Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.11K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 195

2021-05-12 11:56:01 Mathsඅපි Official pinned «ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලය (KDU) ගැන දන්නේ නැති අය මුලින්ම මේ ලිපිය කියවලා එන්න. https://www.mathsapi.com/2020/05/what-is-kdu.html ******** මේක අපෙ රටෙ තියන අමුතු විශ්වවිද්‍යාලයක්. මන් KDU එකට ඇතුල් උනෙ 2013. KDU එකේ medicine ගන්නෙ forces walata join කරල…»
08:56
ओपन / कमेंट
2021-05-12 05:30:01 මෙම ලිපිය ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය Ranga Fonseka මහතා විසින් එතුමාගේ ජීවිත සටහන් අළලා ලියා ඇත.

ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලය (KDU) ගැන දන්නේ නැති අය මුලින්ම මේ ලිපිය කියවලා එන්න.
https://www.mathsapi.com/2020/05/what-is-kdu.html

********

මේක අපෙ රටෙ තියන අමුතු විශ්වවිද්‍යාලයක්. මන් KDU එකට ඇතුල් උනෙ 2013. KDU එකේ medicine ගන්නෙ forces walata join කරල officer cadet ල විදිහට විතරයි. ඒ කියන්නෙ හමුදා වෛද්‍යවරුන් විදිහට. මේකට ඉතින් results තිබිල විතරක් මදි. Officer කෙනෙක් වෙන්න සුදුසුකම් තියෙන්නත් ඕනේ.

පලවෙනි inteview එකට ගියා යද්දි ඉන්නව හෙන සෙට් එකක්. හොද athletic type sporty dial ඔක්කොම. හැමෝම tie blazer ගහල blazer වල මෙඩල් ගහල. මට ආයිත් හැරිල යන්නත් හිතුනා. මන් sports කරලා නෑ. medal නෑ. අඩුම ගානෙ tie pin එකක් වත් තිබ්බෙ නැහැ. අම්මා හිටිය එවෙලෙ ලග අම්මට තේරුණා moral down වෙල ඉන්නෙ කියල. අම්ම කිව්ව වැඩෙ කරන්නත් කලින් පරාජය බාර ගන්න එපා. පුලුවන් උපරිමයෙන් උත්සහ කරන්න කියලා. මොරාල් up කරන් ගියා.

1st interview එකේ මුලින්ම උස, බර, පපුව, මොනා හරි deformity තියනවද බලනව. එකෙන් හෙන ගොඩක් කැපුන. ඉතුරු අය එක්කන් ගියා ඊට පස්සෙ exam room එකකට එකෙ දුන්න english, genaral knowledge, psychology, mathematical problems තියන paper ඒවාට answers ලිව්වට පස්සෙ එක්කන් යනව screen එකක් තියන auditorium එකකට එකෙ podi film එකක් පෙන්නල එකෙන් ප්‍රශ්න අහල paper එකක් දෙනවා. කොච්චර හොදට observation තියනවද කියල එකෙන් බලන්නෙ. එකෙන් පස්සෙ එක්කන් යනව තව room එකකට එකෙ එලියෙ තියනව පොඩි bowl ekak එකෙ තියනව ගුලි කරපු තුන්ඩු වගයක් එකෙන් එකක් අරන් එකෙ තියන topic එක ගැන room එක ඇතුලට ගිහින් කතාවක් කරන්න ඕනේ. ලෑස්ති වෙන්න විනාඩියක් වගෙ හම්බෙනව. මට හම්බුනෙ Snake bites in Srilanka room එකෙ athule panal එකෙ ඉන්නෙත් army, navy, airforce officers ලා. එක කරල එලියට අවහම ground එකකට එක්කන් යනව එතනදි group වලට බෙදල group activities දෙනවා. එතනදි බලන්නෙ group එකක් විදිහට කොහොමද වැඩ කරන්න පුලුවං, ඉක්මන් තිරන ගන්න පුලුවන්ද කියල. අන්තිමට emergency situation handling. පොඩි ongoing stuation ekakata ගිහින් දානව එතනදි අපි හැසිරුනු විදිය ගන්න තීරණ වලට ලකුනු දෙනවා. මට හම්බුනෙ bomb blast ekak වෙච්ච place ekak. මොකද ඊලගට කරන්නෙ කියල. මෙ ඔක්කොම කරල ඉවර වෙද්දි හවස් වෙලා. අන්තිමට එද හවස pass wechcha kattiya announce karanawa. මාත් pass සෙට් එකෙ හරිම සතුටුයි.

