Get Mystery Box with random crypto!

🖤 Dream Gallery 🖤

टेलीग्राम चैनल का लोगो dreamgallery_lk — 🖤 Dream Gallery 🖤 D
टेलीग्राम चैनल का लोगो dreamgallery_lk — 🖤 Dream Gallery 🖤
चैनल का पता: @dreamgallery_lk
श्रेणियाँ: कोटेशन
भाषा: हिंदी
ग्राहकों: 866
चैनल से विवरण

🌸🐚 වස්සානයේ දගකාර සිත් වල සොදුරු නවාතැන 🥀🕸
♡︎ Fashion 👗👠👛
♡︎ Beauty 💅💄
♡︎ Designing 📿🌈
♡︎ Music 🎸🎷🎧
♡︎ Life 🎢🧚❤️
♡︎ Nature 🐞🌾🍁
♡︎ Stories 💗📔✒️
♡︎ Everything 🌍🎊🎋

@Dream20Gallery_Dis
@DreamGallery_sendhere_bot

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


नवीनतम संदेश 5

2022-05-11 04:10:17 WARNING : PLEASE SHARE

මේ මොහොතේ ප්‍රචණ්ඩකාරීව පිළිවෙතක් අනුගමනය කරමින් දේපල විනාස කරන ඇතමුන් ආණ්ඩුව විසින්ම යොදවපු අයයි.

සදුවෙමින් පවතින ඇතැම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඔවුන්ගේම අයවලුන් සිදුකරන ඒවා බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පවසයි

ඔවුන්ගේ සැලසුමේ මීලඟ ක්‍රියාදාමයන් තුළ ආගමික ස්ථානවලට පහරදීමද, පොදු ස්ථානවලට හානි කිරීමද ඇතුළත් වේ. ඒ ගැන සැලකිලිමත් වන්න.

මේ වන විට අසත්‍ය ප්‍රචාර හා පුවත් රැසක් සමාජ මාධ්‍ය හරහා වරින් වර ජනගත කරමින් මිනිසුන් නොමඟ යවන,අවධානය වෙනතකට හරවන ඩිජිටල් මර්දනයක් ඔවුන්ට පක්ෂපාතී ෆේස්බුක් පිටු හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.

සමාජ මාධ්‍ය හරහා ප්‍රචණ්ඩයත්වයට පෙලඹවීමත්, පවතින ආවේගශීලී මානසික මට්ටම්වලින් ප්‍රයෝජනගැනීමත් ඔවුන්ගේ මූලික අභිප්‍රයායි

සයළු දේ හරහා රට හමුදා පාලනයකට රැගෙන ඒමේ පාර කපාගැනීම ඔවුන්ගේ මූලික අරමුණයි.

රටේ විධායකය මේ වනවිටත් හිටපු හමුදා නිලධාරීයකු සතුවන අතර ආරක්ෂක ලේකම් හිටපු හමුදා නිලධාරීයෙකු බවද අමතක නොකළ යුතුය.යුධ හමුදාපතිටද බලය පවරා ඇත.

අග්‍රාමාත්‍යවරයකු හා කැබිනට් මණ්ඩලයක් මේ වනවිට නැත. ඒ අනුව රටේ ව්‍යවස්ථාදායක බලතලද තිබෙන්නේ අප යන්න කියනා ජනාධිපතිවරයාටයි.

රට තුල හදිසි නීතිය ක්‍රියාත්මක වේ.වසර 32 පසු බරපතලම ඇදිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබ කියන කුලී හමුදාවට සහ පොලීසියට සම්පූර්ණ බලය ලැබී ඇත.

ඔවුන්ගේ ක්‍රියාදාමය ඔවුන්ට වාසිදායක වන අයුරින් භුමිය සකසා ගැනීමටයි.

හොඳින් මතක තබාගන්න! මෙරට දරුණුතම හා අසාර්ථකම පාලකයාගේ පාලනයත් හමුදා පාලනයකට වඩා හොඳ බව.ශිෂ්ඨ සම්පන්න බව.

අරගලයට ප්‍රචණ්ඩත්වයට මුසු කිරීමට ඔවුන් කාලයක සිට ගන්නා ලද වෑයම සාර්ථක වී ඇත. දැන් අඩියක් පස්සට ගන්න. උසි ගැන්වීම්වලට නොරැවටෙන්න.

