Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 3

2022-08-23 17:30:09
එකදවසක්
අපි අමාරු කන්දක් නැග්ගා,,,

හතිදාගෙන පැති මාරු කර කර
කොහොමහරි මුදුනටත් ලංවුනා_____________

මුදුන පේනමානෙන්
ඉන්නකොට
උඹ තව ටිකක් ඉඳලා
යමු කිව්වා,,,

ඉතින් අපි හෙමි හෙමින්
ආයෙම කන්දෙ මුලටම ඇවිද්දා_______________

මුල ඉඳන් ආයෙම
අපි අපේ
ගමන පටන්ගත්තා,,,

වෙහෙස කොච්චර වුනත්
එකම කන්ද අපි තුන් හතර පාරක්ම නැග්ගා____________

රෑ වෙලා
එලි වෙනවවත් නොදැන
අපට හොඳටම
හති වැටිලා තිබුනා,,,

ඒත් ඒ ගැන වගේ වගක් නැතුව
අපි හැම රෑකම ඒ කන්ද මුදුනටම නැග්ගා_____________

_____________________

“ සමහර කඳු තියෙනවා එකපාරක් නැග්ගට මදි "

සදෙව් අනන්තය
1.5K views14:30
ओपन / कमेंट
2022-08-23 08:07:09 Physics සරලවම තේරෙන විදිහට . 1 st comment එකට ගිහින් බලන්න
1.4K viewsedited  05:07
ओपन / कमेंट
2022-08-23 07:31:02
| සමහර අවස්ථා තිබුනා
දැන් නම් හොදටම ඇති කියලා හිතුන
තවත් නම් ඇදගෙන යන්න බැහැ කියලා හිතුන
අපිට අපි ගැලපෙන්නෙ නැහැ කියලා හිතුන
අතහරින්නම කියලා හිත කිව්ව

ඉවසන්නම බැරි ගොඩක් තැන්වලත් ඉවසුවා
දරාගන්නම බැරි තැනවල
හයියෙන් කෑ ගහලා ඇඩුවා
කියාගන්න කෙනෙක් නැතිවෙද්දි
මං මගෙ හිත එක්කම තර්ක කරා
උඩු හිත දැන් ඇති ඇතෑපරන් කියද්දි
යටි හිත තව ඉවසපන් කිව්වා

දුකත් සතුටක් කරගත්තා
මගේ විදිය අමතක කරා
මං උඹේ විදියට හුරුවුනා
උඹේ පුරුදු අපේ පුරුදු වුනා
උඹ වෙනුවෙන්
අපේ ආදරේ වෙනුවෙන්
මං සම්පූර්ණෙන් වෙනස්වුනා

තේරුම්ගන්න ඕනෙ
හැම අතින්ම ගැලපීම් සීයට සීයක්ම හිමි නැහැ

එකෙක් වෙනුවෙන් එකෙක්
වෙනස් වෙන්නම ඕන
බැදීමක පැවැත්ම වෙනුවෙන්
ඉවසීම තියෙන්නම ඕන
කැත්තට පොල්ල වගේ හැසිරීම්
වෙනස් වෙන්න ඕන

සාර්ථක සම්බන්ධයක් ගොඩනගා ගන්න
අපි එකිනෙකා වෙනුවෙන් කැපවෙන්නම ඕන |

- නිතූ අනන්තය
1.4K views04:31
ओपन / कमेंट
2022-08-22 17:30:46
අම්මට ඕනේ
ඉගෙන ගත්ත කොල්ලෙක්..

අප්පච්චි කැමති
රස්සාවක් තියෙන කොල්ලෙක්ට..

යාළුවෝ කැමති
හත්දා මගුලක් ගන්න කැමති කොල්ලෙක්ට..

නංගි කැමති
සල්ලි තියෙන කොල්ලෙක්ට..

එහා ගෙදර ඇන්ටි කැමති
ලස්සන කොල්ලෙක්ට..

ඊටත් එහා ගෙදර ඇන්ටි කැමති
හොඳ වාහනයක් තියෙන කොල්ලෙක්ට..

නෑයෝ කැමති
හොඳ කුලවත් කොල්ලෙක්ට..

ඊටත් එහාම ගෙදර අන්ටි කැමති
මට වඩා අඩි පහක්වත් උස කොල්ලෙක්ට..

කපුවා කැමති
හදහන් ගැලපෙන කොල්ලෙක්ට..

මං කැමති මනුස්සයෙක්ට...

මොකද මං දැකලා තියෙනවා,
ඉගෙන ගෙන නැතත්
තමන්ගෙ දරුවන්ට හොඳට උගන්නන මිනිස්සු..

රස්සාවක් නැතත්
හොඳට කාලා ඇදලා ඉන්න මිනිස්සු..

හත්දා මගුල් අරගෙන්ත්
සතියෙන් ඩිවෝස් වෙන මිනිස්සු..