ඊලගට 2nd interview ekata enna kiwwa. එකෙ තියෙන්නෙ physical test, dips, pushups, rope climbing, 6 feet wall jump. kdu eka වටෙ වට 3ක් විතර දුවන්න තියනව. එගොල්ලො දෙන time එකට. තව saddle run, sit and reach තව chin ups. ඔහොම physical fitness බලන්නෙ. එදා හවස එකෙ results දෙනවා. එකෙනුත් pass.

ඊලගට 3rd interview එකේ තියෙන්නෙ ත්‍රිවිධ හමුදාවේ commanders la එක්ක discussion ekak මට නම් ඒක තමයි වැඩිපුරම බය හිතුන එක. එකෙනුත් Pass.

මේ ටික pass උනාම ඉතුරු අයව z score order ekata ගන්නව. අපේ 28ක් ගත්තා z score එකට lineup කලාම මන් 27 වෙනිය දැන් නම් තෙරුනා වගෙ තමයි.

4th interview එක මෙඩිකල් ටෙස්ට් එකක්. ඒකෙ dental, cardiology, respiratory ,eye test වගයක් කරනවා. එකෙනුත් pass. ඊට පස්සෙ letter ekak awa interview serama pass kdu එකට select කර ගන්නව කියල.

kdu එකට officer kenek විදිහට join වෙද්දි එක officer cadet කෙනෙක්ට දෙන්නෙක් ඇප වෙන්න ඔනෙ ..මෙඩිසින් කරන අයට තියන bond eka ලක්ශ 99 එව දෙකක් .අනික් degree වල ඊට අඩුයි.මෙහෙම ඇපකරුවන් 2න්නෙක් ගන්නෙ අතරමග මෙක දාල ගියොත් හරි පැනල ගියොත් හරි අර ඇපකරුවන් දෙන්න එක ගෙවන්න ඔනෙ.

ඊට පස්සෙ kdu enlistment day එක තිබ්බෙ 2013 august 01. මේ ඔක්කොම කරන් ඇතුලට ගියා. මේ වෙද්දි මම uni එකෙන් pass out වෙලා sri lanka medical corps එකේ වැඩ කරනවා. ඇතුලෙ තිබ්බෙ වෙනස්ම අමුතුම අත්දැකීම් පිරිච්ච ඔනෙම දෙකට ඔරොත්තු දෙන්න උගන්නන වෙනම ජිවිතයක්. ඒවා ගැන ඊලග post එකකින් දාන්නම්

දැනට kdu එකෙ තියන degree programs ගැන පොඩි summery එකක් දෙන්නම්. මෙඩ්සින් හැර අනික් degree සේරටම civil අයටත් apply කරන්න පුළුවන්. officer cadet ලට යන මුල් මාසේ ඉදන් salary එකක් ලැබෙනවා military එකෙන්. අන්තිමට forces වලට join වෙන්න ඕනේ. civil අයට එහෙම නෑ. එයාලට degree අරන් අයින් වෙන්න පුළුවන්. ඉගෙන ගන්න ගමන් ඉගෙන ගන්නවට පඩියක් දෙන එකම university එක තමයි KDU කියන්නේ.

ඉතින් KDU එක මේ අවුරුද්දෙ අයටත් ගැසට් කරලා තියෙන්නේ. මේකෙන් අයදුම් කල යුතු ආකාරය හා ඒ ගැන විස්තර දැනගන්න.
https://www.mathsapi.com/2021/05/kdu-gazette-2021.html

ලිපිය සදහා විශේෂ ස්තූතිය : Ranga Fonseka
Maths අපි ඉදිරිපත් කිරීමක්....

@MathsApiOfficial
2.2K viewsManoj Madusanka, 02:30
ओपन / कमेंट
2021-05-12 05:29:01
2.2K viewsManoj Madusanka, 02:29
ओपन / कमेंट
2021-05-11 16:51:53
What is KDU ?

උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හෝ ගණිත අංශයෙන් පෙනී සිටින ළමුන්ගෙන් බහුතරයක් අනාගතේ වෛද්‍යවරියක් හෝ ඉංජිනේරුවරයෙක් වෙන්න තමයි හීන දකින්නෙ. ඉතින් උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස ප්‍රතිඵල ගන්න සිසුන් මෙම සිහිනය සැබෑ කරගන්නවා. අනිත් ළමයි නැවත වරක් විභාගයට පෙනී සිටිනවා. එහෙම නැත්නම් වෙනත් පාඨමාලාවක් හදාරනවා. එහෙමත් නැත්නම් පෞද්ගලික අංශයෙන් තම සිහිනය සැබෑ කරගන්න උත්සහ කරනවා.
ඉතින් මේ ලිපිය රජයේ පිළිගත් ඉංජිනේරුවරයෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් KDU හෙවත් ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය පිලිබදවයි.

