Get Mystery Box with random crypto!

මං ඔයාට ආදරෙයි මාත් එක්ක හැමදාම ඉන්නවද ඒ කියපු ඔයාම අද හුගක් | විඳින මාවත

මං ඔයාට ආදරෙයි
මාත් එක්ක හැමදාම ඉන්නවද
ඒ කියපු ඔයාම අද හුගක්
වෙනස් වෙලා
මට පාඩුවෙ ඉන්න දෙන්න
තමුසෙ මට වදයක්

මේකද අවසානය ?
වෙන්නත් පුළුවන් .....

ඉස්සර හැමවෙලෙම
කෝ ඔයා කියපු
මාව හැමවෙලෙම හෙව්ව ඔයා
අද ගානක්වත් නැතුවම ඉන්නවා

මං කාලා එන්නම්
ඔයත් කන්නම් කියපු
වචන විතරක්
තාමත් කන්වල දෝංකාර දෙනවා

ලෙඩක් හැදුනම සනීප
වෙනකල් නිවනක් නැතුව කියවන
වොයිස් මැසෙජ් වලින්
උපදෙස් දෙන මම
උබේ කිසිම තොරතුරක් නැති ව
තාමත් පෝන් එක දිහා බලාගෙන ඉන්නවා

පරණ මැසෙජ් බලන්න බෑ
අතීතය තවත් මගෙ හිත පාරනවා

උබේ ඔය හිනාව
බලන්නම විහිලුවක් කරන මම
තාමත් හිනාවෙන්න බැරි ව
කල්පනා කරනවා...

කිසිම දෙයක් හිතන්නෙ නෑ මට
වෙන දෙයක් ඕනත් නෑ මට
බැදීම්,හැගීම්
වචනයක් ම විතරක්
වෙලා මට.............................

දිනයක් එයි
උබේ අත වෙන කෙනෙක් ගන්න
එදාට මට
කදුලු වක්කරන්න ඕන ......
උබේ දෑසට නොපෙන්න.....

සුභ පතන්නම්
ඔබේ හීන රජවෙන්න
මා සමුගන්නම්...
මගෙ පුරැදු තනිකමට