Get Mystery Box with random crypto!

එක දිගටම පාඩම් කරන්න කම්මැලි හිතනවද ?? සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙ | Science Panthiya

එක දිගටම පාඩම් කරන්න කම්මැලි හිතනවද ??

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් එක දිගට කරගෙන යද්දි පොඩ්ඩක් එපා වෙනවා.. කම්මැලි හිතෙනවා ..

මේ පාඩම් කරන්නකොට මගදි එන කම්මැලිකම නැති කර ගන්න පොඩි tricks කිහිපයක් මං අද ගෙනාවා ..

ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි විවේකයක් ගන්න එක ..
ඒ වගේම ඒ විවෙික විනාඩි 5කට වඩා වැඩි නොවිය යුතුයි ..

මම කිව්වේ ඔයා පැයක් පාඩම් කළා කරලා විනාඩි 5 ක බ්‍රේක් එකක් අරන් ආයෙමත් පාඩම් කරන්න පටන් ගන්න.. නැතුව ඔයා පැය තුනක් විතර එක දිගට පාඩම් කරලා විනාඩි 5ක බ්රේක් එකක් අරන් ආයෙ පාඩම් කරන්න කියනවා නෙවෙයි ..

ඔයා එච්චර වෙලා පාඩම් කරා නම් ඔයාට අවම විනාඩි 20 ක වත් බ්‍රේක් එකක් ගන්න පුළුවන්...

මේ බ්‍රේක් එක ඇතුලේ ඔයාට පොඩි සින්දුවකට ඇහුම්කන් දෙන්න, පොඩ්ඩක් එළිය ඇවිදින්න, තේකක් වගේ එකක් හදාගෙන එන්න පුළුවන් ..

හැබැයි මේ වෙලාව කොහොමටවත්ම සෝෂල් මීඩියාවලට යන්න බෑ.

පොඩි ස්නැක් එකක් තියාගෙන ඒක කකා වැඩ කරන්න ..

හැබැයි ඉතින් මලපෙරේතයා වගේ ඔක්කොම ටික එක පාර කාලා කම්මැලි කමට හපන්න දෙයක් නැත්නම් එතකොට තමයි අවුල් වෙන්නේ

සබ්ජෙක්ට් එක මාරු කරන්න ..

ඔයාලට එක දිගට දෙයක් කරගෙන ඉද්දි කම්මැලි හිතෙනවා නම් ඔයාලා චූටි වෙලාවකට හරි වෙනත් සබ්ජෙක්ට් එකට මාරු වෙලා බලන්න .. එතකොට අලුතෙන් refresh ගතියක් දැනේවි ..

m.c.q. එකක් දෙකක් නිකමට හරි හදන්න ..

පාඩම් කර කර ඉන්න වෙලාවට කම්මැලිකමක් ආවොත් ඒක නැති කරගන්න පුළුවන් ගොඩක් හොද ක්‍රමයක් තමයි ෆිසික්ස් හරි මොකක් හරි ගණිතමය m.c.q. එකක් වගේ දෙයක් හදන්න ගන්න එක ..

මොකක් හරි චිත්‍රයක් අදින්න, doodle එකක් වගේ..

හැබැයි මේකත් ලොකු වෙලාවක් අරගෙන කරන්න ගන්න එකක් නෙවෙයි වෙන්න ඕන.

ගිහිල්ලා හොඳ වොෂ් එකක් දාගෙන ආයිමත් එන්න..

තේකක් වගේ උණුවෙන් මොනවා හරි බොන්න.

කලින් පාඩම් වලට ගහපු mind map, short notes පොඩ්ඩක් බලන්න..

ගෙදරි අය එක්ක නිකමට කතාවක් දාලා යන්න.. සුරතලෙක් ඉන්නව නම් එයාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න..

මේ මොනවත්ම කරන්න හිතෙන නැත්නම්,ගොඩක්ම කම්මැලියි නම්, ගොඩක්ම නිදිමතයි වගේ නම් පුංචි වෙලාවකට චුට්ටක් නිදියලා එන්න.

පාඩම් කරන අතුරතුර දවල්ට නිදාගන්න එක( පොඩි වෙලාවක් ) මොළේට හොදයි කියලා කියල හොයාගෙන තියනවා..

එහෙනම් කම්මැලි නැතුව පාඩම් කරමු!

මේ වගේ තවත් පෝස්ට් බලන්න කැමතිනම් Page එක like කරල මේ පෝස්ට් එකේ හොදයිනම් share කරන්න ......!!

එහෙනම් හැමෝටම ජය!!

#Stydywithchill
#studytips
#bemotivated