Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 4

2022-06-19 15:40:05
කාශ්‍යප කොර..අද කෙල්ලොන්ගෙ කැටයම් දැක්කම

කසුප් මහ රජානං හිටියනන් ශොක් වෙනා
අනුරාගි නෙත් බැලුම් නොකියාම නන්වනා
නිරුත්තර සෙනෙහසින් මලක් ගෙන මද සිනා
අද ලදුන් වස්ත්‍රයෙන් පෙනෙහි හද චිත්තනා
_________

මල් නෙලා විල් තෙරෙන් හංසයින් නහවනා
මාල මුදු කනේ නොව නාබියෙද දිලිසෙනා
ඇදි වතත් නිරුවතත් නොවෙනස්ව පෙනමිනා
ඇබ්බැක්කෙ කැටයමත් මේ හැඩට පැරදනා
_________

අනුත්තර සෙනෙහසින් ඇදපු මුත් මල් මෙනා
සංයුක්ත තැටි රගන ශෝබනියො මත් වෙනා
වස්තරෙත් විනි විදයි කාමුකයි රංජනා
ඇගෙ කලව දකින කල මල්සරත් සැගවෙනා

අනන්තය

Cmt එකක් දාගෙනම යන්න
808 viewsedited  12:40
ओपन / कमेंट
2022-06-19 11:30:19 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-12-29
294 views08:30
ओपन / कमेंट
2022-06-19 10:43:01
සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා, ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා. ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා, අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි, ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා, ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්. තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්, තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා, එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ, ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,
සන්සුන්වෙන්න

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාට අදාල කාල පරාසෙ ඇතුලෙ..
.|

දර්ශන උකුවෙල ~
378 views07:43
ओपन / कमेंट
2022-06-19 09:43:44
දසමස කුස නොදැරුවද
දරු දුක දැරූ
ලේ කිරි කර නොදුන්නද
දා බිඳු හෙලූ
සැමවිට නිහඞවම සැමටම
ආදරෙ දුන්නූ
පියතුමනි, වේවා නුඹත්
සසරේ මතු බුදූ...!

Happy Father's Day

-නදී-
417 views06:43
ओपन / कमेंट
2022-06-19 08:00:54 අම්මා අපි පොඩි කාලේ අපට කරලා තියෙන දේවල් ඇහුවොත් අපිට කියන්න පුළුවන්..

මොකද අම්මා එයා කරපු දේවල් හැම එකක්ම පාහේ රණ්ඩුවක දී උනත් කියවනවා...

නමුත් තාත්තා එහෙම නෙවෙයි ඒ සියල්ල හිතේ තියාගෙන ඉන්නේ..

අම්මා අපිට, කවනවා පොවනවා අපිව සිප ගන්නවා තුරුල් කරගෙන ඉන්නවා නිදිකරවනවා...

තාත්තා ඒ කිසි දෙයක් කරන්නේ නැහැ නමුත් අපිට ඒ නිදහස් වටපිටාව හදලා දීලා තියෙනවා..

මොකක් හරි උවමනා උනොත් අම්මට තමයි කියන්නේ "හෙට මැච් එක තියෙනවා මට සල්ලි ඕන"

තාත්තා වැඩිය මොකුත් අහන්නේ නෑ සල්ලි දීලා "මැච් එක කොහේද තියෙන්නේ" කියලා අහලා යනවා..

අපේ මැච් එක ඉවර වෙලා පිටියෙන් එලියට එද්දී... "අන්න තාත්තා ඇවිත් අපේ මැච් එක බලන්න"

නිතර අවුල් වෙලා තියෙන පීරන්නේ නැති ඒ කොණ්ඩය..
කිලුටු වෙන්නෙ නැති අත නවාපු ඒ කමිසය..
අතේ තියෙන ඒ චේන් ඔරලෝසුව..
කොච්චර ඇවිද්දත් ගෙවෙන්නේ නැති ඒ සපත්තු..
හිනාවක් නැති ඒ රළු මුහුණේ තියෙන ගාම්භීරත්වය...

අපිව දැකපු ගමන් ඔහු ඔළුව වනනවා (මම ඉන්නවා ඔයාගේ පස්සෙන්) කියන ඒ හැගීම... අපිට කියාගන්න බැරි ආදරය ඔහු පෙන්වන්නේ එහෙම...

තවත් තැන් වලදී ඔබටත් මෙවැනි දේවල් සිද්ධ වෙලා ඇති...

තාත්තාගෙ හැඩරුවට සමාන පෙට්ටි කඩේ මුදලාලිගෙන් සිගරට් එකක් මිලදී ගන්නකොට මගේ අත වෙව්ලනවා.. (ඉන්දීයානු පොතකින් උපුටා ගැනීමකි)

ඒ තාත්තා නෙවෙයි, ඒත් තාත්තා ගේ ඒ හැඩරුව උනත් අපට හරිමග පෙන්වනවා..

