Get Mystery Box with random crypto!

අම්මේ..... 'මම ගොඩක් දුර ගියේ නෑ අම්මේ, හැමදාම යන මේ පේ | 🇱🇰 📚 කතා මැදුර Official_✓™ 📚 🇱🇰

අම්මේ.....

"මම ගොඩක් දුර ගියේ නෑ අම්මේ,
හැමදාම යන මේ පේන පුංචි දුරට මම ගියේ. ඒගොල්ලෝ මාව මැරැවේ අැයි කියලා මං දන්නේ නැනෑ අම්මේ
මට සමාවෙන්න අම්මේ
අම්මගේ ආයිශාට අයෙතමත් එන්න බෑ අම්මේ...!
මගේ සුදු අම්මා අඬන්න එපා
මට ගොඩක් රිදුනා අම්මේ..
කළුවරේ මට ගොඩක් බය හිතුනා,අම්මේ.
අම්මාව මට ගොඩක් මතක් උනා
මාව මැරැනඑක හොඳයි කියලාම
හිතුනාම අම්මේ,
දැන් මට රිදෙන්නේ නෑ ඒත්... අම්මා මගේ ළඟ නෑ...
තාත්තා ගොඩක් අඬනවාද අම්මේ.?
අයියා මාව හොයනවාද.?
මගේ යාළුවෝ මං එනකං බලාගෙන ඇති නේද අම්මේ.?
මට කවන බත් කටත් ඉතින් අයියා කෑවට කමක් නෑ අම්මේ
ඉස්කොලේ යන්නත් මට බැරි වෙයි.
මට හරිම සීතලයි අම්මේ අම්මා ළඟ ගුලි වෙලා නිදාගන්න දැන් ඉතින් නංගිට මං එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ නේද අම්මේ.?,අම්මා ගොඩක් අඬනවාද මගේ අමිමේ.?
ඒ මිනිස්සු හරිම නපුරුයි අම්මේ.!
එ්ත් මෙහෙ කවුරැත් මට රිද්දන්නේ නෑ
හැමෝම හරිම කරැණාවන්තයි අම්මේ,
එයාලා මගෙ කම්මුල් සිනිඳු අත්වලින් පිරිමැදලා ඇඬුවා අම්මේ

මට මෙහෙ ඉන්න බය හිතෙන්නෑ

මම අම්මාගේ අයිශු

AnupamaChatharika