Get Mystery Box with random crypto!

#2022 අගෝස්තු... අලුත් මාසයකුත් පටන් ගත්තා නේද....? අද ඉ | Quiz By Area 51

#2022 අගෝස්තු...

අලුත් මාසයකුත් පටන් ගත්තා නේද....?

අද ඉදන්ම ෆෝන් එක දිහා බලන් ඉන්නනම් ලෑස්ති වෙන්න එපා හරිය...

කෝ ඊයෙ රෑ තිබ්බ ගැම්ම.. කෝ ඊයෙ රෑ උබට මතක් උන හීන...ආය මතක් කරපන් ඒවා...

මන් දන්නවා කවුරු මොනා කීවත් උබ ඊයෙ රෑ අනිවාරෙන්ම අද ඉදලා හොදට වැඩ කරනවා කියලා හිතුවා කියලා...

උබ වගේම තව ගොඩක් එහෙම හිතුවා.. හැබැයි හිතුවට මදි..ඔහොම හිතන සෙට් එකෙන් වැඩකරන්නෙ 5%ක් වගේ සුලුතරයක් බම්..ඒ සුලුතරය අතරට උබත් එකතු වෙන්නනං හිතල මදි.. කට්ටක් කන්නම වෙනව

ඒ නිසා උබේ පරන ජීවිතේ අමතකම කරලා අලුත්ම ජීවිතේකට පන දීපන් ( දැන් හොදට වැඩ කර කර ඉදපු එවුන් වැඩ කරන්නැතුව ඒම ඉන්න එපා , මන් මේක කීවෙ වැඩ කරන්න හිතේ තිබ්බට හැම වෙලේම ෆෝන් එකේ ඉන්න නොනා මහත්තුරුන්ට)

මතක් කරගනින් ඊයෙ රෑ උබේ හිතට ආපු හීනෙ... අද උදේම උබේ හිතට ආව හීනෙ... උබ උබේම විදිහකට වැඩ කරන්න පටන් ගනින්...

තව දෙයක්... උබට ආදර්ශයට ගන්න ඕන තරම් කට්ටිය මේ මුලු ලෝකෙම ඉන්නවා... හැබැයි ඒකෙන් කියන්නෙ උබත් එයා වගේ වැඩ කරන්න ඕනෙ කියන දේ නෙමෙයි.... උබ වැඩ කරන්න ඕනෙ උබටම ආවේනික විදිහකට... උබේ යාලුවා වැඩ කරන විදිහට උබට වැඩ කරන්න බෑ... හැබැයි උබ වැඩ කරන විදිහට ඌට වැඩ කරන්නත් බෑ කියලා මතක තියාගනිම්... උබ වැඩ කරන විදිහ හදාගන්න වෙන්නෙ උබටම තමා...

දැන්ම පටන් ගනිම්.. පේපර් එකක් ගනින් අතට.... ඇරගෙන මුල ඉදලා වැඩ පටන් ගනිම්...

ඒනම් කොල්ලො කෙල්ලො ටික මේ මාසේ තමන්ගෙ හීන වලට, තමන්ගෙ අරමුණු වලට යන අදහසින් මේ මාසේ පටන් ගනිම්.... ඔය ගැම්ම දිගටම තියාගනිම්...

මේ ආපු ගැම්මෙන් උබ මේ මුලු මාසෙම ඇදගෙන පලයන්... මොකද උබට තව අවුරුද්දක් දෙකක් හොදට ඉගෙන ගත්තාම උබට සැපට ජීවත් වෙන්න පුලුවන්.... ඒ ඔක්කොටම වඩා උබේ අම්ම තාත්තා ගැන හිතපන් බන්.... උබව මේ තැනට ගේන්න උබේ අම්මයි තාත්තයි නොකාපු කට්ටක් නෑ බන්... ඒ නිසා එයාලගෙ ඇස් වල දුක පිරිච්ච කදුලු වෙනුවට සතුට පිරිච්ච කදුලු එන විදියට වැඩ කරපං..

වැඩ කරපන්, උබ උබම වෙයන්... උබේම විදිහකට වැඩ පටන් ගනින්... අම්මා තාත්තා ගැන හිතලා වැඩ පටන් ගනින්... උබේ අනාගතේ ගැන හිතලා වැඩ පටන් ගනින්...

එහෙනම් ඔය ආපු ගැම්මෙන් දැන්ම පලයන් මේසෙට...ගිහිල්ලා වැඩ පටන් ගනින්...ෆොන් එක අයින්ම කරලා දාපන්...

හීනත් එක්ක ජීවත් වෙයන්... ඒ හීන වෙනුවෙන් වැඩ කරපන්....

සැවොම එක්ව ජීවිතේ ජය ගමු...
Good luck..

මේ වගේ තවත් motivational and educational post කියවන්න කැමති නම් මගෙ චැනල් එකත් එක්ක join වෙන්න..

https://t.me/Mr_AttitudeChanger_LK

The STudenT