මෙතෙක් ඔබ සමඟ හිටගත් මිනිසුන්ව විශ්වාස කරන්න.නීතිවේදීන් සියල්ල බලාගනීවි.අප නිවැරදි නිසා ඔබ අදහන දෙවියන් බුදුන් පව මේ මොහොතේ අප සමඟ සිට ගනීවි.

නිවෙන්න! සහ නිවන්න!

ප්‍රමේෂ් වික්‍රමසිංහ
256 viewsPabasara Dilhara, 01:10
ओपन / कमेंट
2022-05-10 20:15:56 Notice



මේක කොපි කරලා ඉක්මනින් බෙදාහරින්න

හොරකම් කරනවා කියන්නේ ජනසතු කරනවා නෙමෙයි.. හොරකම් කරනවා කියන්නේ නොකියා අරන් ගිහින් කාගෙ හරි තනි පාවිච්චියට ගන්න එකට.. ඒ නිසා මේ කලබල අස්සේ ඔයාලගේ ගෙදර කෙනෙක් දෙයක් හොරකම් කරන් ගෙදර ගෙනාවොත් ඒවා ගැරඬි කුණක් කියලා හිතලා එළියට විසි කරන්න්.. දන්න කෙනෙක් එහෙම කරනවා නම් ඌට හරි වැරැද්ද කියලා දෙන්න..

දේශබන්දු තෙන්නකෝන් නොම්මර එකේ කපටියෙක්.. එයා ගුටිකන්න ආවේ හිතලමයි.. DIG කෙනෙක් වාහනයක් එලවගෙන නිකන් පාරේ යන්නේ නෑ.. මේ වගේ වෙලාවක කොහොමත් යන්නේ නෑ.. එයා දන්නවා දැන් ඊයේ කලබල වෙලාවෙදි එයා මැරයොත් එක්ක ඉන්න ෆොටෝ තියෙන බව.. එයාට ඔයාලගෙන් වැඩක් නෑ.. එයාට ඕනෙ පොලිස්පති වෙන්න.. එයාගේ තනි තරුවයි එයාට ඕනේ.. මොන ටීවි චැනල් එකට ඇවිත් බණ කිව්වත් කාට කාටත් ඕනේ ඒක.. ඒ නිසා එයාලා ඔයාලගේ මලකඳ උඩින් හරි ඒක ගන්නවා..

මල්වානේ ගේ ගිනි ගත්තලු.. ඒ පැත්තෙ අය කියනවා ගිනි තිබ්බේ පොලිසියෙන් කියලා.. ඕකෙ පොලව කුඹුක් ලී.. ඒකම ඇති නඩු දාන්න.. ඒත් ඒ ගෙදර ගිනි තිබ්බම ඒ කිසි ප්‍රශ්නයක් නෑ.. එව්වට ඉන්ෂුවරන්ස් ප්‍රශ්න එන්නෙත් නෑ.. සිවිල් නැගිටීමකදී විනාශ වුන ඒවා නිසා.. එතකොට ගිනි තියපු ගෙවල් පෙන්නලා ඒ ඔක්කොටම මේකෙ ඉන්නම බැරි තැනකට ආවොත් Political Refugee හැටියට වෙනත් රටකට යන්න ඉල්ලන්න පුළුවන්.. ඊයේ ගෙවල් ගිනි තිබ්බ එකයි, අද ගෙවල් ගිනි තියන එකයි දෙකක්..මම ඊයේ එකට මුකුත් කියන්නේ නෑ.. ඒත් ඊයේ රෑ 12න් පස්සේ වුන දේවල් මට අනුව නම් Not Ok.. මගෙන් අහලා ගිනි තිබ්බා නෙමෙයි නේ..

පොලිසිය සහ හමුදාව අසාමාන්‍ය විදියට නිහඬයි, නිශ්චලයි.. ඊයේ කලබලේට මූලික වුන කිසිම කෙනෙක් මේ වෙනකම් අත් අඩංගුවට අරන් නෑ.. ජනාධිපති හැමතැනම Twitter පණිවිඩ දදා, ජාත්‍යන්තර මාධ්‍ය වලට පේන්න ජනතාවගෙන් සංසුන් වෙන්න කියලා ඉල්ලනවා.. ඉංග්‍රීසියෙන්.. ඒක අර විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කාර්යාලේ ඉස්සරහට ගිහින් ට්‍රම්ප් ගෙදර පල කියලා සිංහලෙන් උද්ඝෝෂණ කලා වගේ.. ජනාධිපති හදන්නේ පාලක පක්ෂය සංසුන්, රටේ මහ ජනතාව තමයි නොසංසුන් කියලා වෙනත් රටවල් වලට පණිවිඩේ යවන්න.. එයාගේ එකම ගැලවීම ඒක තමයි..

