2023-04-15 17:54:11
හිතුන ගමන් කෝල් අරන් කතා කරන්න
ළගට වෙලා තුරුල් වෙලා ඔය පපුවේ උණුහුම විදින්න...
ළග ඉදන් ටිකක් හුරතල් වෙන්න..
ළගට වෙලා ඔය ඇස් දිහා බලන් කියවන්න..
කන්න බැහැ කියලා හිතුනහම බැනුම් අහ අහ බත් කවා ගන්න..
දුකක් හිතුනහම ඔය පපුවට තුරුල් වෙලා ඇති වෙනකන් අඩන්න
හිතුන ගමන් ඔය මූණ දකින්න....
මෙහෙම ළගින් ඉදන් ආදරේ විදින්න තරම් උඹ පේන මානයක නෙමෙයි ඉන්නේ කියලා දන්නවා රත්තරන් ......
ඒ ආදරේ විදින්න දින ගනන් කර කර ඔය රූපේ හිතේ තියන් මේක නම් මහ පිස්සුවක් බන් කියලා හිතෙන තරමට ඔය ආදරේ වෙනුවෙන්ම පේවිලා මග බලන් ඉන්න හිත් නම් කොච්චර ඇද්ද? ඒක නම් ඇත්තටම පිස්සුවක්...
මෙහෙම දෙතැනක ඉදන් ආදරේ කරන එක වෙලාවකට පුංචි දුකක් වුනත් එකිනෙකා වෙනුවෙන් ඒ කරන කැප කිරීම අස්සේ නිතර දකින ආදරේට වඩා මහ ගොඩාක් ආදරේ තියෙනවා...
බැදීමක් රැක ගන්න දුර කියන්නේ නිකන්ම නිකන් වචනක් වෙද්දී දුරින් ඉදන් වුනත් අපි අපේ ආදරේ හරි ලස්සනට විදිනවා නේද රත්තරන් ...
බැදීමකදී විශ්වාසය, තේරුම් ගැනීම, අවංකකම තියෙනවනම් අවංක ආදරයකට දුර නිකන්ම නිකන් වචනයක් විතරයි...
මෙහෙම දුර ඉදන් ආදරේ විදින හිත් නම් කොච්චර ඇද්ද? ඒ හිත් හැමදාම සතුටින්, ආදරෙන් පිරේවා.....
@Crazy_G8
824 viewsᛕꪜꫀꫀꫀ.., 14:54