Get Mystery Box with random crypto!

දිසාපාමොක් 👿

टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
टेलीग्राम चैनल का लोगो disapamok_official — දිසාපාමොක් 👿
चैनल का पता: @disapamok_official
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 7.94K
चैनल से विवरण

වෙනස් විදිහකට හිතමු😈
මොළයටම 🧠
හදවතටම 🫀
දැනෙන්න👊🏽
ඉගෙනගන්නා පුද්ගලයන්ට පමණි..🙈
Contact me :- @Disapamokinbox_bot
පේසුරු pdf : @Pesuru_mcq
🚫 Bot : @Disapamok_bot 🚫

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 2

2022-06-01 07:31:01 ඔයාලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවහම මට මූණට දමලා ගහනව වගේ කියන්න බෑ "Channel එකේ posts කියවන්න" කියල මං ඒකට කැමති නැ.. මොකද ප්‍රශ්නෙකට උත්තරයක් හොයන mindset එකකට ඒක සැර වැඩියි.
පාඩම් කරන්න හිතෙන්නෙ නෑ කිව්වොත්, එයාගෙ mindset එක පැත්තෙන් හිතුවොත් එයා ලොකු පසුබෑමක ඉන්නෙ, මම අර විදිහෙ දෙයක් කිව්වහම එයාට තවත් එපා වෙන්න පුළුවන්.. ඔයාට පාඩම් කරන්න හිතෙන, දැනෙන, සිය ගානක් දේවල් channel එකේ තියෙනවා ඒකයි කියන්නෙ, Channel එකේ messages කියවලා ඒ දේවල් තේරුන් ගන්න try කරන්න කියල. ඔයාට ඒ දේවල් තේරෙනවනම් ඉදිරිකාලෙක ප්‍රශ්නයක් ආවහම විසදුම හොයන්න ඔයාට බුද්ධියක් තියෙනව
• එක නංගි කෙනෙක් කිව්ව එයා, මේ channel එකේ කියල තියෙන වැදගත් දේවල් වෙනම පොතක ලියාගෙනලු තියෙන්නෙ. සැරෙන් සැරේ channel එක බලන එක කරදරයක් කියල

~ දිසාපාමොක්
1.9K views04:31
ओपन / कमेंट
2022-05-30 20:39:02 දැන් රටේ තත්වෙත් එක්ක, ඔයාලගෙ පන්තිවලට වියදම් කරන්න දෙමාපියන්ට අපහසු වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියල class නොගිහින් ඉන්න එපා, සර්ට කතා කරලා free card එකක් ඉල්ලගන්න බලන්න.. ඒ වැඩේ හරි ගියෙ නැත්තන් විතරක් Telegram, youtube වල තියෙන class videos බලන්න. නැතුව කෙලින්ම ඒ තීරණේට එන්න එපා..
මම දකින විදිහට නම් Class යන එක ගොඩක් වැදගත්.
ඒකෙන් වැඩ කරන් යන්න motivation එකක් හම්බෙනව. (In my point of view)
සල්ලි තියෙනවනම් ක්ලාස් යන්න ඇ, සල්ලි ඉතුරු කරන්න කියල ක්ලාස් නොගිහින් ඉන්න එපා.. අනික ඉගෙනගන්න සල්ලි යොදවනව කියන්නෙ වියදමක් නෙමේ investment එකක්..
අනික free class ඇති ඕන තරම්. හොයල බලන්න.. Live class වලටම යන්න බලන්න..
3.9K views17:39
ओपन / कमेंट
2022-05-30 20:32:15 මං හිතන්නෙ ඔයාලට කලින් දැනුම් දීමක් කරා, ඒලෙවල් තියෙන්නෙ ඔක්තෝබර්වල කියල.. ආයෙ ඒ ගැන මුකුත් කිව්වෙ නෑනෙ නේද.

එහෙනම් දැනට ඒලෙවල් තියෙන්නෙ ඔක්තෝබර් කියල හිතාගෙන වැඩ කරගෙන යන්න.. [ මේ කාරණේ ගැන කලින් කියල තියෙනව මං ]

හරියටම මාස 4 ක් තියෙනව තව. ඒක ඔලුවට දාගන්න..

