Get Mystery Box with random crypto!

INFINITY

टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY I
टेलीग्राम चैनल का लोगो ananthayata — INFINITY
चैनल का पता: @ananthayata
श्रेणियाँ: साहित्य
भाषा: हिंदी
ग्राहकों: 2
चैनल से विवरण

Plese Press the Click button

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश 23

2022-05-14 07:10:59 වෙසක් නිර්මාණ ලෑස්ති ද ලමයි... ...

මැයි 16 උදේ වෙනකන් කාලය තියේ.... ... එහෙනම් ඔයාලා මැයි 15 රෑ ඔයාලගෙ නිර්මාණ වල ලස්සන බලලා අපිත් එක්කත් එ ලස්සන බෙදා ගන්න... ...

ඔයාලගෙ නිර්මාණ අපිට එවන්න... අපි හැමොටම ඒවා පෙන්නන්නම්... පොඩි vote තරඟෙකුත් කරමු...


තරඟ දිනය - මැයි 16...
.
.
.
253 views04:10
ओपन / कमेंट
2022-05-14 07:03:39
කෝ බලන්න ඒවා අනන්තය වෙසක් කලාපය ට එවන අය.......
.
.
.
256 viewsedited  04:03
ओपन / कमेंट
2022-05-14 06:42:42
ප්‍රේමය මාරයි,,

මල් පිපෙන්නෙම
ප්‍රේමයක් බැව් දැනෙන්න ,

ඉතින් මල් පරවුනෙම
ඔබ අයිති නෑ කියන්න ,

ඔබ දන්නවද,

පෙති පුරා විහිදුනු
රතු රෝස මලකට බෑ
හදවතක් රකින්න
ආදරේ බැව් කියන්න

මට ඔබව දැනෙන්න
ඉතින්,,
තව ටිකක් මට ලංවෙන්න
.....
සසී..
290 views03:42
ओपन / कमेंट
2022-05-13 19:30:02
මම කෑ ගැහුවේ ඉස්සර .
කතා කර කර හැමදේම විසදන්න හැදුවේ ඉස්සර...

තිබුනු හැම අඩුපාදුවක්ම හදාගෙන උඹ එක්ක ඉස්සරහට යන්න හැදුවේ ඉස්සර.
මට නොලෙබන ආදරේ ලබාගන්න දාහක් දේවල් කරේ
ඉස්සර...

ඒත් දැන් මන් දන්නවා...

මාව උඹට වටින්නේ කොච්චරද
මං උඹේ කවුද කියන එක

දන්නවද
කැපවෙද්දි කැප උනා මං උඹ වෙනුවෙන් උපරිමේ.
දැන් කාලයක් ඇවිත් තියෙන්නේ මටත් නිහඩ වෙන්න.

උඹ එපා කියද්දි උඹේ පස්සේ වැටි වැටි ආදරේ ඉල්ලපු ඒ කාලේ ඉවරයි දැන් .
මට දුක හිතෙන තැන් උඹ එක්ක කිය කියා
මම රණ්ඩු කරපු කාලෙත් ඉවරයි.
දැන් මම හිත රිද්ද ඒ දේවල් දකින්නවත් කැමති නෑ .

මම උත්සහ කරා ගොඩක්
මට ඕන විදිහට උඹව වෙනස් කරන්න නෙවෙයි
උඹට ඕන විදිහට මම වෙනස් වෙන්න.

අන්තිමට මම තේරුම් ගත්තා එකක්
හැමදේටම හොදම උත්තරය
නිහඩකම විතරයි කියන එක...

ඔව් දැන් මට උඹ එක්ක කියන්න දේවල් නෑ
මට මගේ කියලා කෑ ගහන්න ඕනෙත් නෑ
කොටින්ම දැන් මට බලාපොරොත්තුවකුත් නෑ...

ඉතින් දැන් මන් නිහඩයි...
නමුත් ප්‍රේමය තාමත් එහෙමමයි...!

