Get Mystery Box with random crypto!

WARNING : PLEASE SHARE මේ මොහොතේ ප්‍රචණ්ඩකාරීව පිළිවෙතක් අනු | 🖤 Dream Gallery 🖤

WARNING : PLEASE SHARE

මේ මොහොතේ ප්‍රචණ්ඩකාරීව පිළිවෙතක් අනුගමනය කරමින් දේපල විනාස කරන ඇතමුන් ආණ්ඩුව විසින්ම යොදවපු අයයි.

සදුවෙමින් පවතින ඇතැම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඔවුන්ගේම අයවලුන් සිදුකරන ඒවා බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පවසයි

ඔවුන්ගේ සැලසුමේ මීලඟ ක්‍රියාදාමයන් තුළ ආගමික ස්ථානවලට පහරදීමද, පොදු ස්ථානවලට හානි කිරීමද ඇතුළත් වේ. ඒ ගැන සැලකිලිමත් වන්න.

මේ වන විට අසත්‍ය ප්‍රචාර හා පුවත් රැසක් සමාජ මාධ්‍ය හරහා වරින් වර ජනගත කරමින් මිනිසුන් නොමඟ යවන,අවධානය වෙනතකට හරවන ඩිජිටල් මර්දනයක් ඔවුන්ට පක්ෂපාතී ෆේස්බුක් පිටු හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.

සමාජ මාධ්‍ය හරහා ප්‍රචණ්ඩයත්වයට පෙලඹවීමත්, පවතින ආවේගශීලී මානසික මට්ටම්වලින් ප්‍රයෝජනගැනීමත් ඔවුන්ගේ මූලික අභිප්‍රයායි

සයළු දේ හරහා රට හමුදා පාලනයකට රැගෙන ඒමේ පාර කපාගැනීම ඔවුන්ගේ මූලික අරමුණයි.

රටේ විධායකය මේ වනවිටත් හිටපු හමුදා නිලධාරීයකු සතුවන අතර ආරක්ෂක ලේකම් හිටපු හමුදා නිලධාරීයෙකු බවද අමතක නොකළ යුතුය.යුධ හමුදාපතිටද බලය පවරා ඇත.

අග්‍රාමාත්‍යවරයකු හා කැබිනට් මණ්ඩලයක් මේ වනවිට නැත. ඒ අනුව රටේ ව්‍යවස්ථාදායක බලතලද තිබෙන්නේ අප යන්න කියනා ජනාධිපතිවරයාටයි.

රට තුල හදිසි නීතිය ක්‍රියාත්මක වේ.වසර 32 පසු බරපතලම ඇදිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබ කියන කුලී හමුදාවට සහ පොලීසියට සම්පූර්ණ බලය ලැබී ඇත.

ඔවුන්ගේ ක්‍රියාදාමය ඔවුන්ට වාසිදායක වන අයුරින් භුමිය සකසා ගැනීමටයි.

හොඳින් මතක තබාගන්න! මෙරට දරුණුතම හා අසාර්ථකම පාලකයාගේ පාලනයත් හමුදා පාලනයකට වඩා හොඳ බව.ශිෂ්ඨ සම්පන්න බව.

අරගලයට ප්‍රචණ්ඩත්වයට මුසු කිරීමට ඔවුන් කාලයක සිට ගන්නා ලද වෑයම සාර්ථක වී ඇත. දැන් අඩියක් පස්සට ගන්න. උසි ගැන්වීම්වලට නොරැවටෙන්න.

මෙතෙක් ඔබ සමඟ හිටගත් මිනිසුන්ව විශ්වාස කරන්න.නීතිවේදීන් සියල්ල බලාගනීවි.අප නිවැරදි නිසා ඔබ අදහන දෙවියන් බුදුන් පව මේ මොහොතේ අප සමඟ සිට ගනීවි.

නිවෙන්න! සහ නිවන්න!

ප්‍රමේෂ් වික්‍රමසිංහ