Get Mystery Box with random crypto!

Quiz By Area 51

टेलीग्राम चैनल का लोगो quisonly10_11by_ycb — Quiz By Area 51 Q
टेलीग्राम चैनल का लोगो quisonly10_11by_ycb — Quiz By Area 51
चैनल का पता: @quisonly10_11by_ycb
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 3.25K
चैनल से विवरण

10-11 ශ්‍රේණි වල අපොස සාමාන්‍ය පෙළ සහෝදර සහෝදරියන් සහ Grade 10 ,11 විෂයන්වල ප්‍රශ්න Quis විතරයි.
👊💪
Join To Youtube
https://youtube.com/channel/UCfrm2mVmoz8d7oTM1NhoT5Q/?sub_confirmation=1
---Powered by 9A's Group & E-Learning---
@learningknowledgelk

Ratings & Reviews

1.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

1


नवीनतम संदेश 3

2022-04-30 05:00:19 බස්නාහිර පලාත
2019 - 11 ශ්‍රේණිය - 3වන වාරය
සියලු විෂයන් වල ප්‍රශ්න පත්‍ර

Join with us : https://t.me/Mr_AttitudeChanger_LK
871 views02:00
ओपन / कमेंट
2022-04-24 11:15:14 සිංහල භාෂාව හා සාහිත්‍යය
සාහිත්‍ය පාඩම් සියල්ලේම විචාර සදහා උද්ධෘත හා උදාහරණ ඇතුලත් කෙටි සටහන

යාලුවෝ හැමෝටම share කරමු...

Join with us :
https://t.me/Mr_AttitudeChanger_LK
1.2K views08:15
ओपन / कमेंट
2022-04-23 13:42:37 රචනා වලට නම් කාලීන මාතෘකා බලලා ඒවා ලියලා practice වෙන එක තමා හොදම දේ.. covid-19 pandemic,economic crisis වගේ කාලීන මාතෘකා...ඉතින් english වලට මෙහෙම ලෑස්ති වුනොත් නම් හොදට A එකක් nothing හැබැයි...

ඉතිහාසය - ඇතැම් අයට එපා වූ ඇතැම් අය ආදරේ කරපු විෂයක් මේක(මන් අයිති දෙවෙනි කාණ්ඩෙට..hehe )...ඉතින් මේක ගොඩදාගන්නෙ කොහොමද බලමු...

MCQ වලට ඕන කෙටි විෂය කරුණු හොදට බලාගන්න...MCQ කරන්න හොදට...රචනා ප්‍රශ්න වලට නම් මේ ක්‍රමේ හොදයි ..රචනා ප්‍රශ්න එන තැන් වලින් කරුණු අනුව පාඩම් කරලා ඒවට ලැස්ති වෙන එක ..නිකන් බෑ timing තියලා රචනා ප්‍රශ්න ලියන්නත් ඕන...ඒකට මන් කරුණු රචනා ප්‍රශ්න එක්ක දාලා හදපු shortnote එකේ ලින්ක් එක පහතින් තියනවා බලන්න...ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා...සිතියම් නම් ලකුණු කරලා හොදට practice වෙන්න...තව පින්තූර ප්‍රශ්න එහෙම එන්න පුලුවන් තැන් බලලා ඒ පින්තූර වල විස්තර පාඩම් කරගන්න...ලෝක ඉතිහාසය පාඩම් වලින් අනිවා කරන පාඩම් 3ක් විතර sure කරගන්න එකක් ඔයාට අතාරින්න පුලුවන් වෙයි කොහොමත්...මොකද ඒ ප්‍රශ්න වලින් ඔයාට තෝරගන්න තියෙන්නෙ එකක් නිසා...රචනා ප්‍රශ්න වලට එන්න පුලුවන් කෙටි ප්‍රශ්නත් පොඩ්ඩක් බලාගන්න අහ්...ඉතින් ලොකුම විසදුම පේපර්ස් කරන එක මේකටත්...

බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
- පාඩම් කරන්න තමා තියෙන්නෙ...පේපර්ස් කරන්න වැඩියෙන්...මේක නම් ලේසි නේ ඉතිම් කොහොමත් ඔයාලට

සිංහල භාෂාව හා සාහිත්‍යය - ව්‍යාකරණ හොදට බලාගන්න ඕන...MCQ එකටයි 2nd paper එකටයි එනවනේ ..ගොඩක් MCQ papers එහෙම කරලා MCQ එකේ 32+ ගියොත් A එකක බලාපොරොත්තු තබා ගත හැකි ය...රචනා වලට එහෙම කාලීන මාතෘකා ගැන බලාගන්න...ඒවා ගැන කරුණු එහෙම හොයාගන්න රචනා ලියන්න...ප්‍රායෝගික ලේඛන,සාරාංශකරණය පහුගිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කරලා practice එකක් ගන්න පුලුවන්...සාහිත්‍ය පාඩම් වලින් කෙටිප්‍රශ්න වලට ගොඩක් අවධානයක් දෙන්න බලන්න...ඒ ප්‍රශ්න දෙකට 30+ ගන්න බලන්න...මොකද සාහිත්‍ය පේපරෙන් භාගයක්ම කෙටි ප්‍රශ්න වලින් ගන්න පුලුවන්...ඊලග විචාර...කරුණු දාගෙන උද්ධෘත එක්ක බලාගන්න බලන්න...timing තියලා විචාර ලියන්න..සිංහල වලට පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න ඕන...එහෙම උනොත් හොද result එකකට යන්න පුලුවන් අනිවා...

සෞන්දර්‍ය විෂයන් - ලියන පේපරෙට විෂය කරුණු හොදට පාඩම් කරගන්න...art කරන අය ඉතිම් ද්‍රව්‍ය බලා ඇදීම,චිත්‍ර අදින එක එහෙම practice වෙන්න...practicals තියන අය හොදට practice වෙලා ඉන්න...exam ඉවර වෙලා නේ practical තියෙන්නෙ...

අනෙක් කාණ්ඩ විෂයන් - ගොඩක් විෂයන් තියන නිසා එකින් එක කතා කරන්න බෑනේ ..ඔයාට අදාල විෂයට හොදට ලෑස්ති වෙන්න...පාඩම් කරලා එහෙම..

මේ කාලේ කර නොකර යුතු දේවල් මොනවද?


බොරුවට පාඩම් කර කර ඉන්න එපා.පේපර්ස් වලට අවධානෙ දෙන්න.ඒකෙන් ගොඩ දාගන්න බලන්න..

එකම කොටසේ එල්ලිලා ඉන්න එපා...තමන්ට පුලුවන් ඒවා sure කරගන්න...බැරි ඒවා try කරලා ගොඩ දාගන්න.හැබැයි පුලුවන් තරමින්.

full පේපරෙම කරන්න ඕන කියලා නෑ...ඔයාට ඕන කොටස හරියට කරන්න..පෙපරේ ඒ කොටස් ආශ්‍රිත ව විෂය කරුණු ගැනත් paper එක බලනකොට අවධානෙ යොමු කරන්න.

කරන පේපර්ස් ඒවා හරියට timing තියලා කරන්න මොකද විභාගෙදි time management එක ගොඩක් වැදගත්.

ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් මේ ටිකේ වැඩ කරන්න

කාලය කන වැඩ කරන්න නම් එපා.social medias,games මේ මාසෙට uninstall කරොත් යහපත.

පරිස්සමෙන් ඉන්න මේ ටිකේ ගොඩක්.අන්තිම කාලේ ලෙඩ දාගන්න නම් එපා.

ඉතින් දැන් අපි අන්තිම මාසෙ වැඩ කරන්න ඕන විදිහ ගැන ගොඩක් කතා කරා.

පහලින් තියෙන්නෙ ඔයාට OL වලට අවශ්‍යම වෙන pdf,papers ටිකක්.අනිවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.

සාහිත්‍ය පාඩම්වල හැදින්වීම් කොටස් වලට අදාල කෙටිසටහන් -https://t.me/Mr_AttitudeChanger_LK/1074

12 Tenses shortnotes -https://t.me/Mr_AttitudeChanger_LK/1073

all grammer parts-
https://t.me/Mr_AttitudeChanger_LK/1063?single

සාමාන්‍ය පෙළ ගණිතයට අදාල සියලු කොටස්වල කෙටි සටහනක්-https://t.me/Mr_AttitudeChanger_LK/1013

10 හා 11 ශ්‍රේණි වල සියලු පාඩම් වල ඉතිහාසය රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 01
https://t.me/Mr_AttitudeChanger_LK/1673?single

