ඉතින් ප්‍රේමිය නැති ද අවසර නැවත නුඹ දෙස බලා හිදිනට එදා මෙන් යලි සම වැදී ඔබෙ දිස්නෙ දෙන රත් කොපුල් බල බල ? කවුරුදැයි මා නොදනිතත් නුඹ නුඹේ රුව ම සිතේ මවාගෙන සිහින මැව්වෙමි පිටු පිරෙන්නට මනස නම් වූ පොත් මැදුර තුළ අහිමි නුඹ වෙත නුඹට නොදැනිම පෙම් කළෙමි උමතුවෙන් විලසින් නුහුරු හැඟුමින් වෙළුණු මනසින් අන්ධ වූයෙමි යොවුනුදාවින් එක් පසැති වූ මගේ සිතැගින් නොවන බව පැන්සයක වෙනසක් වටහා ගත් කළ මනස අමතා මම ම කීවෙමි දැන් සැපයි මට ඉතින් අවසර කල් ඉකුත් ඒ වහල් හැගුමට සමු දෙන්න මට යලිත් දවසක එපා ආලය ඔබේ මතකය ඇති ය හොදටම #ඇය #kathamadura_nisadas 183 views𝐘𝐚𝐬𝐢𝐧𝐝𝐢 𝐄𝐝𝐢𝐫𝐢𝐬𝐢𝐧𝐠𝐡𝐚 , 14:17