Credits goes - Anshu Anu
620 views16:30
ओपन / कमेंट
2022-05-13 19:00:24 #කියාරා
624 views16:00
ओपन / कमेंट
2022-05-13 18:35:30 විවාහ පොරොන්දුවක් කියන්නේ එක් පුද්ගලයෙක් විසින් අනෙක් පුද්ගලයාට විවාහ යෝජනාවක් කිරීම සහ එම අනෙක් පුද්ගලයා විසින් එම විවාහ යෝජනාව පිළි ගැනීමට.

ඉස්සර පොදු නීතියට අනුව නම් විවාහ පොරොන්දුවක් කඩ කරාම කඩ කළ පුද්ගලයාට ඒ විවාහ පොරොන්දුව එලෙසම ඉටු කරන්න කියලා බල කිරීමක් කරන්න පුළුවන් (specific performance) තත්ත්වයක් තමයි තිබුනෙ.

නමුත් මේ වෙද්දි නීතියෙන් ඒ වගේ සහනයක් ලබාගන්න බෑ.

හැබැයි අගතියට පත් අනෙක් පුද්ගලයාට විවාහ පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් අලාභ ඉල්ලා නඩු පැවරීමේ හැකියාව තියෙනවා..

මේ කියපු කරුණු ටික අඩංගු වෙලා තියෙන්නේ Marriage Registration Ordinance එකේ Section 20(1),(2),(3) කියන වගන්තිවල.

ඒ කිව්ව විදියට අලාභ ඉල්ලලා නඩුවක් පවරන්න නම් විවාහ පොරොන්දුව ලිඛිතව ලබා දීපු එකක් වෙන්න ඕන..

ඒ කිව්වේ කලින් වාචිකව විවාහ පොරොන්දුවක් දීලා තමන් ඒක ඉටු කරන්න බැඳී ඉන්නවා කියලා පසුව ලිඛිතව පිළිගත්ත යම් ලේඛනයක් හරි

එහෙමත් නැත්නම් විවාහ පොරොන්දුව කෙලින්ම සඳහන් කරල තියන යම් ලේඛනයක් හරි වෙන්න පුළුවන්..

මේවන විට තාක්ෂණය ඉතා දියුණු නිසා කෙටි පණිවිඩ වැනි ඒවා මගින් ලබාදුන් විවාහ පොරොන්දුත් සාක්ශි වශයෙන් යොදා ගන්න Evidence special provisions Act 1995 මගින් ප්‍රතිපාදන සලස්වලා තියනවා

Beling v. Vethacan කියන නඩුවේදී ලිපියක අඩංගු වුණ " අප විවාහ වනතුරු මම ඔබ නොරවටමි.අපි ඒ ප්‍රීතිමත් දිනය සිකුරාදාට පසුව එන අප්‍රේල් 8 වනදාට යොදා ගමු" කියන ප්‍රකාශය විවාහ පොරොන්දුවක් ලෙස අධිකරණය සැලකුවා.

Kumarathilaka v Jayanthi නඩුවේදී විවාහ වන බව සහ විවාහයෙන් පසුව තත්ත්වය පිළිබඳව විස්තර කර තිබූ ලිපියක් විවාහ පොරොන්දුවක් ලෙස සැලකුවා..

ඉතින් මෙන්න මේ වගේ දීපු විවාහ පොරොන්දුවක් කඩ වෙන්නේ කොහොමද ?

අලාභ ලබාගන්න නම් විවාහ පොරොන්දුව කඩ කරපු කෙනා ඒක ප්‍රකාශිතව ම කඩ කර තිබීම අවශ්‍ය නෑ.

Sawyer v. Tringham කියන නඩුවේදී විත්තිකරු විසින් පැමිණිලිකාරියට දන්වා සිටියේ තමා අනියම් පෙම්වතිය සමඟ ජීවත් වන බැවින් විවාහ ගිවිස ගැනීමෙන් තමාව නිදහස් කරන ලෙසයි.

මේක සැලකුවේ පැමිණිලිකාරියට දුන්න විවාහ පොරොන්දුව කඩ කිරීම වශයෙන්..

එතකොට විවාහ පොරොන්දුවක් කඩකිරීම සම්බන්ධයෙන් අලාභ ලබා ගන්න පුළුවන් මොන වගේ හානි සම්බන්ධයෙන් ද?