ජීව විද්‍යාව , රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව වශයෙන් වෙන් කර වටිනා බහුවරණ හා රචනා ප්‍රශ්න රැසක් අඩංගු පොත
https://t.me/Mr_AttitudeChanger_LK/1651

10 හා 11 ශ්‍රේණි වල භෞතික විද්‍යාවේ සමීකරණ හා ඒ ආශ්‍රිත පාඩම් වල කෙටි සටහනක් හා අවසානයේ ජෛව ගෝලයේ ආශ්‍රිත ප්‍රශ්න වල කෙටි සටහන
https://t.me/Mr_AttitudeChanger_LK/1394?single

ඉතින් ඔයාලට මේ post එකෙන් හොද ප්‍රයෝජනයක් හම්බුනා කියලා හිතනවා.එහෙම නම් reaction එකක් හරි comment එකක් හරි දාන් යන්න ඉතිම්.OL කරන්න ඉන්න හැම යාලුවෙක්ටම යවන්න , pdf ටිකත් එක්කම..

සැවොම එක්ව ජීවිතේ ජයගමු...
Good luck...

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
977 views10:42
ओपन / कमेंट
2022-04-23 13:42:37 අන්තිම මාසෙන් වැඩ කරලා OL වලට හොද result එකක් දාන්නේ කොහොමද...?

මැයි මාසේ Ol කරන සෙට් එකට දැන් තියන ලොකුම ප්‍රශ්නේ මේකනේ ...දැන් කාලෙ ඇතිද ..? අපිට කරගන්න පුලුවන් වෙයිද...? බ්ලා බ්ලා බ්ලා ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියේ නේ...

ඉතින් ඒවට මගේ උත්තරේ මේක..නාස්ති කරපු කාලෙ ගැන හිතන්න එපා..ඔයාලට තව මාසයක් තියනවා ඒ කියන්නෙ දවස් 30ක්..මේ කාලේ තුල ඔයා උපරිමෙන්ම මහන්සි වෙලා උනන්දුව කැපවීම ඇතුව වැඩ කලොත් ඔයාට යන්න පුලුවන් උපරිම හොදම result එකට යන්න පුලුවන්..ඇයි මන් එහෙම කියන්නේ A9ක් දාන්න කියලා කියන්නෙ නැත්තේ ඇයි කියලා අහයි ඔයාලා...හැමෝම එක වගේ නෑ බන්...හැමෝම A9 දාන්න කියලා කිව්වොත් මන් ඒ කරන්නේ සම්පූර්ණ බොරුවක්...එහෙනම් ලංකාවේ OL ලියන හැමෝම A9 දාන්න එපැයි...මේ තියන කාලේ තුල ඔයාගේ උපරිම result එකට යන්න මේ කාලේ තුල වැඩ කරන්න...මතක් කරගන්න ඔයාගේ හීනේ ..අරමුණු ...ඔයා කරන්න ඉන්න Al stream එකට ඔයාට ඕන result එකට යන්න OL වලදී...

හරි හරි අපි යන් දැන් කතාවට...මන් මේක ලියන්න හැදුවේ motivation දෙන්න නෙමේ වැඩ කරන්න ඕන විදිහ ගැන කතා කරන්න මේ අන්තිම කාලෙදී..අපි ඒක ගැන විෂයන් අනුව වෙන වෙනම කතා කරමු...

ගණිතය - ගොඩක් අය recommend කරන ඒ වගේම පෞද්ගලික ව මටත් හරිගිය හොද ක්‍රමයක් ගැන ඔයාලට කියන්නම්...ඔයාලට දැන් තියන කාලෙත් එක්කත් මේ ක්‍රමේ ගොඩක් ගැලපෙනවා...

