Get Mystery Box with random crypto!

Genaral_Knowledge_Official

टेलीग्राम चैनल का लोगो genaral_knowledge_official — Genaral_Knowledge_Official G
टेलीग्राम चैनल का लोगो genaral_knowledge_official — Genaral_Knowledge_Official
चैनल का पता: @genaral_knowledge_official
श्रेणियाँ: तथ्यों
भाषा: हिंदी
ग्राहकों: 748
चैनल से विवरण

⭕️දිනෙන් දින වෙනස්වන ලෝකයේ නොවෙනස්ව ඉදිරියට යන්න.
⭕️සැම දිනකම යමක් ඉගෙනගන්න..අපත් සමග එකතු වන්න..
⭕️Share And Support Us
@Genaral_knowledge_official
⭕️ρσωєяє∂ ву @NCB_units

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


नवीनतम संदेश

2022-03-12 10:36:26
​️Title: Spider-Man: No Way Home [2021]
Also Known As: Spider-Man: No Way Home (2021)
Rating : 8.7 / 10
(8.7 based on 494,305 user ratings) | 12 | 2h 28min |
Release Info: Dec 15, 2021
Genre: #Action #Adventure #Fantasy
Language: English

@Movie_hub_sri_lanka
884 views07:36
ओपन / कमेंट
2022-02-24 05:16:15
ඔබ දන්නවාද?

‌1990 අග භාගයේදී ජපන් කලාකරුවෙකු මෙන්ම software interface (අතුරුමුහුණත්) නිර්මාණකරුවෙකු ද වන වන Shigetaka Kurita විසින් පළමු emoji එක නිර්මාණය කරන ලදි.

@Genaral_knowledge_official
1.1K viewsedited  02:16
ओपन / कमेंट
2022-02-24 05:16:15
ඉන්දියාවේ ටජ්මහල

මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි. අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ඉස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය. කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ග‍ලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.

@Genaral_knowledge_official
982 viewsedited  02:16
ओपन / कमेंट
2022-02-24 05:16:15
ඉතාලියේ කොලෝසියම

ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව විස්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.

@Genaral_knowledge_official
754 viewsedited  02:16
ओपन / कमेंट
2022-02-24 05:16:15
චීන මහා ප්‍රාකාරය

නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති චීන මහා ප්‍රාකාරය මිනිස් දෑතින් ඉදි වු විස්මය දනවන දැවැන්ත නිර්මානයකි. මෙහි ඉදිකිරීම් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී පමන ආරම්භ වී ඇති අතර ක්‍රිස්තු පූර්ව 16 වන සියවස දක්වා ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු වී ඇත. චීන අධිරාජ්‍යයේ උතුරැ සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොන්ගෝලියන් ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මේ මහා ප්‍රාකාරය ඉදිකර ඇතැයි සැලකේ. මෙම ප්‍රකාරයේ දිග කි‍:මී: 6400ක් පමණ වේ. මෙහි බැම්ම කළුගල් අඩිතාලමක මීටර් 12ක් උසට ගඩොලින් නිර්මානය කර ඇත. ප්‍රකාරය මුදුනේ මීටර් 4.5ක් පළල පාරකි. ප්‍රකාරය දිගේ මීටර එකසිය අසූවෙන් එකසිය අසූවට මුර කුළුණු සාදා ඇත. අතීතයේදී මිලියනයකට අධික පිරිසක් මුර සේවයේ යොදවා තිබූ බව සඳහන් වේ. චන්ද්‍රයාගේ සිට පෘථිවිය දෙස බැලූ කළ දිස්වන මිනිසා විසින් ඉදිකළ එකම නිර්මාණය මෙය ලෙස සැලකේ.

@Genaral_knowledge_official
650 viewsedited  02:16
ओपन / कमेंट
2022-02-24 05:13:37
මරණයේ තැන්නේ ඇවිදින පාෂාණ
DEATH VALLEY | MOVING ROCKS

මේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ "Death Valley" කාන්තාරයයි, මෙහි තිබෙන මෙම කුඩා ගල් විශේශය පුදුමාකාර ලක්ෂණයක් පෙන්වයි, එනම් ඒවා කිසිම බලයකින් තොරව තැනින් තැනට ගමන් කිරීමයි. ගොලුබෙල්ලන් මෙන් තැනින් තැනට ගමන් කරන මාර්ගයද පොළවේ සටහන් වේ.

