Get Mystery Box with random crypto!

General knowledge🥇

टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇 G
टेलीग्राम चैनल का लोगो learningknowledgelkquiz — General knowledge🥇
चैनल का पता: @learningknowledgelkquiz
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 1.98K
चैनल से विवरण

General knowledge
Quiz Only

Ratings & Reviews

2.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

1

1 stars

0


नवीनतम संदेश 2

2022-08-13 15:05:05
රුධිරයෙහි අඩංගු වන ස්වසන වර්ණකය අනුව එහි වර්ණය තීරණය වේ. ඉස්සන්ගේ රුධිරයෙහි (Hemolymph) හිමෝසයනීන් නම් නිල් පැහැති ස්වසන වර්ණකය අඩංගු වේ. එහෙයින් ඉස්සන්ගේ රුධිරය නිල් පැහැති වේ. හිමෝසයනීන් යනු තඹ අඩංගු ප්‍රෝටීනයකි.
582 views12:05
ओपन / कमेंट
2022-08-05 20:52:57
ආහාර හිඟ කාලවලදී පෙලිකන් පක්ෂියා තම පැටවුන් පෝෂණය කිරීම ස‍ඳහා තමන්ගේම පපුව තුවාල කරගෙන එයින් ගලායන රුධිරය තම පැටවුන් හට ලබාදෙයි.
1.1K views17:52
ओपन / कमेंट
2022-08-05 20:52:57
මී මැසි ජනපදය

මී මැසි රැජිණ
ජනපදයේ ප්‍රධානියා වේ. සරු ගැහැණු සත්වයායි. අනෙක් සතුන්ට වඩා තරමක් විශාලයි. බිත්තර දැමීම ප්‍රධාන කාර්යයයි. දිනකට බිත්තර 100 - 200 ක් පමණ දමයි. එක් ජනපදයක බොහෝ විට සිටින්නේ එක් රැජිණක් පමණි.

පිරිමි මැස්සන්
සංසේචනය නොවු බිත්තර වලින් ඇතිවේ. අතරමැදි ප්‍රමාණයෙන් යුක්තයි. ප්‍රජනනය සඳහා රැජිණට සහාය වේ. මෙය පට්ටි වැටීම ලෙස හදුන්වයි. රැජිණ සමඟ සංසර්ගයෙන් පසු මිය යයි. ජනපදයට වෙනත් ප්‍රයෝජනයක් නැත.

වැඩකාර මැස්සියන්
ජනපදයක වැඩිපුරම සිටින්නේ වැඩකාර මැස්සියන්‍ ය. කළු හෝ දුඹුරු පැහැති වේ. ජනපදයේ සියලු කටයුතු සිදු කරන්නේ ඔවුන් විසිනි. ජනපදයේ උෂ්ණත්වය පවත්වා ගැනීම, රැජිණ රැකබලා ගැනීම සහ උපස්ථානය, කීටයන්ට ආහාර කැවීම, ඉටි ස්‍රාවය කර මී වද සෑදීම, පරාග රැස් කිරීම, මී පැණි සෑදීම, ජනපදයේ ආරක්ෂාව සහ පිරිසිදුව තබා ගැනීම ඔවුන් සිදුකරන කාර්යයන් වේ.
960 views17:52
ओपन / कमेंट
2022-08-05 20:52:57
Harry Potter චිත්‍රපටයේ Hogwarts express යනු Jacobite නමින් හදුන්වන ස්කොට්ලන්තයේ සැබෑ දුම්රියකි.
810 views17:52
ओपन / कमेंट
2022-08-05 20:52:57
Iguana නම් උරඟ විශේෂයට ඔවුන්ගේ හිස මත තුන්වන ඇසක් ඇති අතර එය ආලෝකය, අඳුර සහ චලනයන් හදුනා ගැනීමට උපකාරී වේ. නමුත් මෙය සාමාන්‍ය ඇසකට සමාන නොවේ. Parietal eye නමින් හදුන්වන මෙය සමහර මත්ස්‍ය, උභය ජීවී සහ උරඟ විශේෂ වලද දක්නට ලැබේ.
815 views17:52
ओपन / कमेंट
2022-07-15 13:23:22 ගෝඨාභය තැබූ වාර්තා


මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ජන්ද ප්‍රමාණයක් හිමි කරගත් ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභයයි.