ඔයාලා 2016-2020 OL maths past papers 5ම ගන්න...ඊට පස්සෙ පොතක් අරන් ඒකෙ හැම අවුරුද්දකම ගාණ ගාණ ඉවර කරන් යන්න..මන් මේ කියන්නේ පේපර්ස් 5 කරන්න කියලා නෙමේ...දැන් හිතන්න ඔයා කරන්න යන්නෙ 2nd paper එකේ ප්‍රස්තාර ගාණ කියලා ඒකේ 2016 ඉදන් 20 වෙනකන් ගණන් 5ම හදලා ඉවර කරන්න ඊට පස්සෙ fd/fx , පරිමාව,ප්‍රතිශත අන්න එහෙම 2nd paper එකේ ඔක්කොම කොටස් වල අර පේපරේ ගණන් එකින් එක හදලා කොටසින් කොටස ඔයාට sure කරගන්න...මේක 2nd paper එකේ ගණන් වලට වගේම 1st එකේ B කොටසටත් අදාලයි...එහෙම ඔක්කොම ඉවර කරලා ඔයාට sure ප්‍රශ්න මොනාද කියලා බලන්න...timing බලන්න...තවත් අමාරු කොටස් තියනවා නම් ඒවා වල පලාත් පේපර්ස් වල එහෙම ගණන් අරන් හදන්න ඒ කොටසට අදාල ඒවා විතරක්..පුලුවන් ඒවා කර කර බොරුවට වෙලාව නාස්ති කරන්න එපා...මේ ක්‍රමේ ගොඩක් හොදයි කියන්න හේතුව තමා අපේ පේපර් ගණන් වල structure එක එකයි නේ ඒකට හුරු වෙනකොට අපිට නිකන් ම A එකකට යන්න පුලුවන්...1st එකේ A කොටසෙත් කෙටි ප්‍රශ්න 25 ත් ගොඩක් දුරට 15ක් වගේම අහන්නේ එකම ඒවා...එතකොට අර විදිහට එකම කොටසේ පේපර්ස් කරනකොට එක දිගට ඔයාට ඒ structure එක ගැන අවබෝධයක් ඒවී..මෙහෙම හරියට වැඩ කලොත් ඔයාට ලේසිම විෂය ගණන් වීමේ හැකියාවකුත් පැවතිය හැක.(අත්දැකීමෙන් කියන්නෙ )

විද්‍යාව - ගොඩක් අය අමාරුයි කියන පේපරේ දැක්කම සසර කලකිරෙන මේකට හොද result එකක් ගන්න වැඩ කරන්න ඕන කොහොමද කියලා බලමු...මෙහෙමයි විද්‍යාව කොහොමත් අමාරුයි තමා මහන්සි වෙලා වැඩ කලොත් ඒ අයට ඔයාට දාන්න පුලුවන් උපරිම result එක විද්‍යාවට දාන්න පුලුවන්...

මුලින්ම භෞතික විද්‍යාව(physics) කොටස් වලට ගේම ගහන්නෙ කොහොමද කියලා බලමු...මේකෙදී නම් සූත්‍ර සමීකරණ,නියම පාඩම් කර තිබීම් අනිවාර්‍යයි...හැබැයි ඒ ටික මතක නම් ගේම ගොඩ දාගන්නත් ලේසියෙන් ම පුලුවන්...ඒ ටික පාඩම් කරලා ඒවාට අදාල ප්‍රශ්න හදන්න...උත්තර ලියන තරමට භෞතික විද්‍යාව ගොඩ දාගත හැකි..

රසායන විද්‍යාව(chemistry) ගැන බලමු...මේකෙත් ආවර්තිතා වගුව සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කිරීම අනිවාර්‍යයි...ඒ ටිකත් එක්ක විෂය කරුණු හොදට බලාගෙන රසායනික සමීකරණ ලියලා practice වෙලා හොදට පාඩම් කරන්න නම් ඕන තමා..

ජීව විද්‍යාව(biology) ගැන කිව්වොත් විෂය කරුණු පාඩම් කරලම තමා මේකට නම් ගේම ගහන්න ඕන...කොටසින් කොටස බලාගන්න...

එතකොට ඔයාලා ගොඩක් අවධානය දෙන්න MCQ එකට..ඒකේ 35+ ලකුණකට යන්න බලන්න..මොකද ඒක කෙලින්ම ලකුණට එකතු වෙනවා.. ව්‍යුහගත , රචනා පේපර්ස් වල ලකුණු දෙකට බෙදිලා එන්නෙ...ඉතින් මේකට තියන හොදම විසදුම් තමා හැකිතරම් පේපර්ස් කරන එක...ප්‍රශ්න වෙන වෙනම කරන එක...ඒකට හරියන මට හම්බුන සුපිරි papers set එකක ලින්ක් එක පහතින් දාන්නම්...ඒක ගොඩක් හොද එකක්...ඒක කරන්න...

