Get Mystery Box with random crypto!

Mathsඅපි Official

टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official M
टेलीग्राम चैनल का लोगो mathsapiofficial — Mathsඅපි Official
चैनल का पता: @mathsapiofficial
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 19.08K
चैनल से विवरण

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...
Telegram Channel
https://t.me/MathsApiOfficial
Telegram Group
https://t.me/MathsApiOfficialGroup

Ratings & Reviews

1.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

2


नवीनतम संदेश 190

2021-05-25 16:02:10
මේක සාම්ප්‍රදායික පන්තියක් නෙවෙයි.. මේක Organic package එකක්.. පැය 45න් ඔයා මොන මට්ටම හිටියත් පේපරෙන් ලකුණු 24ක් ගොඩදාගන්න හදපු විශේෂ පාඨමාලාවක්..

2021 A/L ලියන Theory/Revision දෙගොල්ලන්ටම පුලුවන්.. මොන මට්ටමක හිටියත් මුල ඉදන්ම Organic ගොඩදාගන්න පුලුවන්...

මෙච්චර කල් Organic මාස 4ක් 5ක් ඉගෙනගෙනත් සෑහෙන්න ගාණක් වියදම් කරලා තවමත් Organic හරියට බැරිඋන ඔයාට... Organic වලින් පේපර් එකෙන් 24%ක් එන නිසා. Organic අවුල් ගියොත් පේපරේම අවුල් යන නිසා. අපි ඉතා කාර්‍යකෂමව සියලු විශය කරුණු අංගසම්පූර්ණව සරල මට්ටමේ සිට ගැඹුරට කරන නිසා Chemistry පේපරෙන් ලකුණු 24ක් ගොඩදාගන්න පුළුවන්.

මුල්දවස සම්පූර්ණයෙන්ම Free.. ඔයා Register උන ගමන් මුල් Tute එකත් Free ඔයාට ලැබෙනවා.. ඉතින් මම කියන්නේ පලවෙනි දවස ඔයා අපිත් එක්ක එකතු වෙලා බලන්න. ඊට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් ඉතුරු දවස් 14 ගැන.

ක්ලාස් එකේ Work schedule එක, Time table එක, සම්පූර්ණ විස්තර සහ පලවෙනි දවසේ Tute එක පහත ගෘප් වලින් අපි ලබාදෙනවා.

Whatsapp Group : https://chat.whatsapp.com/BmMMmfMvoVrJLgrtJU0qZ5

Telegram Group : https://t.me/joinchat/mDloIWIcKkQ4ZmY1
2.7K viewsManoj Madusanka, 13:02
ओपन / कमेंट
2021-05-25 14:28:19 රුහුණේ, මොකක්ද මේ අලුතෙන් දෙනවා කියන Engineering Degree එක

Bsc(Hons)Eng Specialization in Computer Engineering - University Ruhuna

Ruhuna - Computer Engineering පටන් ගන්නෙ 2019/2020 විශ්ව විද්‍යාල අධ්‍යන වර්ශයට අදාලව, නමුත් ලංකාවේ වැඩිම Computer Engineering සිසුන් පිරිසක් ඇතුල් කරගන්නෙ මේ පාඨමාලාවට (සිසුන් 200 ක් ).
මෙම ගෞරව උපාධිය පිරිනමන්නේ Electrical and Information Engineering Department මගින්. මේ වන විට IESL Full Accreditation / Washington Accord , Department එකට තියන නිසා . CE සදහා ද එම පිලිගැනීම ලැබීමට නියමිතයි.

දැනට EIE සතුව පවතින විද්‍යාගාර පහසුකම් වලට අමතරව CE සදහා නවීන පරිගණක විද්‍යාගාර 13 ක් ඉදිකිරීමට නියමිතය.
මෙහි උප අංශ වශයෙන්,

1. Data Science Engineering
2. Embedded Systems Engineering
3. Network security Engineering
4. Software Engineering
5. Systems Engineering

යන ක්ෂේත්‍ර 5 නම් කර තිබේ. පාඨමාලාව හදාරන කාලය තුළ මෙම ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පූර්ණ නිපුණතාව ලබා ගත හැක.
දැනට විශාලතම රැකියා ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් ලෙස Computer Engineering හදුනාගෙන තියෙනවා.

