Get Mystery Box with random crypto!

🔰ගෝත්‍රිකයෝ🔰

टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
टेलीग्राम चैनल का लोगो turning_point21 — 🔰ගෝත්‍රිකයෝ🔰
चैनल का पता: @turning_point21
श्रेणियाँ: प्रौद्योगिकियों
भाषा: हिंदी
ग्राहकों: 2.12K
चैनल से विवरण

වල් වැදුනු සමාජයේ ටෙලිග්‍රෑම් විමසුම
(ලිදෙන් එපිට)
මිනිසා දියුණු වී නැත තාක්ෂණය මිනිසා මතින් දියුණු වී ඇත
තාක්ෂණය දැනටද පිළිලයක් ලෙසින් මිනිසා වැලද ගනී.එයින් ඔබ්බට යාමට කැමති ඔබට ගෝත්‍රිකයෝ පිදේ.
Contact owner @Abeysinghe_2K
Owr bot @article_guide_bot

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


नवीनतम संदेश 5

2022-06-21 20:19:04
359 viewsS.A.අබේසිංහ -AHT/5816, 17:19
ओपन / कमेंट
2022-06-21 18:42:41
ටිකක් මාත් වගේ
408 viewsS.A.අබේසිංහ -AHT/5816, 15:42
ओपन / कमेंट
2022-06-21 18:41:26
391 viewsS.A.අබේසිංහ -AHT/5816, 15:41
ओपन / कमेंट
2022-06-21 18:40:46
උසස් පෙළ සිංහල සියලුම ව්‍යාකරණ හා සාහිත්‍ය පාඩම් වලට අදාළ අංග සම්පූර්ණ සටහන් සමගින් එම පාඩම් වලට අදාළ VIDEOS සහ AUDIOS ලබාගැනීමට පහතින් පිවිසෙන්න.

A/L සිංහල කුප්පිය
260 viewsS.A. අබේසිංහ, 15:40
ओपन / कमेंट
2022-06-21 13:32:33 මේ උදාවී ඇත්තේ ස්වරණමය යුගයකි.

මන්ද යත් කන කර උගස් කර කෑමට සිද්දුවී ඇත
ජය වේවා
197 viewsS.A.අබේසිංහ -AHT/5816, 10:32
ओपन / कमेंट
2022-06-21 08:48:51
301 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:48
ओपन / कमेंट
2022-06-21 08:45:16
දරුවෙක්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරුව ළමයි හදලා, ගංඟාවලට අතාරින්නයි Fb ඇඩ් දාන්නයි එපා..

උපුටාගැනීමකි
294 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:45
ओपन / कमेंट
2022-06-21 08:45:05 ජෝර්ජ් සිය ව්‍යාපාරයේ සිට වර්තමාන සිදුවීම් සහ දේශපාලනය දක්වා සෑම දෙයක් ගැනම පැහැදිලි මත දැරූ නමුත්, යම් හේතුවක් නිසා ඔහුගේ තරුණ කාලය ගැන කතා කිරීමට පසුබට විය. තමන්ට ඉතාලියෙන් පිටව ඇමරිකාවට පැමිණීමට මුල්වූ සිදුවීම් පිළිබඳව ඔහු කිසිවිටෙක සඳහන් කලේ නැත.

මතු සම්බන්දයි

අතුරුදහන් වූ සෝඩර් දරුවන්. වමේ සිට: මොරිස්, මාර්තා, ලුවී, ජෙනී, බෙටී
254 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:45
ओपन / कमेंट
2022-06-21 08:45:05 අතුරුදන් වූ සොර්ඩර්ස් දරුවෝ - 1 කොටස