තව ව්‍යුහගත රචනා පේපරේ එකට හරියට bio,chem,physics ප්‍රශ්න වලට හරියට ලෑස්ති වෙන්න...රචනා පේපරෙත් ..ඔයාට පුලුවන් කොටස් වලින් ප්‍රශ්න තෝරගන්න ...විශේෂයෙන්ම ව්‍යුහගත එකේ පලවෙනි ප්‍රශ්නෙට එන ජෛව ගෝලය පාඩම හොදට බලාගන්න අනිවාර්යයෙන් ම...මෙහෙම වැඩ කලොත් ඔයාට විද්‍යාව ත් හොද ප්‍රතිඵලයකට යන්න පුලුවන් වෙයි අනිවා ...

English - මේකත් ඔයාට මන් කියන්නේ ගණිතයට කියපු ක්‍රමේට ලගින් යන වැඩක්...ඉස්සල්ලම tenses ඇතුලු grammer parts ඔක්කොම බලාගන්න...ඊට පස්සෙ notes/notices,letter writing,bar/pie charts,short essays , picture discriptions මෙන්න මේවා හොදට practice වෙන්න ඕන...ඒකට 2016 ඉදන් වගේ පේපර්ස් අරන් ඒ කොටස් වලට අදාල ප්‍රශ්න කරලා හොදට ඒ කොටස් sure කරගන්න...මතකනේ මේකෙත් එකම stucture සීන් එකම
717 views10:42
ओपन / कमेंट
2022-04-19 11:49:10 ඔයා ඔයාට ආදරය කරන්න...

ගොඩක් අය කියන දෙයක් තමා.."මට කවුරුත් නෑ...මන් තනි වෙලා...මන් ගැන හොයන්න කවුරුත් නෑ...මේ ලෝකෙ මන් වෙනුවෙන් කවුරුත් නෑ..." කියලා...

කවුරුත් ම නැද්ද...? මන් ඔයාගෙන් ඒ ප්‍රශ්නේ අහන්නම්කෝ...

නෑ ඉන්නවා..ඔයාට ඔයා ඉන්නවා..
කවුරු හිටියත් නැතත්...කාව විශ්වාස කරන්න බැරි වුනත් ඔයාට ඔයාව විශ්වාසයි..කවුරු ඔයා ගැන හොයලා නොබැලුවත් ඔයා ඉන්නවා ඔයා ගැන හොයලා බලන්න...කවුරු ඔයාට ආදරේ කරේ නැතත් ඔයා ඔයාට ආදරය කරන්න...

ඔයාට හිතනවා නම් ඔයාට කවුරුත් නෑ...මාව කාටවත් වටින්නෙ නෑ කියලා...

ගොඩනැගියං තනියම...කාටවත් හිතාගන්නවත් බැරි විදිහට...ඒහ් වටිනාකම කවුරුත් දෙනකන් ඉන්න එපා...ඒක තියෙන්නෙ උබ තුලමයි..ඒක ගන්නත් පුලුවන් උබට විතරමයි...ඒක හොයන් යමන්...එතකොට උබගේ වටිනාකම උබටම හොයාගන්න පුලුවන්....ඔයා හිතපු තැනට යමන්...ඒ හීන මවපු තැනට යන්න වැඩ කරපම්...ඒක කවුරුත් උබට මේන් කියලා ඔයාට ගෙනත් දෙන්නෙ නෑ...ඔයා ගන්න ඕන..නිකන් නෙමේ ඔයා හිතපු තැනේ උපරිමේටම යන්න...මහන්සි වෙයන් ..හැමදෙයක්ම අමතක වෙන්නම...අනිත් උන් අදාල නෑ...උබ උන් වෙනුවෙන් වැය වුනා...ඇති දැන්...

ආදරය කරන්න ඔයාටම...ඒක ලෝකේ ඔයාට තියන ලොකුම ශක්තිය වේවී...ආත්ම විශ්වාසය තියාගන්න...

තාමත් උබ පරක්කු නෑ...වෙනස් වෙයන්...අලුතින් ජීවිතේ පටන්ගනින්...ඒ ජීවිතේ වෙනුවෙන් වැඩ කරපම්...

