Get Mystery Box with random crypto!

KDU(කොතලාවල) එකේ ඉගෙන ගන්න කෙනෙක්ට මාසෙට රු.80,000 ක් විතර ගෙව | Science Panthiya

KDU(කොතලාවල) එකේ ඉගෙන ගන්න කෙනෙක්ට මාසෙට රු.80,000 ක් විතර ගෙවනවා.
       NTS එකේ ඉගෙන ගන්න Nursing student කෙනෙක්ටත් මාසෙකට රු.35,000 කට ආසන්න මුදලක් ලැබෙනවා.

ඒත් Bio,maths කරලා කට්ට කාලා,මැරීගෙන ඉගෙන ගෙන හොඳම Rank දාලා Medicine , Engeneering යන උන්ට සතපහක් නෑ

බැරි වෙලාවත් අම්ම හරි තාත්තා හරි සොච්චම් පඩියකට රජයේ රස්සාවක් කරන කෙනෙක් උනොත් මහපොලෙන් හම්බෙන රු.5000 ත් නෑ

දෙයියනේ කියල part time job කට්ටක් හරි කරලා ,ගෙදර මිනිස්සු අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හම්බකරලා දෙන කීයෙන් හරි පිරිමහගෙන හිඟා නොකා හිඟා කාලා වගේ ජීවත් වෙලා අමාරුවෙන් ඉගෙන ගෙන අන්තිමට ලක්ශෙක දෙකක පඩියක් ගන්නකොට ඒකටත් අනිත් උන් බනිනවා හූල්ලනවා ඕකුන් ඔය අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ලක්ශ ගනන් පඩි ගන්නවා , සුර සැප විදිනවා කියලා

අනේ බන් උබලට අවුරුදු 13 ක්ම නොමිලේ ලැබුන අධ්‍යාපනයමයි උන්ටත් ලැබුනේ.අමුතු එකක් උන්ට හම්බුනේ නෑ.වෙනසකට තිබ්බේ උබලා ආතල් එකේ ඉද්දි උන් නිදි නොබලා කට්ට කාගෙන වැඩ කරා.

මනුස්සයෙක් කට්ට කාගෙන තැනක ගියම හූල්ලන්න වෙන තැනට වැඩ නොකර උබල දැන්වත් හරියට වැඩක් කරපන් බන්


උපුටාගැනීමකි