එතකොට සියලුම රටේ ආරක්ෂාව බාර ලොකුම තනතුරු තියෙන අය බලය ඇදගත්තේ ව්‍යවස්ථාවෙන් නෙමෙයි.. එයාලා බලය ඇදගත්තේ විධායකයෙන්.. ඒ කියන්නේ රාජපක්ෂලගෙන්.. රාජපක්ෂලා ඉන්නකම් තමයි එයාලට බේරෙන්න ලැබෙන්නේ.. ඒ නිසා කිසිම සැකයක් තියා ගන්න එපා ඒගොල්ලො ඔක්කොම එකතු වෙලා රාජපක්ෂලා සෙට් එකම මේ රටෙන් පිටත් කරනවා.. ඒ නිසයි එයාලා සියලුම ආරක්ෂක අංශ Neutral කරලා තියලා තියෙන්නේ උඹලා ඕනෙ තරම් ගිනි තියපල්ලකෝ කියලා.. එයාලා වැඩේ පටන් අරන් ඉවරයි.. ඊට පස්සේ අර ඔයාලා ඡන්දෙ කාලේ ඉල්ලුවේ, හමුදා පාලනයක් කියලා එකක්.. ඒක ගේනවා.. අවුලක් නෑනේ, ඔයාලා ආසාවෙන් හිටියේ ඒකට නේද?

මේ අතරේ භාරතීය ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වුන සුබ්‍රමනියම් ස්වාමි පණිවිඩයක් නිකුත් කරනවා.. මේ තත්වෙ ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂාවට බාධාවක්ය, ඒ නිසා ඉන්දියානු හමුදාව යැවිය යුතුය කියලා.. ඒත් එයා ලංකාව කියලා නොකියා ඉන්න පරිස්සම් වෙනවා.. හේතුව එයා දන්නවා ඇමරිකාව මේ වෙද්දි තමන්ගේ රේඩාර් ලංකාව දිහාට හරවලා තියෙන වග.. එයාලට ඕනේ එක කලබලයයි.. ඊට පස්සේ ඉන්දියානු හමුදාවට මෙහෙ එන්න පුළුවන්.. සමහරවිට හෙට හෝ අනිද්දා ලංකාවේ පොලිසිය හරි හමුදාව හරි ඒ කලබලය හදලා දෙයි.. ඊට පස්සේ ඔය ස්වාධීන රාජ්‍ය කියන එක ඔයාලගේ ඔලුවෙන් අයින් කරගන්න.. ඔයාලා බල්ලන්ටත් අන්ත වෙනවා ඊට පස්සේ.. ඔයාලට කන්න වෙන්නේ ඉදුල්..

මේ අද, මම මේක ලියන වෙලාව වෙනකොට වුන සිද්ධි ටිකේ සමාලෝචනය.. මම කැමති නෑ ගෑනු ඔයාලව විදේශීය හමුදාවක් ඇවිත් සමූහ දූෂණයට ලක් කරලා පාරවල් වල මරලා දාලා තියෙනවා දකින්න, මම කැමති නෑ පිරිමි ඔයාලා වධකාගාර වල මැරෙනවා දකින්න.. මම කැමති නෑ දරු පැටවුන්ගේ මිනී ගඟේ පාවෙනවා දකින්න.. මොකද මේවා දැනටත් මේ ලෝකෙ සිද්ධ වෙනවා.. අන්තිම නරක ප්‍රජාතන්ත්‍රවාදයත් හොඳම හමුදා පාලනයට වඩා හොඳයි.. ඔයාලට අන්තර්ජාලය තාම තියෙනවා.. හොයලා බලන්න රට රටවල් ගැන..

ඒ නිසා කරුණාකරලා දැන් සංසුන් වෙන්න.. මිනිහෙක් අවශ්‍ය වෙලාවට තනියම සංසුන් වීමත් අරගලයක්.. ඒ අරගලයත් කරලා බලන්න.. නැත්නම් මැරෙනකම් සංසුන්ව නිදාගන්න ලැබෙන එකක් නෑ මේ දැන් වෙන දේවල් දිගටම වුනොත්.. අද කිව්වා කියලා ලියලා තියාගන්න..