මීට සමගාමීව උපාධි ප්‍රධානය කරන වෙනත් පීඨ වලට සාපේක්ෂව Computer Engineering වලට තේරීමේ වැඩි හැකියාවක් රුහුණ ඉන්ජිනේරු පීඨය තුල පවතියි. (සමස්ත කණ්ඩායමෙන් 200/520)

මොකක්ද මේ IESL , IESL Accreditation වැදගත්ද?

IESL Accreditation වල වැදගත්කම මේ වන විට තවත් වැඩි වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි Engineering Council Sri Lanka මගින් ඉන්ජිනේරුවෙක් ලෙස සේවය කිරීමට අවශ්‍ය සහතිකය ලබා දීමට IESL අනිවාර්යය කර තිබීමයි. ඒ වගේම ඉංජිනේරු ක්ෂේත්‍ර ගණනාවකම IESL Accreditated උපාධි පාඨමාලා වෙනුවෙන් රැකියා සැපයීමේ ප්‍රමුඛතාවය දක්වයි.

IESL Accreditation කියන්නේ තනි උපාධි පාඨමාලාවක් හෝ ප්‍රධානය කරන Department සදහා, පිරිනමන සහතිකයයි. මෙහිදී එම උපාධි පාඨමාලාව පිලිගත් ප්‍රමිතින්ට අනුකූලව සහ නියමිත පහසුකම් යටතේ සිදුකරන බව කියවෙයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුල

Civil and Environmental Engineering
Electrical and Information Engineering
Mechanical and Manufacturing Engineering

යන Department 3 සදහාම IESL පුර්ණ කාලීන අනුමැතිය හිමි වී ඇත.

Washington Accord යටතේ, IESL මගින් ශ්‍රි ලංකාවේ Accreditated ඉන්ජිනේරු උපාධි පාඨමාලා වල ප්‍රමිතිය නිරීක්ෂණය කරන ආකාරයට තවත් රටවල් 20 මගින් ඒ ඒ රටවල අදාල ආයතන මගින් ඉන්ජිනේරු පාඨමාලා නිරීක්ෂණය කරයි ඒ අනුව Washington Accord සදහා අයත් වන රටවල් වන්නේ,

South Korea
Russia
Malaysia
China
South Africa
New Zealand
Australia
Canada
Ireland
Hong Kong
Chinese Thaipe
Singapore
Sri Lanka
Japan
India
United States
Turkey
United Kingdom
Costa Rica
Pakistan
Peru

ඒ අනුව මෙම ඕනෑම රටක ඉන්ජිනේරුවකු ලෙස සේවය කිරීමට IESL සහතිකය මගින් හැකිවේ. විශේශත්වය වන්නේ රුහුණ විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයට පූර්ණ වශයෙන් Washington Accord යටතේ IESL Accredited වී තිබීමයි.

සටහන: Thineth Liyanage
ඉදිරිපත් කිරීම: @MathsApiOfficial
2.8K viewsManoj Madusanka, 11:28
ओपन / कमेंट
2021-05-25 14:27:50
2.5K viewsManoj Madusanka, 11:27
ओपन / कमेंट
2021-05-25 10:57:28 Computer science එක තරන් වැඩි අවදානයෙන් තෝරාගත යුතු pathways නොතිබුනත් එහිදීත් pathways කීපයක් හදුන්වාදී ඇත.
මේ pathways මේ වනවිට කැලණි software engineering degree එක සදහා හදුන්වාදී ඇති pathways වේ.

*Net Centric Applications
*Mobile Computing Applications
*Data Science and Engineering Applications
*Health Informatics Applications
*Digital Gaming and Animation Applications
*Business Engineering Applications

Industry එක තුල ඇති අවස්තා :-

මා පෙර සදහන් කර පරිදිම it ක්ෂේත්‍රය සදහා ඉහල රැකියා අවස්තාවක් පවතී.