එක්සෑම් කල් යනව කියන එක ඔලුවට වැටුනොත් ඔයාලා වැඩ කරන්න තවත් කම්මැලි වෙනව; වැඩ කල් දානව. තියෙන ටිකත් නැති වෙනව එතකොට.

"එහෙම වෙන්නෙ නෑ" කියල කියන්න බෑ, මොකද 2020, 2021 අයියලා අක්කලට එහෙම උනා. එයා දැන් 2nd shy කරනවා
ඒක අවදානමක් ඒක නිසා ඔයාලා පුළුවන් ඉක්මනට වැඩ ටික කරන් යන්න..

නැති දේවල් ගැන දුක් වෙන එකට වඩා තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනක් ගන්න බලන්න

මේක හැමෝටම අමාරු කාලයක් ඔයාට විතරක් නෙමේ.. හැබැයි ඉතින් එහෙමයි කියල ඔයාගෙ අනාගතේ තීරණය කරන වැදගත් විභාගයකට බාගෙට ලෑස්ති වෙලා ගිහින් හරියන්නෑනෙ.
බඩගින්නෙ ඉදලා හරි මේක කරගන්නම වෙනව
3.9K views17:32
ओपन / कमेंट
2022-05-29 18:41:45 මට කලින් කියන්න අමතක උනා, @Motivation_onl Group එකෙන් මේ දවස්වල ආර්ථික අපහසුතා තියෙන අයට උදව් කරන වැඩක් කරන් යනවා.. ඒකට donation දෙන්න පුළුවන් සහ කැමති අය ඉන්නවනම් ඒකෙ admin කෙනෙක්ට කියන්න. වැඩි විස්තර එයාලා කියයි. ලොකු උදව්වක් වෙයි මේ දවස්වල...
3.4K views15:41
ओपन / कमेंट
2022-05-29 18:25:56 Class එකකට යන්න කලින් දවසෙ, කලින් සතියෙ note එක, එක පාරක් වත් කියවන්න ඕන. ඒකෙ මොනාහරි නොතේරෙන දෙයක් තියෙනවනම් Class යන්න කලින් ඒක විසදගෙන යන්න ඕන, නැත්තන් Class යන්න එපා.. ( නොදන්න දෙයක් group එකකට දාපු ගමන් කව්රුහරි උත්තරයක් දෙනවා ඒකට ) එහෙම නැත්තන්…
3.0K views15:25
ओपन / कमेंट
2022-05-29 18:22:53 Class එකකට යන්න කලින් දවසෙ,

කලින් සතියෙ note එක, එක පාරක් වත් කියවන්න ඕන.
ඒකෙ මොනාහරි නොතේරෙන දෙයක් තියෙනවනම් Class යන්න කලින් ඒක විසදගෙන යන්න ඕන, නැත්තන් Class යන්න එපා.. ( නොදන්න දෙයක් group එකකට දාපු ගමන් කව්රුහරි උත්තරයක් දෙනවා ඒකට )
එහෙම නැත්තන් පහුවදා උදේ class පටන්ගන්න කලින් හරි ඒක අහගන්න ඕන..
ගණන් එහෙම හැදුවනම් ඒවා තව පාරක් හදන්න ඕන. ඒවා තව විදි වලින් හදන්න පුළුවන්ද කියල try එකක් දෙන්න ඕන..
එදා උගන්නපු කොටසට අදාළ pastpapers ප්‍රශ්න සර් කෙරෙව්වෙ නැත්තන්, ඔයා ඒවා කරන්න ඕන.. අවුරුදු 10 ක 15 ක වත්. ( mcq & essay )