අපි හැමෝම පොඩි කාලේ තාත්තා බයිසිකලයේ කොනක් අල්ලගෙන අපිට පුහුණු කරන්න ට ඇති, ඒක නෑ කියන්න බැහැ කාටවත් ම.

අපි හැරි හැරී බලද්දී "ඔයා යන්න මං අල්ලගෙන ඉන්නේ" කියනවා... අපි බැලන්ස් කියලා දැනගත්තාම තාත්තා එකපාරටම අතහැරලා අපි යන දිහා බලන් ඉන්නවා...

ගොඩක් අයගේ ජීවිත තාත්තගේ ඒ බැලන්ස් එකෙන් තමයි තවමත් යන්නේ... (සමහරවිට ඔහු අප සමඟ නැති උනත්)

නිදිමරා අපි සියලු දෙනාම ආරක්ෂා කර..
ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන පොඩ්ඩක් වත් බලපු නැති..

තමන්ට ලැබෙන මුදල් වලින් අපි සියලු දෙනාගේම මුහුණේ සතුටක් ගෙන ඒමට.. අපිට ඒ වටපිටාව හදලා දීපු...

ඔහුට සමාන කරන්න.. ඒ තැන පුරවන්න වෙන කාටවත් ම බැහැ.. ඒ මගේ තාත්තාට විතරයි පුළුවන්.. මගේ තාත්තා වගේ වෙන්න වෙන කාටවත්ම බැහැ...

වැඩ කෝටියක් කර අද අපේ ගෙදර මුණුබුරු මිනිබිරියන් එක්ක කාලය ගෙවන අපේ රජ්ජුරුවෝ...

මගේ තාත්තා...

-මම රම්සි-

අනන්තය
492 views05:00
ओपन / कमेंट
2022-06-19 07:32:00
If you want to improve your English Knowledge, join this group
458 views04:32
ओपन / कमेंट
2022-06-19 07:30:26 https://telegra.ph/දඩබබර-පම-05-08
498 views04:30
ओपन / कमेंट
2022-06-19 07:01:50 තාත්තාට කොයින්ද දවසක් තාත්තා කියන්නෙම සසරක්.
මෙලොව හොදම තාත්තාට ලියාතබමි......
කලාතුරකින් ඇදෙන තාත්තගේ මුණේ හිනාව ....මෙි ලෝකේ ලස්සනම හිනාවයි.ඒ හිනාවෙන් ගහකොලේ මල් පිපුණි.ආකහේ තරු දිලුණි, සුලගේ සිලිසිලිය දැණුනි,ගංදැලේ සිසිලස මැවිනි....
තාත්තේ ...
මගේ රත්තරං තාත්තේ ...
කන්දක් තරමි නින්දා අපහස ආවත් ,
අහසක් තරමි කිත් පැසසුමි ලැබුනත්,
සම සිතින් දරාගන්නායුරු කියාදුන්නේ ඔබය...
වැටෙන වැටෙන වාරයක් පාසා නැගිටින්නට දිරි දුන්නේ ඔබය...
ජය පැරදුම සමව දරන්නටත් අනිකාගේ දිණුම දැක හදවතින් සතුටුවන අයුරු මට කියාදුන්නේ ඔබය..
ගහට කොලට ,ඇලට දොලට සතාසිවුපාවුන්ට ප්‍රේමකරන්නත්,
විශ්වයටම ආදරේ බෙදන්නට ඔබ මට කියාදුනි..
මගේ රත්තරං තාත්තේ ,
අනෙකාගේ දුකේදි තෙත්වන ඇසක්
ලතෙත් හිතක් ඔබ මට තනා දුන්නේය........
මිනිසුන්ට ආදරේ කරන්නට ,
මිනිසුන්ගේ හදවතේ ආදරණියව ජිවත්වනායුරු ඔබ මට කියාදුන්නේය....
මගේ පලමු සුපවෙිදියා වුයේ ඔබය,
ලස්සනට මුලුතැන්ගෙයි වැඩ කරන්නට පුංචිදා මට කියා දුන්නේ ඔබය....
මගේ මුල්ම වෙිශනිරුපණ ශිල්පියාද ඔබය...පැපොල් ටිකක් මුණේ ගාන්නට ,කෝමාරිකා කැල්ලක් මුණේ උලාගන්නට පුංචි දා සිට ඔබ මට කියාදුනි..
ස්භදහමෙින් ලස්සන වෙන්නටත්
තැනට ගැලපෙන්නට අදින්න කියාදී,
කිසිවක් තහනමි නොකර මටම මා වන්නට ඔබ මට ඉඩ සැලසුවාය.
ලස්සනට අදින්නට පිලිවෙලට ජීවත්වන්න ඔබ මට කියාදුනි.
තාත්තේ ...
සුලගින් සැනසීම ලබන්නත්,
හිරුගෙන් ආලෝකය ලබන්නත් ,
සදුගෙන් සෞම්‍යබව විදින්නත්,
වැස්සෙන් නිවෙන්නත් ,
ඔබ මට කියාදුනි...
ඉතිං මම ජිවිතයම දුටුවෙි ඔබෙනි.
හැමදේම කියාදුන් ඔබ ...සුලගකටවත් නොදැනෙන්න නික්මයැම පමණක්ම...
මා දැන උන්නේ නැත.
සත්තකින්ම දැන උනිනමි ඔබෙි හුස්ම වෙනුවට මගේ හුස්ම අත්හරිමි....
ඔබ මා නොව ,
ඔබවම මගෙන් දැක ඇතිවග මම දැනගත්තේ ඔබෙි නික්මීමෙන් පසුවය.
ඔබ ලගින්ම ඇසුරුකලවුන්... ඔයා තාත්තා වගේමයි කියද්දි මට දැනෙන සතුට නිමි නැත.
ම⁣ගේ දෙසවන් අහන්නට ආසමකරන වචන පෙල එයයි .
තාත්තේ.....
⁣මට ලෝකයමවුණු, ඔබට,
ලෝකයක් තරමි ආදරේකියමි..
තාත්තාට කොයින්ද දවසක්
තාත්තා කියන්නෙම සසරක්...