ලිව්වේ - ගිහාන් පන්තියගේ
232 viewsPabasara Dilhara, 17:15
ओपन / कमेंट
2022-05-09 13:19:07
ඡායාරූපයේ සිටින්නේ සිය පෙම්වතාට වෙඩි වැදී බිමට වැටුණු පසු කෝපයටත් කලබලයටත් පත්ව පෙම්වතාගේ අවියෙන්ම ඉංග්‍රීසි හමුදාවට වෙඩි තබන අයර්ලන්ත තරුණියකි.

ඇයගේ තුවාල ලැබූ පෙම්වතා පසුව බේරා ගනු ලැබූ අතර ඈ සටනේදී ඉංග්‍රීසි හමුදාව අතින් මිය ගියාය.

ඇය මේ මියගිය පසු තමන් සමග මෙතෙක් වෙලා සටන් කළේ තරුණියක බව දැනගත් ඉංග්‍රීසීන් ඇයට ගෞරවයක් ලෙස අයර්ලන්ත හමුදාවටම ඇයගේ මළ සිරුර ගෙන ගෙනයාමට ඉඩ දී බලා සිටියහ.

එක් ඉංග්‍රීසි නිලධාරියකු තවත් ඉංග්‍රීසි නිලධාරියෙකුට මෙසේ කීවේය.

" බලපං... අපි යුද්ධ කරන්නේ අපි ගැන මෙලොව තැකීමක් නැති රැජිනක් වෙනුවෙන් ..
නමුත් ඈ සටන් කළේ ඇගේ පෙම්වතා වෙනුවෙන්... මාතෘ භූමිය වෙනුවෙන් .. "

අයරිශ්වරු එක් කාන්තා දිනයකදී මෙම ඡායාරූපය කාන්තා දින තේමා ඡායාරූපය ලෙස තෝරා ගත්හ..
එහිදී ඇගේ දිවිය අරුත් ගැන්වෙන ලෙස ,

" ශක්තිමත් ගැහැනියකට ආදරය කරන්න .. ඇය දිනෙක ඔබගේ යුද හමුදාව වනු ඇත.. "

යන්න ලියා තිබුනි.

(උපුටා ගැනිණි)

ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ

➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
ᴛᴇʟᴇɢʀᴀᴍ
277 viewsYasiru Dilshan, 10:19
ओपन / कमेंट
2022-05-09 06:20:31 කාල කන්නි දේසපාලනුවො
276 viewsYasiru Dilshan, 03:20
ओपन / कमेंट
2022-05-09 06:13:11 උපුටාගැනීම් අන්තර්ජාලය
හෙළයේ සුන්දරත්වය


Copy
272 viewsYasiru Dilshan, edited  03:13
ओपन / कमेंट
2022-05-09 06:13:11 අපේ රටට තිබ්බ නැව් .එවා අද නෑ....

1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කර තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරියගේ පාළන සමයේ පී. බී. ජී. කලුගල්ල වෙළද හා නාවික අමාත්‍යවරයා ලෙස නාවික කටයුතු ආරම්භ කර තිබෙනවා. 1970 දී එහි ප්‍රධානය කාර්යාලය කොළඹ 1 බාරොන් ජයතිලක මාවතේ ආරම්භ කිරීමෙන් පසු, 1971 දී ප්‍රථම වරට මිලදී ගන්නා ලද ලංකා රාණි නෞකාව තමයි ශ්‍රී ලංකාවට අයිතිව තිබූ ප්‍රථම නැව.
එතැන් සිට වරින් වර මිලදී ගත් නෞකා 17ක් අප රට සතුව තිබි ඇත. මේ එම නෞකා ගැන තොරතුරුයි.

ලංකා රාණි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මුල් නාමය Finnamore Valley නම් විය. මෙම නැව ටොන් 10345ක් බර වන අතර, ටොන් 15472ක උපරිම බරක් ගෙන යා හැක.
1975 ජනවාරි 15 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 22 සිංගප්පූරුවේදී විකුණා ඇත.

ලංකා සාගරිකා

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 1591ක් බර වන අතර, ටොන් 2604ක උපරිම බරක් ගෙන යා හැක.
1972 පෙබරවාරි 8 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1983 ජූලි 5 ජපානයේදී විකුණා ඇත.

ලංකා දේවි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9869ක් බර වන අතර, ටොන් 14326ක උපරිම බරක් ගෙන යා හැක.
1972 අප්‍රේල් 11 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1987 පෙබරවාරි 1 නොර්වේදී විකුණා ඇත.

ලංකා කල්‍යාණි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5206ක් බර වන අතර, ටොන් 6376 ක උපරිම බරක් ගෙන යා හැක.
1972 සැප්තැම්බර් 20 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 සැප්තැම්බර් 2 Canton හිදී රාජ්‍යයට විකුණා ඇත.

