Get Mystery Box with random crypto!

+ මම ඔබෙන් ඇසුවොත් ජිවිතය කියන්නේ කුමකටද කියලා... ඔබ දෙන පිළිත | විඳින මාවත

+ මම ඔබෙන් ඇසුවොත් ජිවිතය කියන්නේ කුමකටද කියලා... ඔබ දෙන පිළිතුර කුමක්ද ?

- හරියටම නිර්වචනයක් දෙන්න අමාරුයි... ඒත්
මේ ජිවිතයේ උපන් දා සිටම මැරෙන තුරු දක්වාම ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න ... නමුත් මේ ප්‍රශ්න අතික්‍රමනය කර ජයගන්නා පුද්ගලයාට දක්ෂයා කියන්න පුලුවන්... වෙනස්කම් වලට හුරු වෙන කෙනාට... දුර්වලයා කියන්නේ ඒ වෙනස්කම්වලට හුරු වෙන්න බැරි කෙනාට.. නමුත් ඒක විටෙක සාපේක්ෂයි

+ ඉතින් මේ දුක්බරමිටියාවතෙන් සමුගන්නා දිනය තෙක් මේ අරගලය දියත් කල යුතුමයි

- ඔව් ඇත්තටම...
මිනිස්සුන් මේ අරගලයේදි සැනසිමක් සතුටක් අවශ්‍ය නිසා එක එක මාර්ගයන් තෝරාගන්නවා
ජයග්‍රහනය , ප්‍රේමය , අත්හැරිම
මම හිතන්නේ ඒයාලා තෝරගන්නේ මෙන්න මේ ත්‍රිත්වය....
නමුත් සතුට නම් සැනසිම නම් අත්හැරිමයි... එවිට කිසිවක් කෙරෙහිසිත ඇලි නොමැති නිසා

+ ඔබ තෝරාගත්තේ කුමක්ද ?

- ප්‍රේමය

+ සැනසිම ලැබුනාද ?

- නැහැ කියලා ඍජුව ප්‍රකාශ කරන්න බැ.. නමුත් බලා⁣පොරොත්තු වු අයුරින් නැහැ..

+ හේතුව

- ප්‍රේමය කියන්නෙත් තවත් ඇලිමක් ... හිමි වුවත් අහිමි වුවත්... සංසාර ගමනට බාධාවක්...
නමුත් සිදුහත් යශෝධරාවන් ඒ දෙපළ නම් ප්‍රේමයේ උපරිම ඵල ලැබුවන්

+ ඔබ දකින ප්‍රේමයේ අවසානය කුමක්ද

- මම හිතන්නේ ප්‍රේමයේ අවසානය මේ දුකින් නිදහස් විම කියලා... ඔබ මදකට හිතන්න එක් වරක් සැනසිමකින් සිනා සුනහොත් දවස් ගානක් අඩන්න වෙනවා ආදරේදි... ඒ හැටි.. නමුත් සියල්ලෝම ප්‍රේමය අත්හැර බවුන් වැඩිමට පිටත්ව යා යුතු නැ... ඒත් තමන්ගේ කියා ලං කරගත්තාටද පමණට වඩා නොසිතන්න.. කිමද
විටෙක ඒ ප්‍රේමයම හදවත දෙකඩ කරන බැවිනි

Niruwa