකතු විය!
පශු සම්පත් සමාගම්වල හිමිකරුවන් රැස්වී බිත්තර මිල පෙර මිලට ලබා දීමට තීරණය කළහ!
කෙසේ වෙතත්, වර්ජනය අඛණ්ඩව සිදු කර ඇත.
සමාගම් බංකොලොත් බව පාහේ ප්‍රකාශ කළ අතර, එබැවින් ඔවුන් නැවත හමුවී මාධ්‍ය හරහා ජනතාවට නිල සමාව යැවීමට තීරණය කර ඔවුන්ගේ පෙර වටිනාකමින් හතරෙන් එකක මිල නිවැරදි කිරීමට තීරණය කළහ.
මෙය එක් කතාවකි..,
අපට ජනතාව වශයෙන් ඕනෑම භාණ්ඩයක මිල අඩු කිරීමට හෝ වැඩි කිරීමට හැකිය.
උද්ඝෝෂණයකින් හෝ වර්ජනයකින් තොරව අපගේ කැමැත්තට පමණි.
අපට අවශ්‍ය වන්නේ කුඩා කැමැත්තක්, සංස්කෘතියක් සහ අධිෂ්ඨානයක් පමණි.

උපුටා ගැනිමකී
487 viewsS.A. අබේසිංහ, 02:00
ओपन / कमेंट