Get Mystery Box with random crypto!

.......ධ්‍රැවණශීලතාවය මගින් අයනික සංයෝගයක ද්‍රවාංක තාපාංක සංසන | Science Panthiya

.......ධ්‍රැවණශීලතාවය මගින් අයනික සංයෝගයක ද්‍රවාංක තාපාංක සංසන්ධනය.........(oxide වල හැර)

අපි උදාහරණයකට Ca(NO₃)₂ හා Ba(NO₃)₂ සලකමුකෝ,
මේකෙදි ඇනායන සමානයි.කැටායන වෙනස්.එතකොට කැටායනේ ආරෝපණයත් සමානයි.වෙනස් වෙන්නේ කැටායනයේ අරය විතරයි.Ca ට වඩා Ba ගේ අරය වැඩියි.ඒ නිසා Ba ගේ ධ්‍රැවීකාරක බලය අඩුයි(ඇනායනේ ධ්‍රැවප්‍රේරණය කිරීනේ හැකියාව අඩුයි)එම නිසා Ba(NO₃)₂ වල ධ්‍රැවණශීලතාවය Ca(NO₃)₂ ට වඩා අඩුයි.එම නිසා Ba(NO₃)₂ කියන අයනික සංයෝගයට සහසංයුජ ලක්ශණ ලබා ගැනීමේ හැකියාව අඩුයි.ඒ නිසා Ba(NO₃)₂ වල අයනික ලක්ශණ වැඩියි.අයනික ලක්ශණ වැඩියි කියන්නේ Ba(NO₃)₂ වල ද්‍රවාංක ,තාපාංක වැඩියි

@sciencepanthiya