ලංකා කාන්ති

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5678ක් බර වන අතර, ටොන් 6790 ක උපරිම බරක් ගෙන යා හැක.
1972 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 අගෝස්තු 21 කොළඹදී විකුණා ඇත.

ලංකා ශාන්ති

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9464ක් බර වන අතර, ටොන් 14580ක උපරිම බරක් ගෙන යා හැක.
1973 මැයි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 7 Antwerp හිදී විකුණා ඇත.

ලංකා කීර්ති

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 8620ක් බර වන අතර, ටොන් 12068 ක උපරිම බරක් ගෙන යා හැක.
1975 පෙබරවාරි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණා ඇත.

ලංකා රත්න

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 10203ක් බර වන අතර, ටොන් 15305 ක උපරිම බරක් ගෙන යා හැක.
1975 අගෝස්තු 29 ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 26 ස්පාඤ්ඤයේදි විකුණා ඇත.

තම්මැන්නා

ලංකාව සතුව තිබූ එකම බොර තෙල් ප්‍රවාහන නෞකාව මෙයයි. මෙම නැව ටොන් 18351ක් බර වන අතර, ටොන් 30278 ක උපරිම බරක් ගෙන යා හැක.
1975 සැප්තැම්බර් ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1984 අප්‍රේල් 6 කොළඹදී විකුණා ඇත.
1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ලලිත් ඇතුලත් මුදලි මහතා නාවික හා වෙළද අමාත්‍යවරයා ලෙස ලංකාවට ගෙන්වූ නෞකාවන් මෙසේයි.

ලංකා සිරි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
1982 පෙබරවාරි නිශ්පාදනය කල නැවකි.

ලංකා සීදේවි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
1982 මාර්තු නිශ්පාදනය කල නැවකි.

ලංකා ශ්‍රීමණී

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9129ක් බර වන අතර, ටොන් 9609ක උපරිම බරක් ගෙන යා හැක.
1982 අගොස්තු නිශ්පාදනය කල නැවකි.

ලංකා ශ්‍රීමතී

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11498ක් බර වන අතර, ටොන් 19447ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.

ලංකා මුදිත

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
1982 දෙසැම්බර් නිශ්පාදනය කල නැවකි.

ලංකා මහපොල

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
1983 ජූනි 29 නිශ්පාදනය කල නැවකි.

ලංකා අතුල

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11217ක් බර වන අතර, ටොන් 13880ක උපරිම බරක් ගෙන යා හැක.
1983 සැප්තැම්බර් 9 නිශ්පාදනය කල නැවකි.

ලංකා අජිත

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8678ක් බර වන අතර, ටොන් 11450ක උපරිම බරක් ගෙන යා හැක.
1985 ජනවාරි 10 නිශ්පාදනය කල නැවකි.

එහෙත් අද වන විට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව එක් නෞකාවක්වත් නොමැති අතර, අප රටට නැව් තිබෙන කාලයේ එක් නැවක් වත් නොතිබුණු මාලදිවයින, සිංගප්පූරුව, මැලේෂියාව වැනි රටවල් දැන් විශාල නැව් සමාගම් වල හිමි කරුවන් බවට පත් වී තිබෙනවා. ලෝකයේ නාවික ප්‍රධාන නාවික මාර්ග අසලම පිහිටි අපේ රට ඇත්තෙන්ම මේ වන විට ආසියාවේ විශාලතම නැව් හිමි රටක්ව තිබිය යුතු වුවත්, මුලින් තිබූ නෞකාත් අහිමි කරගනිමින් පරිහානියට පත් වීම වේදනාවට තුඩුදෙන කරුණක් වෙනවා.

Copy
267 viewsYasiru Dilshan, edited  03:13
ओपन / कमेंट
2022-05-09 00:15:32 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-05-08
236 viewsPabasara Dilhara, 21:15
ओपन / कमेंट
2022-05-09 00:15:10 https://telegra.ph/Vampire-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-05-06
226 viewsPabasara Dilhara, 21:15
ओपन / कमेंट
2022-05-09 00:14:30 https://telegra.ph/%E0%B6%B1%E0%B6%BD-%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB-04-12-2
207 viewsPabasara Dilhara, 21:14
ओपन / कमेंट
2022-05-09 00:14:29 https://telegra.ph/%E0%B6%B1%E0%B6%BD-%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB-04-11-4
204 viewsPabasara Dilhara, 21:14
ओपन / कमेंट