Link : https://www.mathsapi.com/2020/05/what-is-kdu.html

@MathsApiOfficial
3.3K viewsManoj Madusanka, 13:51
ओपन / कमेंट
2021-05-10 12:03:34
විද්‍යා හා තාක්ෂණ අංශයන්ගෙන් උසස් පෙළ හැදෑරූ ඔබට උසස් අධ්‍යාපනය සඳහා මඟපෙන්වීමේ මාර්ගෝපදේශන වැඩසටහන

2021 මැයි මස 10වන සඳුදා එනම් අද දින සවස 3 සිට Zoom ඔස්සේ සජීවීව

Topic: Special Guest Lecture - Prof.Sudantha

Time: May 10, 2021 03:00 PM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://zoom.us/j/96038450843?pwd=Z3FyRlRtVFZSUEpCMmMwVmdudVZLdz09&fbclid=IwAR30AX4Fdmbw7GfmCYvtgUNrMgOrbq1kz359iYoB5dCqJGad_b5rZaXBzO8#success

Meeting ID: 960 3845 0843
Passcode: SLTC

මෙහෙයවීම : ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ
උපකුලපති - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ඉදිරිපත් කිරීම : Sri Lanka Technological Campus
4.9K viewsManoj Madusanka, 09:03
ओपन / कमेंट
2021-05-10 10:53:54 Mathsඅපි Official pinned a photo
07:53
ओपन / कमेंट
2021-05-10 07:30:03
KDU Non Payment Basis Degree Programmes - 2021/2022

අධිකාරීලත් තනතුරක සාඩම්බරය අත්විදින්න

උපාධි අපේක්ෂක කෙඩෙට් නිලධාරීන් බදවා ගැනීම සදහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ගෙන් අයදුම්පත් දැන් කැදවනු ලැබේ.


අයදුම්පත පිරවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු :-

1. නිවැරදි විස්තර සහිතව අයදුම්පත ප්‍රවේශමෙන් පුරවන්න.

2. අයදුම්පත Online පිරවීම සඳහා සෑම විටම Desktop පරිගණකයක් හෝ Laptop එකක් භාවිතා කරන්න. ජංගම දුරකථන, ටැබ් සහ වෙනත් උපාංග භාවිතා නොකරන්න.

3. Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ අලුත්ම Version එක මේ සදහා සුදුසු වේ.

4. ඇතුලත් කල යුතු ඡායාරූපය හොඳ වර්ණ ඡායාරූපයක් විය යුතුය. ( .jpg විය යුතු අතර ප්‍රමාණය 2mb හෝ ඊට අඩු විය යුතුය)

5. අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා මාර්ගගත ගෙවීම් කිරීමට භාවිතා කළ හැකි credit/debit කාඩ්පතක් අවශ්‍ය වේ.

5. ඔබ භාවිතා කරන credit/debit කාඩ්පත ඔබේම වීම වඩාත් සුදුසු වන අතර එය අන්තර්ජාල ගෙවීම් සිදු කිරීමේ පහසුකම සක්‍රිය කර තිබිය යුතුය.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2021 මැයි 28

Link : https://www.mathsapi.com/2021/05/kdu-gazette-2021.html

@MathsApiOfficial
4.8K viewsManoj Madusanka, 04:30
ओपन / कमेंट
2021-05-10 05:30:04
2020 උසස් පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන මෙම පාඨමාලාවකට ඇතුළත් වීමට හැකි ඉක්මනින් මෙම දුරකතන අංක වලට ඇමතීමෙන් ලියාපදිංචිය සම්පූර්ණ කරන්න ..

071- 8331336
077-6544575
071-3367920
011-5926252


මෙම පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත් වෙන අයට ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් පිලිගත් සහතිකකුත් පිරිනමනවා.

සීමිත පිරිසකට විතරක් ලැබෙන මේ අවස්ථාවෙන්
ඔයාලත් උපරිම ප්‍රයෝජනයක් ගන්න.
4.4K viewsManoj Madusanka, 02:30
ओपन / कमेंट
2021-05-09 17:19:04
සාගර විශ්වවිද්‍යාලය ( Ocean university) ගැන

Link :-

https://www.mathsapi.com/2019/04/what-is-ocean-university-of-sri-lanka.html
2.0K viewsManoj Madusanka, 14:19
ओपन / कमेंट
2021-05-09 15:15:18
Website link : www.MathsApi.com
2.7K viewsManoj Madusanka, 12:15
ओपन / कमेंट