Get Mystery Box with random crypto!

'මා' නොදන්නා නුඹ වෙත, දුටුව දා සිට නුඹේ සිනහව අහිමි විය නිදි | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

"මා" නොදන්නා නුඹ වෙත,

දුටුව දා සිට
නුඹේ සිනහව
අහිමි විය
නිදි දෙවුදු
උණුසුම

මැවි මැවී
නුඹෙ
රෝස පැහැගත්
දෙකපොලේ සිරි
වැසුණු
නෙත් අග

මා වසාගත් රුදුරු තනිකම
නොදැක නුඹෙ වත දැනෙන පාලුව
නිවන්නට යලි ගැටෙනු දෑසට
නුඹට උමතුව සිටින මාගේ !

ඉතින් ප්‍රේමිය
ඇති ද අවසර
හෙටත්
නුඹ දෙස
බලා හිදිනට
නුඹට නොදැනිම
දැහැන් ගත වී
නොහෙළා ඇසිපිය
උමතු විලසින් ?



#ඇය