ප්‍රධාන වශයෙන්ම අලාභ ලබාගන්න පුළුවන් සත්‍ය වශයෙන්ම සිදු වූ පාඩු වලට,අනාගත පාඩු වලට,මානසික පාඩු (Delictual Aspect of the Action- for injuria) වලට සහ වංචා වලට.

සරල උදාහරණ විදිහට කිව්වොත් විවාහ උත්සවය සැලසුම් කිරීම සඳහා වැය වූ වියදම්, පොරොන්දුව කඩ කළ තැනැත්තා සම්බන්ධව කරන ලද වියදම්,විවාහය නිසා රැකියාව අත්හැරීමට සිදු වූයේ නම් එය අහිමි වීම නිසා සිදුවූ පාඩු,විවාහය සිදු නොවීම නිසා විඳිමට සිදුවන අපකීර්තිය,නැවත විවාහයක් සිදුකර ගැනීමට හැකිවීම වගේම කන්‍යා දූෂණය සම්බන්ධයෙනුත් අලාභ ලබාගැනීමට හැකියාව තියෙනවා.

මීට අමතරව විවිධ නඩුවල විවිධ ආකරයෙන් කඩ කල විවාහ පොරොන්දු සහ විවිධ ආකරයේ අලාභ ලබා ගැනීම් ගැන නඩුකර වල ගැඹුරු අර්ථ දැක්වීම් දක්වලා තියනවා..

මේ විස්තර කළේ විවාහ පොරොන්දු කඩ කිරීම සම්බන්ධව නීතිමය තත්වය ඉතා සරලව..

මේ නීතිමය තත්වයේ පිළිබඳ හොඳ සහ නරක දෙකම තිබුණත් මෙවැනි නීතීන් පැවතීම තුළින් පොරොන්දු කඩවන පාර්ශවයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන එක හොඳ දෙයක් විදියට බොහෝ අය මත පළ කරනවා...

සටහන - පමුදි අනුත්තරා වීරසුරීය
Pamudi Anuththara Weerasuriya

නොදන්න Law දැනගන්න Subscribe our page අපි නොදන්න LAW
629 views15:35
ओपन / कमेंट
2022-05-13 18:26:01 https://telegra.ph/%E0%B7%83%E0%B6%B4%E0%B6%B8-%E0%B6%9A%E0%B7%80-01-29-10
597 views15:26
ओपन / कमेंट
2022-05-13 17:30:37 https://telegra.ph/අහසකවයක-12-07
644 views14:30
ओपन / कमेंट
2022-05-13 16:59:05
අනන්තය වෙසක් කලාපය


වෙසක් වලට පොඩි තරගයක් තියමු ද?


චූටිම චූටි ලස්සනම ලස්සන තරඟ දෙකක් අපි කරමු..



. ඔයාලා ගෙවල් වල වෙසක් වලට හදන ඕනැම නිර්මාණයක ඡායා රූප ඇතුළත් vote තරගයක්...


. වෙසක් සුභ පැතුම් vote තරගයක්... මේ සදහා post, නිසඳැස්, කවි හෝ ඔබ විසින් නිර්මාණය කල කුඩා video clip වුවද එවිය හැකිය ....



ඔබේ වෙසක් නිර්මාණ වල ඡායා රූප, සුභ පැතුම් සියල්ල මැයි 16 උදෑසන 8 ට පෙර


@this_is_half_vampire

@Mr_harry_p

@Poorna_Nirmal


වෙත යොමු කළ හැකිය..


Vote තරඟ සදහා අනන්තය channel link එක ඔබේ යාළුවන් අතරේ share කර ඔබේ vote ප්‍රමාණය වැඩි කර ගත හැකිය.....



රටේ පවතින තත්ත්වය කෙසේ වුවද වෙසක් උත්සවය සාමකාමී වාතාවරණයක් තුළ පැවැත්විය හැකි වේවායි රට වැසි සැමට සුබ ප්‍රාර්ථනා කරමු.....



තරඟ දිනය - මැයි 16
.
.
.
.
#අනන්තයඅපි
.
.
740 views13:59
ओपन / कमेंट