Get Mystery Box with random crypto!

18W Smart Phone batttery charging speed ගැන අපි මීට වසර කිහිපය | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

18W Smart Phone batttery charging speed ගැන අපි මීට වසර කිහිපයක පෙර කතා කරා. අද බහුතරක් දෙනා 18W fast Charging එදිනෙදා පාවිච්චි කරනවා. ඒ වගේම 120W fast charging තාක්ෂණයත් හැමෝම නැති වුනත් කිහිප දෙනෙක් මේ වෙනකොට එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරනවා.

Xiaomi විසින් පහුගිය මාසයේදී දැනට තිබෙන සියලු වාර්තා කඩමින් 200W wired සහ 120W wireless charging හදුන්වා දුන්නා. ඒ ඔවුන්ගේ අලුත්ම flagship device එකක් වන Mi 11 Pro වැඩි දියුණු කර සෑදූ phone එකක් භාවිතා කරලා. 4000mAh ක බැටරියක් 200W wired මගින් විනාඩි 8 කින්ද, 120W wireless මගින් විනඩි 15 කින්ද charge කිරීමෙ හැකියාව මේ තාක්ෂණයට තියෙනවා.

මේ ගැන ඇහුවම ප්‍රධාන ලෙස ප්‍රශ්න 2 ක් අපි හැමොටම එනවා. ඒ මෙහි ආරක්ෂිත බව සහ බැටරියෙ ආයු කාලාය අඩු වෙයිද කියන එක.

මේ ගැන xiaomi engineers පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන්,

200W හි ආරක්ෂාව සම්බන්ධයෙන් Xiaomi engineers පවසන්නේ, දැනට තිබෙන 120W තරම්ම මෙය ආරක්ෂාකාරී බවයි. 200W Charging ඉතාමත් ආරක්ෂිත බව ඔවුන් නැවතත් පවසන්වා.

දිගු කාලයක් තිස්සේ සිදු කළ සොයාබැලීම් සහ සංවර්ධනය කිරීම වලින් පසුව මෙම තාක්ෂණය හදුන්වා දුන් බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා. Charger යේ සිට motherboard එක දක්වාත්, motherboard එකේ සිට battery ය දක්වාත් ආරක්ෂිත කියාපටිපාටි රැසක් ඇති බවත් පැවසුවා.

බැටරියේ ආයු කාලය සම්බන්ධයෙන්,

Xiaomi engineers පවසන පරිදි, මෙම 200W තාක්ෂණය මගින් charge කරන battery එකක, battery cycles 800 ක් භාවිතයෙන් පසු 80% ට වඩා වැඩි power එකක් battery එකේ තිබෙනවා. සාමාන්‍ය බැටරියක ප්‍රමිතිය වන්නෙ, battery cycles 400 න් පසු 60% ට වඩා වැඩි power එකක් තිබිය යුතුය යන්නයි. මෙයින් අදහස් වෙන්නෙ Xiaomi 200W fast charging සාමාන්‍ය ප්‍රමිතීන්ට වඩා ඉහළින් පවතින බවයි.

Xiaomi 200W fast charging වල power conversion efficiency එක 98.6% ක් ලෙස සදහන් වෙන්වා. මෙය ඇත්තක්නම් දැනට තිබෙන වැඩිම අගය වෙන්නෙ මෙය.

Source - https://www.facebook.com/techguidelk/