Class එක දවසෙ,

පාඩම හොඳට අහගන්න.. නොතේරෙන දෙයක් අහුවුනොත් පුළුවන් ඉක්මනින් ඒක පැහැදිලි කරගන්න.. හරියට තේරෙන්නෙ නැතුව පාඩම ඉගෙනගත්තොත් ඒක දිගින් දිගටම බලපෑමක් වෙන්න පුළුවන්.. (ඇරියස්)
පන්තිය පටන්ගන්න වෙලාව - interval එක
Interval එක ඉවර වෙන වෙලාව - Class ඉවර වෙන වෙලාව
වෙනකම් ඔයාගෙ හිත කය දෙකම පන්තියෙම තියාගන්න බලන්න..
ඒකට අවශ්‍ය වෙන්නෙ " ඉගෙනගන්න ඕන ඇයි කියන ප්‍රශ්නෙට ප්‍රබල උත්තරයක්" විතරයි. ස' ගෙ වැඩ හින්ද ඔයාට ඕන තරම් හේතු තියෙනව ඉගෙනගන්න.
Class එක ඉවර වෙලා ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොම සර්ට කියල ඒවට උත්තර අරගෙන තමා class එකෙන් යන්න ඕන.. දෙන මුදලට වටිනාකමක් දෙන්න. ඔයාගෙ තාත්තා ධම්මික පෙරේරා නෙමේනෙ ඔය සල්ලි දෙමාපියො හොයන්න මාර දුකක් විදින්නෙ..
ඔයාගෙ ටියුෂන් ගුරුවරය ඒකට බැදිලා ඉන්නෙ.. උපරිම ප්‍රයෝජනක් ගන්න..

ඊටපස්සෙ ,
එදා ගෙදර ගියහම, ආයෙ note එක කියවලා mcq points ඔයාට තේරෙන විදිහට highlight කරගන්න. ඒ පාඩමට අදාළ pastpapers ප්‍රශ්න ඔක්කොම කරන්න. අවම අවුරුදු 10 ක 15 ක වත්. 20 ක පුළුවන් නම් ඒත් කමක් නෑ.. Class එකේ හදපු ගනන් ආයෙ හදන්න.. ඒවට තර්ක කරන්න.. (Physics වගේ නම්)
හෙමින් වැඩ කරන කෙනෙක් නම් එකම ගාන හරි timing තිය තිය හදන්න. Continuously practice කරහම speed එක හැදෙනවා

ඒ පාඩම ඔයාට අනිවාරෙන් පුළුවන් වෙනවා කියල විශ්වාසෙ තියාගන්න. ඒකත් වැදගත්..
කොහොමහරි ප්‍රශ්න කරලා කරලා, ඒ පාඩම තව කෙනෙක්ට උගන්නන්න පුළුවන් වෙන තරමට practice කරන්න..

සතියෙ මැද දවසකත් පොඩි වෙලාවක් අරන් ආයෙ මතක් කරන්න ඒවා.

~ දිසාපාමොක්
Channel : @Disapamok_official
Bot : @Disapamok_bot
Contact : @Disapamokinbox_bot
4.2K views15:22
ओपन / कमेंट
2022-05-26 19:19:05 Oyalata ada monahari kiyanna kiyala thama awe
Helakuru wda Krnne na dn meke

Mn mzg ekak daala thiyannam
3.3K views16:19
ओपन / कमेंट
2022-05-26 19:05:47 අද දවස කොහොමද?

1. Self Study පැය කීයද?
2. Papers කීයක් වගේ ලිව්වද?
3. Short Notes මොනාහරි ගැහුවද?
4. පැය කීයක් විතර Class Video බැලුවද?
5. එතකොට, ඵලදායී විදිහට ගත කරපු මුළු කාලය පැය කීයක්ද? (Total
)

අහලා තියෙන ප්‍රශ්නවලට විතරක් උත්තර දෙන්න, Please..
3.4K views16:05
ओपन / कमेंट
2022-05-17 16:29:37 කොහොමද වැඩ ටික එහෙම
3.6K views13:29
ओपन / कमेंट
2022-05-17 16:24:05 Telegram කියන්නේ කොච්චර secret app එකද්ද කියලා දන්නවනේ

Telegram වල sirලගෙ clz videos leak groups & channels හුඟක් තියෙනවා. ඒවගෙ links ටිකක් අපි group එකෙන් සදහන් කරන්නම්. ඒ වගේම දැනටමත් ඔයාලා ඒ වගේ ඇති.

