Get Mystery Box with random crypto!

බල්ලකු පෝෂණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු බල්ලන් ඇතිදැඩ | Genaral_Knowledge_Official

බල්ලකු පෝෂණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

බල්ලන් ඇතිදැඩි කිරීම හොඳ විනෝදාංශයක්. ඒත් බල්ලා කියන්නේ සතෙක් මිස අපිට කැමති විදිහට, අපිට පහසු විදිහට හදාගන්න පුළුවන් රොබෝ කෙනෙක් නෙමෙයි. සමහර අය බල්ලාට හොඳට කන්න බොන්න දීලා පොඩි කූඩුවක දාගෙන ඉන්නවා. ඉතින් ඒ සතාට ව්‍යායාම නැති නිසා අස්ථි අවදානමට ලක් වෙනවා. නැතිනම් දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලට ගොදුරු වෙනවා. බල්ලෙක් පෝෂණය කිරීම වගේම උගේ සාමාන්‍ය ජීවන රටාව පවත්වාගන්න අපි උදව් දීමත් බොහෝ වැදගත් වෙනවා.