* Software engineer
* Application developer
* Game developer
* Information system manager
* Multimedia programmer
* Web designer
* Full satck developer
* System engineer

ඔබ උපාධියට අමතරව තවත් පාඨමාලා හදාරන්නේ නම් ඇත්තෙන්ම ඔබට ඉහල වටිනාකමක් හිමිවේ. Private campus වලින්ද වසරකට සැලකියයුතු පිරිසක් ක්ෂේත්‍රයට එක් වන නිසා තමා තරගකාරී හා දක්ෂයෙකු වන තරමට ඉහල වැටුපක් හා ඉහල පිලිගැනීමක් ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙම උපාධි දෙකටම මුල semester වලදී විශය කරුණු පවා බොහෝදුරට සමාන වෙනවා. ඔබ computer science ද software engineering ද යන්න තෝරාගත යුත්තේ ඔබගේ ඉලක්කය හීනය අනුවයි. මිසක් මින් එක degree එකක් වත් අනෙකට වඩා පහල යැයි සැලකිය නොහැක.

සටහන: Bihan Kavinda
ඉදිරිපත් කිරීම: @MathsApiOfficial
2.9K viewsManoj Madusanka, 07:57
ओपन / कमेंट
2021-05-25 10:57:28 " computer science vs software engineering "

ආදරනීය නංගියේ මල්ලියේ,

Computer science කියන්නෙත් software engineering කියන්නෙත් මේ වෙනකොට it industry එක තුල ගොඩක් value එකක් තියන degree දෙකක්. මේ දවස්වල අලුතෙන් campus වලට ඇතුලත් වෙන අයට මේ විස්තරය වැදගත් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් මේ දෙකේ තියන්නේ මොනවගේ වෙනස්කම් ටිකක්ද කියල පෙනන්න මම මේ සටහන තියනවා.

කාරනාව වඩාත් පැහැදිලි කරන්න ඕනා නිසා මං උදාහරණයක් විදිහට කැලණි computer science degree එකයි, කැලණි software engineering degree එකයි තෝරගන්නවා. මං ඒ දෙක තෝරගත්තේ මම කැලනි computer science එකේ undergraduate කෙනෙක් නිසා වඩා හොදින් පැහැදිලි කරන්න පුලුවන් වෙයි කියලා හිතන නිසා. මේකෙ ඇතුලත් සමහර කරුණු කැම්පස් එකෙන් එකට වෙනස් වෙන්න පුලුවන් බව මම දැනුවත් කරන්න කැමති .

Computer science :-

Computer science degree එක කොලඹ ucsc, කැලණි, රුහුන, යාපනය, තිකුනාමලය යන කැම්පස්වලදී මේ වෙනකොට ලබාගන්න පුලුවන්.
කැළණියේදී හා යාපන විශ්ව විද්‍යාල වලදී ඔබට වසර 4ක ගෞරව උපාධිය සමග ලබාගත හැක. අනෙක් විශ්ව විද්‍යාල වලදී තෝරගත් පිරිසකට පමනක් ගෞරව උපාධිය හිමි වේ අනෙක් කොටසට උපාධිය වසර 3කට සීමා වේ. ලංකාව තුල මෙම උපාධි දෙකටම සම පිලිගැනීමක් හිමිවේ වැටුපද බොහෝදුරට සමාන වේ. මෙහි ඇති වෙනස වන්නේ ඔබ වැඩිදුර අධ්‍යාපනය සදහා යොමු වන්නට අදහසක් ඇතනම් හෝ විදේශ රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලබන්නට අදහසක් ඇත්නම් ඔබට ගෞරව උපාධියක් තිබීම අත්‍යවශ්‍ය වේ.

