Get Mystery Box with random crypto!

සුවපත් නොවන රිදුමක් හදවතේ ගැබුරෙහිම රදවාගෙන මා නුබ සමගින්ම සින | විඳින මාවත

සුවපත් නොවන රිදුමක්
හදවතේ ගැබුරෙහිම රදවාගෙන
මා නුබ සමගින්ම සිනාසෙනවා
නුබ මා හා සිනාසෙනවා
මා එය දකින්නේ ලෙංගතුකමට එහා ගිය
ප්‍රේමයක් විදිහට
නමුත් නුබ තවම
නොවටහාගත් කරුණත්
එයමයි
අහිමි වනවාදැයිවත් නොදැන
ලං කරගන්නටවත් තවම නොහැකිව
මගෙ හදවතේ නැගෙන රිදුමන්
හෙමිහෙමින් මම හංගනවා
ලග හිටියත් නොහිටියා වගේ
දැවෙන ⁣දැනෙනා හැම තත්පරයක්ම
මාව නොමරා මරනවා
අකමැතිවන්නටවත්
කියාගන්න බැරිව තවම ලතවෙන
මේ හැගිමට
කවදාකදිහරි
නුබම අර්ථකතනයක් දේවි යැයි මා සිතනවා

Niruwa