Get Mystery Box with random crypto!

මී මැසි ජනපදය මී මැසි රැජිණ ජනපදයේ ප්‍රධානියා වේ. සර | General knowledge🥇

මී මැසි ජනපදය

මී මැසි රැජිණ
ජනපදයේ ප්‍රධානියා වේ. සරු ගැහැණු සත්වයායි. අනෙක් සතුන්ට වඩා තරමක් විශාලයි. බිත්තර දැමීම ප්‍රධාන කාර්යයයි. දිනකට බිත්තර 100 - 200 ක් පමණ දමයි. එක් ජනපදයක බොහෝ විට සිටින්නේ එක් රැජිණක් පමණි.

පිරිමි මැස්සන්
සංසේචනය නොවු බිත්තර වලින් ඇතිවේ. අතරමැදි ප්‍රමාණයෙන් යුක්තයි. ප්‍රජනනය සඳහා රැජිණට සහාය වේ. මෙය පට්ටි වැටීම ලෙස හදුන්වයි. රැජිණ සමඟ සංසර්ගයෙන් පසු මිය යයි. ජනපදයට වෙනත් ප්‍රයෝජනයක් නැත.

වැඩකාර මැස්සියන්
ජනපදයක වැඩිපුරම සිටින්නේ වැඩකාර මැස්සියන්‍ ය. කළු හෝ දුඹුරු පැහැති වේ. ජනපදයේ සියලු කටයුතු සිදු කරන්නේ ඔවුන් විසිනි. ජනපදයේ උෂ්ණත්වය පවත්වා ගැනීම, රැජිණ රැකබලා ගැනීම සහ උපස්ථානය, කීටයන්ට ආහාර කැවීම, ඉටි ස්‍රාවය කර මී වද සෑදීම, පරාග රැස් කිරීම, මී පැණි සෑදීම, ජනපදයේ ආරක්ෂාව සහ පිරිසිදුව තබා ගැනීම ඔවුන් සිදුකරන කාර්යයන් වේ.