මේ degree එක තුලදී වැඩි වශයෙන් ගනිතමය සංකල්ප, තර්ක අදී දේවල් වැඩිපුර භාවිත වෙනවා. පරිගණකයක theoretical side එක ගොඩක් දකින්න පුලුවන්. උදාහරණයක් විදිහට computer operating system, computer architecture වගේ ඒවත් database management, web programming, artificial intelligent, mobile app development මේ වගේ subject ගොඩක් තියනවා.

මා පෙර සදහන් කල පරිදිම Computer science එකේ ගොඩක්ම focus කරන්නේ computer languages, basic structures, theoretical usage වගේ දේවල්. මේ degree එකේ තියන විශේෂත්වය වන්නේ ඔයා තෝරගන්න pathway එක අනුව තමා ඔයාගෙ it industry එකේ career එක හැදෙන්නේ. ඒ නිසා ගොඩක් කල්පනා කරල ඒක තෝරගන්න වෙනවා, මොකද පස්සේ උවමනා උනත් ඔයාට ඒක මාරු කරගෙන ඉදිරි වැඩ කරගන්න අමාරු වෙන්න පුලුවන්.

අනිත් දේ තමා ඔයා Mcs එකක් Phd එකක් වගේ කරනවනම් ඔයා තෝරගන්න ඕනා computer science වගේ එකක් මිස software engineering නොවේ. මොකද පිටරට තියන ගොඩක් කැම්පස් වල phd එක කරද්දි computer science degree එකක් ඉල්ලනවා. Software engineering වලට නැතුවාම කියන්න බෑ. හැබයි අවස්තාව අඩුයි.

මොනවාද තියන pathways :-

මේ මා ඉදිරිපත් කරන pathways මේ වන විට අපට තෝරාගැනීමට දී ඇති pathways බවත් කැම්පස් එකෙන් එකට යම් යම් වෙනස්කම් සිදුවිය හැකි බව කරුනාවෙන් සලකන්න.

* Cyber security
* Data science
* Artificial intelligent
* Scientific Computing
* standard pathway

කැලණිය computer science degree එක වසර 4 ක degree එකක් නිසා ඔයාලට 3 වන අවුරුද්දෙදි ඉහත pathway එකක් තෝරගෙන ඒකෙන් ඔයාගෙ specialist එක ගන්න පුලුවන්. කොළඹ හා රුහුනේදී මේ අවස්තවා හිමිවන්නේ ඉහලම GPA එකක් සහිත තෝරගත් කොටසකට බව තමා මම අසා තියෙන්නේ, අනිත් අයට degree එක වසර 3 කට සීමා වෙනවා. Degree එක වසර 3 ද 4ද මත ඔබේ අනාගතය තීරනය නොවන බව මම ඉතා උවමනාවෙන් ප්‍රකාශ කරමි හුදෙක් එය ඔබගේ හැකියාව හා අත් දැකීම් මත පදනම් වන නිසාවෙනි.

Industry එක තුල තියන අවස්තා :-

තාක්ෂණය දියුනුවත් සමග සමස්ත ලෝකයම පරිගණක තාක්ෂණයට නැඹුරුවීමත් සමග it degree සදහා ඉහල ඉල්ලුමක් පවතී. ලංකාව තුලත් මේ වනවිට ඉහල ඉල්ලුමක් ඇති වෙමින් පවතී.

* Web developer
* programmer
* Mobile / cloud developer
* Software engineer
* Business analyst
* Product manager
* cyber security analyst
* Database administrator
* It consultant

මේ ආකාරයට රැකියා අවස්තා රාශියක් industry එක තුල ඔබට තෝරාගන්න තියනවා.

Software engineering :-

මේ වනවිට software engineering degree එක ගන්න පුලුවන් කැළණි හා සබරගමුව විශ්ව විද්‍යාල වලිනි. Software engineering හීදී වැඩි අවදානම යොමු වන්නේ software background එකක් සදහායි. Software එකක් create, maintain and design වගේ දේවල් කෙරෙනවා.

