Get Mystery Box with random crypto!

සුදු,කලු,තලෙලු පාටවල්... උස,කොට,මහත... හැඩහුරුකම් බෞද්ධ,ක්‍ර | සූර වීර කෙල්ලො🌼

සුදු,කලු,තලෙලු පාටවල්...
උස,කොට,මහත... හැඩහුරුකම්
බෞද්ධ,ක්‍රිස්තියානි,ඉස්ලාම්,හින්දු...ආගම්
දුප්පත්,පොහොසත්...පන්ති භේද
නැකත්,ලග්න...කේන්දර

මොනාද මේ නිකන්ම නිකන් පද ටිකක් විතරයි නේද..ඔව් මේවගෙ ලොකූ තේරුමක් තියෙනව තමා හැබැයි මේව නිසා මිනිස්සු මනුස්සකම අමතක කරනව

රූපෙට රූපෙ ගලපන්
ආගමට ආගම ගලපන්
කුලේට කුලේ ගලපන්
කේන්දරේට කේන්දරේ ගලපන්

මේ වගේ දේවල් ගලපන් ගිය මිනිස්සු හුඟක්ම අසරණ උනේ...

හිතට හිත නොගැලපුන තැන්වල...
වකුගඩුවක්,රුධිරය වගේ වටින දේවල් හදිස්සියෙ හොයාගන්න ඕනි උන තැන්වල

ඒක නිසා අංක එකට මනුස්සකම තියාගන්න...අන්න එතකොට ජීවිතේ ඔයාට ඕන දේවල් ලඟාකරගන්න පුලුවන් ඔයාගෙ උත්සහයත් එක්ක...


සුද්දි