Get Mystery Box with random crypto!

- මම කැතයි නේද + නැ ඔයා තමයි ලස්සනම.... - ⁣ඔය ඔයා මගෙ හිත හ | විඳින මාවත

- මම කැතයි නේද

+ නැ ඔයා තමයි ලස්සනම....

- ⁣ඔය ඔයා මගෙ හිත හැදෙන්න කියන දේවල්.. ඒත් ඇත්තටම මම කැතයි

+ දැක්කද අර අහස... වෙලාවකට වහින්න වගේ.. තව වෙලාවකට නිල් පාටයි.. තවත් වෙලාවකට හිතාගන්නත් බැ.. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ හිත්.. ඒත් අහසින් වැටෙන වැස්සත්.. අව්වත්.. වටිනවා මේ ලොකේට... අපි දකින දේම නෙවෙයි ඉට වඩා දේවල් තියෙනවා මගෙ මැනික

- මගෙ රුපේ දැක්කම බය හිතෙනවා නේද

+ නැහැ ඒ අපි ලස්සනයි කියලා හිතින් මවාගත්ත දේවල් නිසා.. ඔයා⁣ගේ හදවත ලස්සනයි.. මම ආදරෙයි ඔයාට... හුගක්... ඒ ආදරේ නිසාම ඔයා ඔය කියන දේවල් වචන විතරයි... මට ඔයාව රැජිනක්

- මමත් ඔයාට ආදරෙයි.. ඒත් මිනිස්සු කියන දේවල්

+ ඔයාට පිස්සු මැනික... ජිවිතේ විදින්න ඕන හිතේ සතුට.. ⁣එ වගේම නිදහස. ආදරේ කියන්නෙ හැමදේම සම්පුර්න කරන් ඉන්න එකට නෙවෙයි... එහෙම අයත් නැ.. ඒත් අපේ ආදරේ අස්සේ සතුට තියෙනවා නිදහස තියෙනවා.. ඒ සතුට අස්සෙ මට කවදාවත් ඔය ඔයා කියන දේවල් දැනිලා නැ
මම දන්නෙ මම ආදාරයි කියලා විතරයි.. මට දැනුනු තැන නතර වුනා මං


- හරි රත්තරන් මමත් ආදරෙයි.. අහසින් වැටෙන දිය බිදුවකිනුත් , අව් රශ්මියෙනුත් අපි සැනසෙමු.. මේ මහ පොලවේ හැදෙන ගස්වල. මල් වගේම කටුත් තියෙනවා.. ආදරේ කියන්නෙම හැමදේටම හයියක් වෙන එක

Niruwa