බටහිර වර්ජිනියාවේ ෆයෙටෙවිල් අසල මාර්ග අංක 16 ඔස්සේ ගමන් කරන ඕනෑම කෙනෙකුට දශක හතරක් පුරා නොවෙනස්ව පවතින විශාල දැන්වීම් පුවරුවක් දැකගත හැකිය. එය අතුරුදන් වූ සිය දරුවන් වූ 14 හැවිරිදි මොරිස් (Maurice)12 හැවිරිදි මාර්තා , නව හැවිරිදි ලුවී, , 8 හැවිරිදි ජෙනී, , පස් හැවිරිදි බෙටී පිළිබඳව විස්තර සහිතව, ඔවුන්ව සොයාදෙන ලෙස ඉල්ලා මාපියන් විසින් පළකර ඇති දැන්වීමකි
1945 නත්තලට පෙර දින රාත්‍රියේ ජෝර්ජ් සහ ජෙනී සොඩර් සහ ඔවුන්ගේ දරුවන් 10 දෙනාගෙන් නව දෙනෙකු නින්දට ගියත් (හමුදාවේ සේවය කල එක දරුවෙකු සිටියේ නිවසින් බැහැරවය) රාත්‍රියේ ඇතිවූ අවාසනාවන්ත ගින්නෙන් ඉතුරු වූයේ දෙමව්පියන් සමග දරුවන් හැර දෙනෙක් පමණි. දැන්වීමේ සඳහන් වන අනෙක් දරුවන් පස් දෙනාට සිදුවූ දේ අදටත් අභිරහසකි

ගිණි ගන්නා නිවසින් එලියට පැමිණීමට හැකි වුවද තවමත් සිය දරුවන් සමහරක් නිවසේ ගින්නට කොටුවී ඇති බව වැටහුණු ජෝර්ජ් ජනේලයක් කඩා නැවත නිවසට ඇතුල් විය. මෙහිදී ඔහු විසින් විසිත්ත සහ කෑම කාමරය, මුළුතැන්ගෙය, කාර්යාලය සහ ඔහුගේ සහ ජෙනීගේ නිදන කාමරය, පහළ මාලයේ සියලුම කාමර පරික්ෂා කලද දුමාරයෙන් සහ ගින්නෙන් ඔහුට කිසිවක් පැහැදිලිව දැකගත නොහැකි විය. ඔහු දැනසිටි එකම දේ වූයේ 17 හැවිරිදි මේරියන් සහ පුතුන් දෙදෙනෙකු වන 23 හැවිරිදි ජෝන් සහ 16 හැවිරිදි ජෝර්ජ් (කනිෂ්ට)ු මෙන්ම ඔවුන්ගේ නිදන කාමරයේ තොටිල්ලේ සිටි 2 හැවිරිදි සිල්වියා පිටත ආරක්ෂිතව සිටි බවයි. මොරිස්, මාර්තා, ලුවී, ජෙනී සහ බෙටී නිවසේ නිදන කාමර වල කොටුවී සිටින බවට ඔවුන්ගේ පියා අනුමාන කළේය. නමුත් මේ නිදන කාමර වලට යාමට තිබූ කොරිඩෝව මෙන්ම පඩිපෙළ ගිනිජාලා වලින් ආක්‍රමණය කර තිබූ හෙයින් ජෝර්ජ් නැවත නිවසින් පිටතට දිව ගියේ පිටතින් හෝ මෙම කාමර වලට ඇතුළු වීමට මගක් පාදා ගැනීමටය

උඩුමහලේ ජනේල හරහා ඔවුන් වෙත ළඟා වීමට බලාපොරොත්තුවෙන් දිව ගිය ජෝර්ජ් ට , ඔහු විසින් සෑම විටෙකම නිවසට පිටතින් එල්ලා තිබූ ඉනිමග සොයාගැනීමට නොහැකි විය. අනතුරුව මිදුලේ නවතා නිබු ගල් අඟුරු ප්‍රවාහනයට යොදාගන්නා විශාල ට්‍රක් රථයක් නිවස අසලට ධාවනය කොට එහි වහල මතින් උඩුමහලේ ජනේල වෙත ලඟා වීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ , පෙරදින ඉතාමත් හොදින් ක්‍රියා කල ට්‍රක් රථය ක්‍රියාත්මක නොවුණු නිසාය. වර්ෂා ජලය එකතු කොට තිබූ බැරලය අධික ශීතල නිසා මිදී තිබිණි. තම දරුවන් පස් දෙනෙකු , ගිනි ගන්නා නිවසේ සිරවී සිටි බව දැන සිටියද , ඔවුන්ගේ නම් වලින් කෑ ගැසීම හැර වෙන යමක් සිදු කිරීමට ජෝර්ජ් අපොහොසත් විය