-copied-
@Genaral_knowledge_official
574 views°ΔlєχΔη∂єя°, edited  02:13
ओपन / कमेंट
2022-02-24 05:13:37
@Genaral_knowledge_official
539 views°ΔlєχΔη∂єя°, edited  02:13
ओपन / कमेंट
2022-02-24 05:13:36
ඔබ කලින් දැන සිටියා ද

Jack Ma
යනු තව දුරටත් චීනයේ ධනවත්ම පුද්ගලයා නොවේ

ඔහුගේ මෙ කිරුල දිනගෙන සිටින්නේ Ma Huateng නැමති පුද්ගලයායි.මොහු අන් කවරෙක්වත් නොව ඉතාමත් ජනප්‍රිය PUBG Mobile සහ COD Mobile වැනි ක්‍රිඩා Develop කල Tencent සාමගමෙ අයිතිකරුවා වේ.

-copied-
Credits - අභිරහස් ගවේෂණය

@Genaral_knowledge_official
530 views°ΔlєχΔη∂єя°, edited  02:13
ओपन / कमेंट
2022-02-23 18:56:25 තනි පද
වචන කිහිපයකින් ප්‍රකාශ කෙරෙන අර්ථ දීම සදහා තනි වචන යෙදීම සිංහල භාෂා ව්‍යවහරේ පවතී එසේ යෙදෙන පද තනි පද ලෙස හැදින්වේ .එවන් තනි පද කිහිපයක් මෙසේවේ.

1.ජනතාව අඩු - ජනශුන්‍ය
2.මෙරටට ගෙන එන - ආනයන
3.මෙරටින් විදේශවලට යවන - අපනයන
4.ඇදුම් මසන්නා - සන්නාලියා
5.කොණ්ඩය කපන්නා- කරණවෑමියා
6.කෑම උයන්නා - අරක්කැමියා
7.සපත්තු මසන්නා- සපතේරුවා
8.අනුන්ගේ ගුණ වර්ණනා කරන්නා- වන්දිභට්ටයා
9.ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
10.ජලය නැති කාලය -ඉඩෝරය
11.පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික
12.රත්තරං වලින් කරන වැඩ - රන්මුවා
13.නළලට වැටෙන කෙස් රොද - කියඹු
14.උස් බිමක ඇති තැනිතලා බිම - සානුව
15.තමන්ගේ ආරක්ෂාව - ආත්මාරක්ෂාව
16.නගරයෙන් මදක් දුරින් වූ ගම - පසල්ගම
17.යකඩින් කරන ලද - අයෝමය
18.දැවයෙන් කරන ලද - දැවමුවා
19.රිදියෙන් කරන ලද - රිදීමුවා
20.සාමයට කැමති - සාමකාමි
21.සැමදාම පවතින -සදාකාලික
22.පාද හතරක් ඇති - සිවුපා
23.පොත් ගබඩා කරන ස්ථානය - පුස්තකාලය
24.දෑසම නොපෙනෙන තැනැත්තා - අන්ධයා
25.වියදම් අඩු කර ගැනීම - අරපිරිමැස්ම
26.බිය උපදින සුළු - බියජනක
27.පොත් කියවන අය - පාඨකයෝ
28.සිනාව උපදවන්නා වූ - හාස්‍යජනක
29.බය උපදවන්නා - බියජනක
30.නින්දට කැමති - නිද්‍රාශීලි
31.සමාජයට කැමති - සමාජශීලි
32.ඉබේම සිදුවන සිදුවීම - ස්වයංසිද්ධිය
33.පවුලක පළමු දරුවා - කුළුදුල්
34.විස්තර කැටිකර දැක්වීම - සාරාංශය
35.මිල කළ නොහැකි - අමිල
36.ශරීරයේ ගල්වන සුවද දෑ - විලවුන්
37.යමක් දැන ගැනීමේ ආශාව - කුතුහලය
38.දොලොස් මසකට වරක් - වාර්ශික
39.ආකාශයේ සැරිසරන - ආකාශචාරී
40.ගසක අතු බෙදෙන තැන - දෙබල
41.බිත්තරයෙන් උපන් - අණ්ඩජ
42.දියෙහි උපන් - ජලජ
43.මඩෙහි උපන් - පංකජ
44.සියල්ල මරා දැමීම - සමූලඝාතනය
45.සැමට අයිති - පොදු
46.කාලයට උචිත - කාලෝචිත
47.ආහාර හිග කාලය - සාගතය
48.අනුන්ගෙන් පෝෂණය වෙන - පරපෝෂිත
49.ඉතා වේගයෙන් යන-සීඝ්‍රගාමී
50.මද වේගයෙන් යන -මන්දගාමී
51.පාද දෙකක් ඇති - දෙපා
52.බලවත් සතුටක් ඇති කරන - ආනන්දජනක
53.පොළොව යටින් යන මග - උමග
54.නිලයක් දරන තැනැත්තා -නිලධාරියා
55.අන් අයට යටත්ව සිටීම - පරාධීන
56.දිය ගොඩ දෙකෙහිම වෙසෙන - උභයජීවී
57.කැලෑවේ හට ගන්න ගින්න - ලැව්ගින්න
58.යුද්ධයට කැමති - රණකාමී
59.උසස් කුලයට අයත් - කුලීන
60.පහත් කුලයට අයත් - කුලහීන
61.පවුලක බාලයා - බඩපිස්සා
62.රාත්‍රියේ හැසිරෙන - නිශාචර
63.කිසිදා නොමැරෙන - අමරණීය
64.රටක් බලෙන් අල්ලා ගැනීම - ආක්‍රමණය
65.පාර වැරදුණු - මංමුලාවූ
66.සුරාවට බොහෝ ආස කරන- සුරාසොඩ
67.බැතවල ඇති බොල්- කාටුව
68.අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමියා
69.තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමියා
70.දිවි ඇති තාක් - යාවජීව
71.ජලය නොමැති - නිරුදක
72.ලංකාවට අයත් - ලාංකීය
73.කුඩාම ප්‍රමාණය - අවම
74.වැඩිම ප්‍රමාණය - උපරිම
75.කෙළෙහි ගුණ සළකන - කෘතවේදී
76.එම කාලයට අයත් - තත්කාලීන
77.සුළු කාලයකට අයත් - තාවකාලික
78.නෙත් පිනවන- නෙත්කලු
79.අදුර වැටී රෑ බෝවෙන වෙලාව - ගොම්මන
80.දෙකෙන් බෙදිය නොහැකි සංඛ්‍යා - ඔත්තේ
81.දෙකෙන් බෙදිය හැකි සංඛ්‍යා - ඉරට්ටේ
82.ඉබේ ක්‍රියාකරන - ස්වයංක්‍රීය
83.දිරාගිය කිලිටි ඇදුම් - වැරහැලි
84.ගවයන් බලා ගන්නා තැනැත්තා -ගොපල්ලා
85.හිස සුන් මළ කද - කවන්ධය
86.විසදීමට අමාරු ගැටලුව - ප්‍රෙහේලිකාව
87.පාර පෙන්වන්නා - මාර්ගෝපදේශකයා
88.රටකින් රටකට යෑම - සංක්‍රමණය
89.ජනතාව බහුලව වෙසෙන - ජනාකීර්ණ
90.යමක් ගැන ගැඹුරින් තොරතුරු සෙවීම - ගවේෂණය
91.නිතර කතා කරන - දොඩමළු
92.පාද බොහෝ ගණනක් ඇති- බහුපා
93.කැඩී බිදී ගොස් ඉතිරි වූ කොටස්- නටඹුන්
94.සිතෙහි ඇතිවන බලවත් ආශාව - මනදොළ
95.ගස් වලින් පිරුණු ප්‍රදේශය -වනගුම්බය
96.නීතියට ගරු කරන - නීතිගරුක
97.වියළී ගිය ගොයම් ගස් - පිදුරු
98.සියලුම පක්ෂ වලට අයත්- සර්වපාක්ෂික
99.සියලුම ආගම් වලට අයත්- සර්වආගමික
100.පොළොවේ ඛනිජ වර්ග ඇති ස්ථානය - නිධිය