තනි වෙන්න බය වෙන්නෙපා...ඒත් උබලාට උබවත් නැති වෙන තරමට වැටෙන්න එපා...ඔයාට ඔයාව නැති කරගන්නෙපා...ඔයාගේ දක්ෂතාවයන්,අරමුණු,ඔයාගේ සමීපතමයෝ,හැකියාවන්...හැම එකක්ම ඔයා වෙනුවෙන් තියනවා...ඒවා වලින් හොද තැනකට යමන් ...එතකොට එදාට ලෝකයක් ඉදී උබට ආදරය කරන්න...උබ වෙනුවෙන් ඉන්න...ඒකට උබ අද උබ වෙනුවෙන් වැඩ කරන්න ඕන...උබ උබටම ආදරය කරන්න ඕන...

Discover urself and Love Urself....

#LifeQuotes

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK
1.4K views08:49
ओपन / कमेंट
2022-04-19 10:47:28 *ලංකාවේ හොදම SCIENCE BRAND එක සමගින් අදත්*
අද රාත්‍රි 8.30 ට 2020 සමාන්‍ය පෙල විභාගයේ විද්‍යාව කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා....

දරුවනේ කෙටි ප්‍රශ්න හරිම වැදගත්

එක් අවුරුද්දක වැඩිපුර වැරදුන කෙටි ප්‍රශ්න තවත් අවුරුද්දක් රචනා ප්‍රශ්න වෙනවා...

මේවා අැතුලේ තියෙන ගොඩක්ම තොරතුරු හරියටම කිරිලා මැනලා බැලුවාම මේ අවුරුද්දේ Paper එක හැදෙනවා...

ඉතිං 2020 විභාග Paper එක හරියටම කර ගන්න කැමතින්ම් අද හරියටම 8.30 ට පහත link එකින් එන්න....

https://youtube.com/channel/UCYRRXTKXSUjcXg1F8RK_yig

ඉන්දික එ්කනායක
INDIKA EKANAYAKE

*විභාගයට කලින් Paper එක කියන ලංකාවේ හොදම විද්‍යාව පන්තියේ 2022 (මැයි) දිගහැරුම....*
1.2K views07:47
ओपन / कमेंट
2022-04-17 18:50:03
ජිවිතය ලියන මිනිත්තු 100 සමගින් ... අලුත් අවුරුද්ද සමරන්න....

විභාගයට කියාපුම මාතෘකාවක්...සමගින්

11 හා 10 වසර ඔයාලට....
විද්‍යාව
ඉන්දික ඒකනායක




දිනය 2022.04.17(ඉරිදා)
රාත්‍රි- 9.30 සිට

* link එක*

Join Zoom Meeting
https://us02web.zoom.us/j/85441568650?pwd=NFltbjFNRFBxMVFzczVaODE4ay9VZz09

Meeting ID: 854 4156 8650
Passcode: indika
හොදම දේ යහලුන්ටත් අනිවාරයෙන් Share කරන්න.

Zoom සමගින් 1000ක් සහභාගි විය හැක. අනිත් දරුවන් Youtube Live ඔස්සේ සම්බන්ධ එන්න

https://www.youtube.com/channel/UCqZB7T6OQU480C4B0aC_i3Q

ලංකාවේ හොද විද්‍යාව සමුහය.

https://t.me/scienceindikaekanayake

අදත් සුපිරිම කොටසක් හිතාගන්නවත් බැරිව ලේසිම විදියකට කතා කරන්න කැමතින්ම හරියටම 9.30 ට එන්න.. අපි කතා කරමු...

මම ඔබේ අාදරනියම විද්‍යාව ගුරුතුමා
ඉන්දික ඒකනායක
B.Sc
1.3K views15:50
ओपन / कमेंट
2022-04-13 16:30:25 සාමාන්‍ය පෙළ
ගණිතයට අදාල සියලු කොටස් වල කෙටි සටහන්

මෙම pdf එකේ අයිතිය නිමේෂ් චතුරංග ගුරුතුමා සතු වේ...

#ShortnotesMat

https://t.me/Mr_AttitudeChanger_LK
1.4K views13:30
ओपन / कमेंट
2022-04-13 09:55:23 ජීව විද්‍යාව , රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව වශයෙන් වෙන් කර වටිනා බහුවරණ හා රචනා ප්‍රශ්න රැසක් අඩංගු පොතක්...