කැම්පස් වල engineering faculty එකේ මේ සම්බන්ද degree එක computer science engineering ලෙස තමා ලබාදෙන්නේ.. software engineering එකයි මේකෙයි යම් වෙනස්කම් තියනවා. Software engineering හීදී focus වන්නේ software වන අතර computer science engineering හීදී software & electronic(hardware ) යන ක්ෂේත්‍ර ආවරණය වෙනවා.

මොනවද pathways :-
2.9K viewsManoj Madusanka, 07:57
ओपन / कमेंट
2021-05-25 10:56:44
2.8K viewsManoj Madusanka, 07:56
ओपन / कमेंट
2021-05-24 15:37:25
විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී අදාළ සහතිකපත් යොමු කළ යුතු ආකාරය.

@MathsApiOfficial
4.2K viewsManoj Madusanka, 12:37
ओपन / कमेंट
2021-05-24 14:52:22
සතුටුදායක ආරංචියක්!
ගොඩක් අය හොයපු අපෙන් ඉල්ලපු ඌව Aptitude Test එකේ පේපර් කිහිපයක් ලැබුනා. 2009 පරණයි තමයි ඒත් එකක්වත් නැතුවනේ හිටියේ. මේකෙන් පේපර් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්.

මේ තියෙන්නේ Computer Science & Technology පේපර් එක. අනිත් පේපර් ටිකත් ඔක්කොම සයිට් එකට දාලා තියෙන්නේ. ඕනේ කෙනෙක්ට කෙලින්ම Download කරගන්න පුළුවන්. ඒ අතර අපි දිනපතා පේපර් එකින් එක මේ විදිහට දානවා. ජය!

#Team_Maths අපි

Link

https://www.mathsapi.com/2020/06/uva-wellassa-university-computer.html
3.8K viewsManoj Madusanka, 11:52
ओपन / कमेंट
2021-05-24 12:57:44
Uva Wellassa University Common General Paper Aptitude Test 2009

සතුටුදායක ආරංචියක්!
ගොඩක් අය හොයපු අපෙන් ඉල්ලපු ඌව Aptitude Test එකේ පේපර් කිහිපයක් ලැබුනා. 2009 පරණයි තමයි ඒත් එකක්වත් නැතුවනේ හිටියේ. මේකෙන් පේපර් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්.

ටෙස්ට් එක ගැන කිව්වොත් පාඨමාලා හතරෙන් හැමෝටම මේ Common General එක දෙනවා. ඊට පස්සේ තෝරාගත් පාඨමාලාවට අදාල ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. මම හිතන්නේ ඒක තමයි ක්‍රියා පටිපාටිය.

පේපර් ටික ඔක්කොම සයිට් එකට දාලා තියෙන්නේ. ඕනේ කෙනෙක්ට කෙලින්ම Download කරගන්න පුළුවන්. ඒ අතර අපි දිනපතා පේපර් එකින් එක මේ විදිහට දානවා. ජය!

#Team_Maths අපි

Link : https://www.mathsapi.com/2020/06/uva-wellassa-university-common-general.html
3.8K viewsManoj Madusanka, 09:57
ओपन / कमेंट
2021-05-24 06:17:37
Uva Wellassa University Aptitude Test 2021 Application

පහත සදහන් පාඨමාලා සදහා අභියෝග්‍යතා පරීක්ෂණ පැවැත්වේ.

Computer Science and Technology
Industrial Information Technology
Entrepreneurship and Management
Hospitatlity, Tourism and Events Management

අභියෝග්‍යතා පරීක්ෂණය පවත්වනු ලබන දිනය පසුව දැනුම් දෙන අතර සුදුසුකම්ලත් අයදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍ර email මගින් එවනු ලැබේ.

සියලුම විභාග සදහා අදාල විභාග ගාස්තු සහිතව එක් අයදුම්පතක් සෑහේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2021.06.23

Link : https://www.mathsapi.com/2021/05/uva-wellassa-university-aptitude-test.html

@MathsApiOfficial
4.1K viewsManoj Madusanka, 03:17
ओपन / कमेंट