Theory ළමයි...

ඔයාලගේ complete නොවුණු lessons මොනාද කියල කොළයක් අරන් ඉස්සෙල්ලම ලියාගන්න. ඊට පස්සේ හිමිට telegram වල sirලගෙ clz videos බලන්න පටන් ගන්න. එකිනෙක ක්‍රමානුකූලව ඉවර කරන්න. ඊට පස්සේ කරන්න ඕනේ ඒ lesson එකේ pesuru පොත් ටික ඔක්කොම ඉවරයක් වෙනකම් කරන එක. @ANYyScienceStudentHelpbot මේ බොට්ගෙ pesuru පොත් ටික තියෙනවා ඒ වගේම past papers niwarana පවා තියෙනවා. https://t.me/Resourcebook_bot resource book ටික ගන්න මෙයාව භාවිතා කරන්න.

වැඩ කරන විදිය ගැන ඕන තරම් අපි article කියලා තියෙනවා. ඒවගේම හැම subject එකකටම වගේ ඕනෙවටත් වඩා short notes තියෙනවා ඒවත් බලන්න.

Revision ළමයි

පහුගිය අවුරුදු වල theory notes නිතරම කියවන්න. ඒ වගේම ඉහත සඳහන් කරපු bot ලා ඔයාලටත් අදාලයි.

Revision උනාට තියරි complete නැත්නම් theory videos බලලා ඒ දේවල් තහවුරු කරගන්න. මේ පාර නම් පිස්සු කෙලින්න හදන්නෙපා. Theory නැතුව මේ පාඩම් වලින් විතරක් ගේමක් ගහ ගන්නවා කියන මෝඩ මානසිකත්වයෙන් මිදෙන්න. ඒ වගේම හැමදාම past papers mcq කීපයක් කරගන්න එක පුරුද්දක් කරගන්න. Units nothing වෙනකල් ඒ පාඩම් වලට අදාල past papers කරන්න.

Scl papers පවා ගොඩක් හොයාගන්න පුළුවන් educational group තියෙනවා. ඒවාගෙ 2020 ඉදලා scl & පළාත් papers හුඟක් තියෙනවා marking එක්කම. ඒ වගේම telegram වල sirලගෙ papers ඕන තරම් share වෙලා තියෙනවා discussion videos එක්කම.

Short notes , mind maps , theory notes , resource books , educational tricks ඒ සියලුම දේ හොයාගන්න පුළුවන් telegram වලින්.

ගුණමකු dail එකක් ඇරෙන්න අනිත් අය නම් ඉගෙන ගන්න දෙයක් ඉල්ලාගෙන ඉන්බොක්ස් ආවත් ඒ ළමයට ඒ දේවල් ගන්න group link එකක් හෝ චැනල් එකක් හෝ බොට් කෙනෙකු share කරනවා. එහෙමත් කුණු කෙනෙක් තමයි බ්ලොක් කරන්නෙ...

paper Clz යන්න සල්ලි නෑ කියලා papers නොලියා ඉන්න තරම් මෝඩයෙක් වෙන්න එපා. ආයේ ඉතින් කෙලවෙනවා කියන්නේ සුපිරියටම

ඒ හින්දා පුළුවන් තරම් past papers කරන්න. ඊට අමතරව group වල share වෙලා තියෙන papers කරන්න උපරිම උත්සාහයක් දෙන්න.

පුලුවන්නං campus ඉන්න ලගපාත අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි එක්ක touch එකේ ඉන්න. වැඩ කරන යාළුවෝ ටිකක් වටේට තියාගන්න.

පුළුවන්නම් එහෙම සල්ලි මාරුවක් තියෙන යාලුවෙක් එක්ක online clz එකම device එකෙන් දෙන්නම එකට බලන්න set කරගන්න.

මේ දේවල් අස්සේ exam පැත්තකින් තියලා job කරන්න යන්න හදන්න එපා. දෙයක් තේරෙන නිසයි කියන්නේ.

එහෙනම් හැමෝටම good luck
3.5K views13:24
ओपन / कमेंट