Get Mystery Box with random crypto!

ලෝක ඉතිහාසයේ වැදගත්ම ලේඛනයක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ න | දැනුමට යමක්..🖋

ලෝක ඉතිහාසයේ වැදගත්ම ලේඛනයක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිබඳ ප්‍රකාශනය ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද්දේ 1776 ජූලි 4 වන දා ය.

මෙම ප්‍රකාශනය සම්මත කරගැනීම සිදු වූයේ ඇමරිකානු නිදහස් සටනෙහි ආරම්භක සමයේ යි. ජනපදිකයන් සහ බ්‍රිතාන්‍යයන් අතර සටන් ඇරඹුණේ 1775 දී යි. 1783 දී ඇමරිකා එක්සත් ජනපදය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගැනුණේ නිදහස් සටන අවසානයේ අත්සන් කෙරුණ පැරිස් ගිවිසුමෙන්. එහෙත් එරට නිදහස් දිනය ලෙස සැලකෙන්නේ නිදහස් ප්‍රකාශනය සම්මත කරගත් ජූලි 4 වන දා යි. එනම් අද දිනයි..

@Danumata_yamak