හැමෝම කරලා බලන්න...OL exam එකට අනිවා සුපිරි උදවුවක් වේවී..

Join with us :
https://t.me/Mr_AttitudeChanger_LK
1.2K views06:55
ओपन / कमेंट
2022-04-08 07:46:07 තාමත් වැඩ කරන්න බෑ වගේද ?

පාඩම් වැඩ ගොඩ ගැහිලද ?

කෝ උබේ පාඩම් කරන්න පටන් ගන්නකොට තිබ්බ උනන්දුව ?

අහ්... මන් උබෙන් අහන්නෙ?

උබ අස්සෙ හිර කරන් ඉන්න වේදනාව,තනිකම,දුක උබව හැමවෙලේම ඉන්න තැනටත් වඩා පහලට ඇදලා දානවා නේද? අහ්....උබ තීරණය කරලා ඉවරද ඒ දුකට,වේදනාවට උබව ජයගන්න දෙන්න....

උබේ හීන , අරමුණු පරාජය කරලා කොහේවත් තියන වේදනාවකට ජය ගන්න දීලා උබ උබව ම නේද පරාද කරවන්නෙ....

යකෝ....නැගිටපම්...

උබේ නොවුනත් උබේ අම්මගෙ තාත්තගෙ හීන හැබෑ කරපම්...ඒහ් මනුස්සයෝ දෙන්නා නොවිදිනා දුක් වින්දා උබ වෙනුවෙන්...උබ වෙනුවෙන්ම අවුරුදු 11ක් 13ක් සල්ලි,ශ්‍රමය,කාලය වියදම් කලා...

උබ වෙනුවෙන් නැතත් උබේ දෙමව්පියෝ වෙනුවෙන් පාඩම් කරපම්...හොද result එකක් ගත්තම උබට වඩා ඒ දෙන්නා සතුටු වෙයි බන්...හිතින් මවාගනින් ඒ මොහොත....හීන දැකපම් ඒහ් මොහොතට..

උබ පොඩි කාලෙ මම engineer කෙනෙක් වෙනවා...ඩොක්ටර් කෙනෙක් වෙනවා...pilot කෙනෙක් වෙනවා කිය කියා කිව්ව නේද...?ඉතින් දැන් තියෙන්නෙ ඒ වෙනුවෙන් වැඩ කරන කාලේ..වැඩ කරලා පෙන්නපන්...කකුලෙන් අදින් උන්ට,උබව දාලා ගිය උන්ට,උබට ඕන තරම් කතා හදන උන්ට නෙමේ උබ උබ වෙනුවෙන් වැඩ කරපම්...මොකද ජීවිතේ අනාගතෙ උබේ....උබ මේ සටන දින්නොත් ජීවිතේ ජය ගන්නෙ උබ...එතකොට අනිත් හැමෝම උබේ ජීවිතේ කියන ෆිල්ම් එකේ නරඹන්නො වේවි...

දැන් පලයන්...ඉස්සල්ලා බලපන් උබට පාඩම් කරන්න තියෙන්නෙ මොනාද කියලා
...ප්ලෑනක් ගහගනින් ඉස්සරහට කරන්න තියන දේවල් වල...එදිනෙදා දවස ප්ලෑන් කරපම්..

ඊට පස්සෙ පාඩම් කරන්න ගනින්...බලපම් උබ දවසේ ප්ලෑන් කරපුවා ශේප් එකේ ඉවර වෙනකොට තියන සතුට...

පොඩි targets හදාගෙන ටිකෙන් ටික එව්වා ජය ගනිම්..එතකොට උබේ හීනෙට යන්න ලේසි වෙයි....

පාඩම් කරපම්...වැඩ කරපම්...ජීවිතේ උබේ...වැඩ කරලා හොද ප්‍රතිඵලයක් දාගත්තොත් ඒකත් උබට....

ජීවිතේ ජය ගමු...
Good luck...

මේ වගේ තවත් පෝස්ට් කියවන්න ජොයින් වෙමු අපිත් එක්ක...
https://t.me/Mr_AttitudeChanger_LK

Post එක ගැන ඔයාලගේ comment එකත් දාන් යන්න අහ්...

#Motivations

Mr.Attitude Changer
1.5K views04:46
ओपन / कमेंट