ඔහුගේ දියණිය මේරියන් විසින් අසල්වැසි නිවසක වූ දුරකතනයකින් ෆයෙට්විල් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇමතුවද කිසිදු ප්‍රතිචාරයක් නොවීය. සෝඩර් නිවස ඇති ප්‍රදේශයෙන් පැනනැගුනු ගිනි ජාලාව දුටු අසල්වැසියෙක්, අසල වූ තබාරුමක වූ දුරකතනයකින් ගිනි නිවන දෙපාර්තමේන්තුව ඇමතුවද එය සාර්ථක නොවිණි. කෝපයට පත් අසල්වැසියා සිය මෝටර් රථය පදවාගෙන ගොස් ගිනි නිවන ස්ථානයේ ප්‍රධානියාට මෙම ගින්න පිළිබඳව දැනුම් දෙන ලදී. නමුත් එහි වූ මෙහෙයුම් පද්ධතියේ තිබූ අකාර්යක්ෂමතාව හේතුවෙන් සියලුම භටයන් එකතු කොටගෙන ගිනි නිවන රථය සෝඩර් නිවස වෙත පැමිණෙන විට පෙරවරු අට පමණ විය. ඒවනවිට මුළු නිවසම අළු ගොඩක් බවට පත්වී තිබිණි.
ඔවුන්ගේ දරුවන් පස් දෙනෙකු මියගිය බවට ජෝර්ජ් හා ජෙනීට කිසිදු සැකයක් නොවිණි. නමුත් සුන්බුන් අතරින් කිසිදු සිරුරක හෝඩුවාවක් හෝ හමු නොවිණි. අනෙක් අතට ගිනි නිවන හමුදාවේ ප්‍රධානියා පැවසුවේ හටගත් ගින්න නිසා මළසිරුරු පූර්ණ දහනයට ලක්වන්නට ඇති බවයි. පොලිස් පරීක්ෂකවරයෙක් සුන්බුන් පීරා සොයා ගන්නට යෙදුනු පරිදි ගින්නට හේතුව රැහැන් වල දෝෂයකි.

තම දරුවන් සිහිවීම පිණිස ගින්නෙන් ඉතුරු වූ අළු සියල්ල ජෝර්ජ් විසින් බිම් කාමරයේ ගබඩා කර ගන්නා ලදී. හදිසි මරණ පරීක්ෂක කාර්යාලය නව වසරට පෙර මරණ සහතික පහක් නිකුත් කරන ලද අතර, එයට හේතුව “ගිනි ගැනීම හෝ හුස්ම හිරවීම” සඳහන් විය

නමුත් තම දරුවන් තවමත් ජීවතුන් අතර සිටීදැයි සෝඩර්ස් යුවල කල්පනා කිරීමට පටන් ගෙන තිබුණි...

ජෝර්ජ් සොඩර් වයස අවුරුදු 13 දී 1908 දී එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ඔහු සමඟ එලිස් දූපතට පැමිණි වැඩිමහල් සහෝදරයා වහාම ජෝර්ජ් හැර දමා ඉතාලියට ගියේය. ජෝර්ජ් පෙන්සිල්වේනියා රේල් පාරේ වැඩ සොයාගෙන, කම්කරුවන්ට ජලය සහ සැපයුම් රැගෙන ගිය අතර, වසර කිහිපයකට පසු බටහිර වර්ජිනියාවේ ස්මිදර්ස් වෙත ගියේය. ඔහු මුලින්ම රියදුරෙකු ලෙස සේවය කළ අතර පසුව ඔහුගේම ට්‍රක් රථ සමාගමක් ආරම්භ කළේය, ඔහුට සිය අනාගත සහකාරිය වූ ජෙනී සිප්‍රියානි හමුවුයේ මේ අතරවාරයේය

ඔවුන් විවාහ වී 1923 සහ 1943 අතර දරුවන් 10 දෙනෙකු ලැබුණු අතර, කුඩා නමුත් ක්‍රියාශීලී ඉතාලි සංක්‍රමණික ප්‍රජාවක් සහිත ඇපලචියන් නගරයක් වන බටහිර වර්ජිනියාවේ ෆයෙට්විල් හි පදිංචි විය. එක් ප්‍රාන්ත මහේස්ත්‍රාත්වරියක් පැවසුවේ, සෝඩර්ස් පවුල වනාහී "නගරයේ සිටි වඩාත්ම ගෞරවනීය මධ්‍යම පන්තික පවුල්වලින් එකකි" යනුවෙනි.
234 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:45
ओपन / कमेंट
2022-06-21 08:45:01
226 viewsS.A.අබේසිංහ -AHT/5816, 05:45
ओपन / कमेंट