එමෙන්ම මෙරට දේශපාලනයේ තමා ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම ජයගෙන ජනාධිපතිවරයා ලෙසම දිවුරුම් දුන්නේද ඔහු වන අතර මීට පෙර කිසිම මැතිවරණයකට ඉදිරිපත් වී තිබුනේ නැහැ.

පක්ෂ නායකයෙකු නොවූ එකම ජනාධිපතිවරයා ද ගෝඨාභය වන අතර මීට පෙර පත් වූ සියලූම ජනාධිපතිවරුන් පක්ෂ නායකයින් වූ අතර එසේ නොවුනු අවස්ථාවලදි පවා ඔවුන් පසුව පක්ෂ නායකත්වයට පත් වූවා.

මෙරට දේශපාලන ඉතිහාසය තුළ ජනතා ජන්දයකින් තේරි පත් වී අඩුම කාලයක් තනතුර හොබවූ ජනාධිපති වන්නේද ඔහු වන අතර සිය ධූරයෙන් ඉල්ලා අස් වූ පළමු ජනාධිපතිවරයා වන්නේද ඔහුයි.

ඉතා කෙටි කාලයක් තුල රටේ දැවැන්තම ආර්ථික කඩා වැටීම සිදුවූයේද ඔහුගේ පාලන සමයේය.

ජනාධිපතිවරයෙකුට එරෙහිව ධූරයෙන් ඉල්ලා අස්වනතුරුම ජනතා අරගලයකට මුහුණ දුන්නේද ඔහුයි.

මෙරට ජනාධිපති ධූරයේ හිඳිමින්ම රටින් පලාගිය පුද්ගලයාද ඔහුය.

රටින් පිටව ගිය පසුත් මෙතෙක් ලොව වැඩිම පිරිසක් එක් පුද්ගලයෙකුගේ ගුවන් ගමනක් බලාසිටි එකම පුද්ගලයා ගෝඨාභයයි.

එමෙන්ම ධූරයේ සිටියදීම සිය නිවසත් කාර්යාලයත් අහිමි කරගත් පුද්ගලයා වන්නේද ඔහුය.


Text by:
@oleveldemons ᵗᵐ
1.8K views10:23
ओपन / कमेंट
2022-07-14 17:24:18
ගෝනුසු විෂ යනු ලෝකයේ වඩාත් මිල අධිකම දියරයයි. ගැලුමක මිල ඩොලර් මිලියන 39 ක් වේ.
1.4K views14:24
ओपन / कमेंट
2022-07-14 17:24:03
ඇන්ටාක්ටික් නිල් තල්මසා යනු ලෝකයේ විශාලතම සත්වයා වේ. රාත්තල් 400,000 ක බරින් යුක්ත වන අතර දිග අඩි 98 ක් පමණ වේ. (දළ වශයෙන් අලි 33 කට සමාන වේ)
1.3K views14:24
ओपन / कमेंट
2022-07-14 17:23:41
ලෝකයේ වඩාත් මාරාන්තිකම සත්වයා වන්නේ මදුරුවා ය. ලොව මෙතෙක් යුද්ධයන් නිසා මිය ගිය පිරිසට වඩා වැඩි පිරිසක් මදුරු දෂ්ට කිරීම් හේතුවෙන් මියගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදුරුවන් දෂ්ට කිරීමෙන් සෑම වසරකම මිලියනයකට අධික පිරිසක් මිය යති. මෙම මරණවලින් වැඩි ප්‍රමාණයකට හේතුවන්නේ මැලේරියාවයි.
1.1K views14:23
ओपन / कमेंट
2022-07-14 17:23:23
2004 වර්ෂයේදී භූතානය, දුම්වැටි අලෙවිය තහනම් කළ සහ සියලු පොදු ස්ථානවල දුම්පානය තහනම් කළ ලොව පළමු රට බවට පත්විය. දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන විකිණීම හා නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම තහනම් කළ ලොව එකම රට වනුයේ භූතානයයි. එරට නීතිය අනුව දුම්කොළ අලෙවි කරන ඕනෑම පුද්ගලයෙකුට වසර තුන සිට පහ දක්වා සිර දඩුවමක් නියම කරයි.
970 views14:23
ओपन / कमेंट