Get Mystery Box with random crypto!

අවසන් රැල්ල සූර්ය ඉසිඹුව අහවරයි අවරගිර යළිත් පැහැබරයි වෙරළස ග | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අවසන් රැල්ල

සූර්ය ඉසිඹුව අහවරයි
අවරගිර යළිත් පැහැබරයි
වෙරළස ගැටි රළ දුක්බරයි
මුමුණන කතා යළි අස්කරයි

හබල‍‍'ත හැරුණු
වියපත් මලමිනිය
බල අහිනකට ඇම
නොව රජ මගුලක්ය
අගටම හිදුණු පහනේ
කුස්තුර එළිය
පැතිරෙන විටම
මුලකුර මළ අකුරක්ය

අතුරුදන්ය! පොලිස් පොතේ ලියවේය
මහලු යකඩ පෙට්ටිය තුළ සැග‍වේය‍.
කාවුන් කන්න ගිය පැමිණිලි
පිටපත්ය
රජ කාලේ කතා යළි නෑසේය.

පද- පුංචි එදිරිසිංහ


#Kathamadura_nisadas

@kathamaduraofficial
@kathamadurachats