අනන්තය
523 views04:01
ओपन / कमेंट
2022-06-19 06:00:19
Happy Father's Day !

මගේ ලෝකෙ ඉහලින්ම ඉන්න
එකම රජා ඒ මගේ තාත්තා...
ඒ ආදරේට සමාන කරන්න මේ ලෝකෙ කිසිම රූපයකට බෑ..

පවුලෙ බරත් දරාගෙන
අම්මවත් බලාගෙන
අපිවත් රැකගෙන කිසිම අඩුවක් නැතුව හැමදේම කරන
වේදනාව සඟවාගෙන පර්වතයක්
වගේ හැමදේම දරාගන්න
මගේ ලෝකෙ කිසිම වචනයකට
සමාන කරන්න බැරි අකුරු තුනේ
ආදරණීය වචනය තාත්තා !

ඉතින් නිර්භීතව ප්‍රශ්නත් එක්ක
මේ ලෝකෙ සද්ද නැතුව
සටන් කරන මගේ ලෝකෙ වීරයා
ඒ තමයි මගේ තාත්තා....

ඉල්ලන්නත් කලින් අපි ආස දේවල්
ඒ හිතට දැනෙනවා
දැනුන ගමන් මොන ලෝකෙන් හරි
ඒ දේ අපිට අරන් දෙනවා...
එ් තමයි තාත්තගෙ හිතේ හයිය
තාත්තගෙ උත්සාහවන්ත කම...

තාත්තා වෙනුවෙන් දවස් නම්
කරලා ආදරේ අච්චරයි මෙච්චරයි
කියලා මනින්න නම් බෑ
හැබැයි කෙටියෙන්ම කිව්වොත්
තාත්ත කියන්නෙ මගේ අැස්දෙකෙන් දැක්ක ජීවමාන දෙවියා....
ඒ දෙවියා ඉස්සරහ වැදලා කිසිම දෙයක් ඉල්ලන්න ඕනෙ නෑ
වෙලාවට කලාවට අවශ්‍යම මොහෝතක තාත්තගෙ පිහිට ඕනම වෙලාවක තියෙනවා...

ඉතින් මගේ තාත්ත අපේ ආයුෂත්
අරන් තව තවත් ජීවත් වෙන්න ඕන
මම ඔයාට ගොඩාරියක් ආදරෙයි
මගේ ජීවිතේ පලවැනි තැන
සදහටම ඔයාටම විතරයි...

- Naviya -
551 views03:00
ओपन / कमेंट
2022-06-19 05:42:15
අභිරහස් සොයා යන විශ්ව ගවේෂකයන්ගේ විශ්වීය විද්‍යුත් මංසල

නූතන අධි තාක්ශණය
ඉතිහාසය
භූත විද්‍යාව
තාරකා විද්‍යාව
විශ්වයේ සැඟව ඇති අභිරහස්
සාහිත්‍ය

තවත් බොහෝ දේ.......

සියල්ල දැනගන්න එක් වන්න අප සමඟ.
546 views02:42
ओपन / कमेंट