-copied-

@Genaral_knowledge_official
622 views°ΔlєχΔη∂єя°, edited  15:56
ओपन / कमेंट
2022-02-08 18:10:52
තාක්ෂණික පෙරළියක් ඇති කරන 6G.

චීනයේ 6G පිළිබඳ පර්යේෂන සිදු කරන පර්යේෂන කණ්ඩායමක් පසුගියදා තත්පරයට ගිගාබයිට් 206 ක පමණ වේගයකින් රේඩියෝ තරංග සම්ප්‍රේෂනයක් සිදු කිරීමට සමත් වී තිබෙනවා.

මෙම දත්ත සම්ප්‍රේෂන වේගය දැනට ලෝකයේ පවතින 5G තාක්ෂනයේ වේගය මෙන් 100 ගුණයක වේගයක් වෙනවා.5G ලෝකය පුරා ව්‍යාප්ත වීමට මත්තෙන් 6G තාක්ෂණය සොයාගැනීමත් ඉතා විශේෂ සිදුවීමක් වෙනවා.

පර්යේෂකයින් කණ්ඩායම පවසන පරිදි 2030 පමණ වනවිට 6G උපාංග වෙලඳපොළට නිකුත් කිරීමේ හැකියාවක් පවතිනවා.එසේ නිකුත් කළහොත් 5G තාක්ෂනය ලෝකයේ අඩුම කාලයක් පැවති දුරකතන සන්නිවේදන තාක්ෂනය වෙනවා.

මේ හොයාගත්තු වේගය සහිත 6G තාක්ෂනයෙන් ඔයාට 1GB download කරන්න යන්නේ තත්පරයෙන් 206 න් පංගුවක් වගේ පොඩි කාලයක්.

-copied-

@Genaral_knowledge_official
1.4K views°αlєxαη∂єя°, edited  15:10
ओपन / कमेंट