සල්ලි නැතත්
මනුස්සකම පිරිලා ඉතිරිලා තියෙන මිනිස්සු..

ලස්සන නැතත්
ලස්සනට ජීවත් වෙන මිනිස්සු..

වාහනයක් නැතත්
ලෝකෙ වටේ ඇවිදින මිනිස්සු..

උස මිටි නොතැකූ
හදවත් වලට ආදරේ කරන මිනිස්සු..

හදහන්වල මැරෙනවාමයි කියලා තියෙද්දිත්
වයසට යනකල්ම ආදරෙන් ඉන්න..
"ආදරය" විශ්වාස කරපු මිනිස්සු අනන්තය
1.5K views14:30
ओपन / कमेंट
2022-06-20 12:30:11 https://telegra.ph/%E0%B7%84%E0%B6%AD%E0%B7%80%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB-06-18
26 views09:30
ओपन / कमेंट
2022-06-20 11:31:10 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-12-31
139 views08:31
ओपन / कमेंट
2022-06-20 10:27:56 https://telegra.ph/%E0%B6%B8%E0%B6%9C-%E0%B6%91%E0%B6%BA-06-19
223 views07:27
ओपन / कमेंट
2022-06-20 08:55:36 https://telegra.ph/%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD-%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8%E0%B6%9A-06-19
312 views05:55
ओपन / कमेंट
2022-06-20 07:30:53 https://telegra.ph/දඩබබර-පම-05-12-2
380 views04:30
ओपन / कमेंट
2022-06-19 21:30:48 කෙල්ලෙක් උන පලියට.,

කාගෙවත් හිතක එල්ලි එල්ලි
ආදරේ හොයන්න ඕන නෑ
ආදරේ හිංදා වැලපෙන්න ඕනත් නෑ
උඹව ගනන් ගන් නැති එකෙක් පස්සෙ
වැලපි වැලපි යන්න ඕනත් නෑ
කොටින්ම එහෙම එකෙක් වෙනුවෙන්
කඳුළු නාස්ති කරන්න ඕනත් නෑ

තමන් ආදරේ කරපු එකා දාලා යනවා නං
එයාට උඹව එපා කියනවා නං
ඕන මඟුලක් කරගන්න කියලා
පිස්සුවක් නටාගෙන ජීවත් වෙයන්

තනියක් දැනෙන හැම වෙලාවකම
උඹව සතුටු වෙන ඕනම දෙයක් කරපන්

අඬන්න හිතෙන වෙලාවට
අඬ අඬ හිනාවෙන්න දඟලපන්

මතක තියාගනින්
එකෙක් උඹව රිජෙක්ට් කරන්නෙ
ඊට වඩා පට්ට හොඳ එකෙක්ට
අවස්ථාවක් දෙන ගමන්
ඒ හිංදා ඒකා නැත්තං වෙන එකෙක් එපා කියාගෙන
වැල ලෙ න්න එපා

උඹ උඹගෙ විදියට ජීවත් වෙයන්
උඹේ විදියට ආදරේ කරන එකෙක්
අනිවාරෙන් ඉන්නවා
අන්න ඒකව හම්බෙනකල්
කාලා බීලා ආතල් එකේ ඉඳපන්

එකෙක් දාලා ගියහම ඌ මත්තෙ නැහෙන්නයි
අඬාගෙන ඌ පස්සෙ යන්නයි
ඌවම ඕන කියාගෙන මී හරකෙක් වගේ අඬන්නයි
කෙල්ලෙක් එහෙම බොළඳ වෙන්න ඕන නෑ
ඔච්චර ආදරේ කරපු උඹව දාලා ඌ ගියා නං
උඹට බැරිද ඌව අතෑරලා දාන්න

අනිවාරෙන් පුළුවන්
අමාරුයි තමයි මතක එක්ක ඒක කරන්න
ඒත් ඒ හැම මතකයක්ම උඹේ ජීවිතේ හයියක් කරගනින්
ඒ මතක උඹේ ජීවිතේ වෙනස් කරගන්න
පාවිච්චි කරපන්...

කොටින්ම
කෙල්ලෙක් උනහම
ලයින් එකේ ඉඳපන් තමන්ගෙ සතුට වෙනුවෙන්
උඹට විතරයි උඹව ගොඩ දාගන්න පුළුවන්
ඒ හිංදා උඹ ගොඩ යන්න නං
උඹ උඹටම හයියක් වෙයන්...

ඒක කරන්න කෙල්ලෙක්ට පුළුවන්
කෙල්ලෙක් කියන්නෙ
කප්පරක් දුක් දරාගෙන හිනාවෙන උන්ට මිසක්
පොඩි දේටත් හොටු පෙරාගෙන වැ ල ලෙන උන්ට නෙමෙයි


අනන්තය
652 views18:30
ओपन / कमेंट