Get Mystery Box with random crypto!

අනාගත කාලයෙ තවත් අවස්ථාවක් අවබෝධ කර ගන්න SHOULD ෂුඩ්- යුතුයි | 📚 Learn English Free 📚

අනාගත කාලයෙ තවත් අවස්ථාවක් අවබෝධ කර ගන්න

SHOULD
ෂුඩ්- යුතුයි කියලා

උපකාරක පදයක් නිසා "Should" භාවිතයේදී ඒ සමග කරන ක්‍රියාව මුල් අවස්ථාව යොදා ගෙන ක්‍රියා පදය සම්පූර්ණ කර ගන්න

should + infinitive

ඔබ දැන් යා යුතුයි
You should go now

මම රට යා යුතුයි
I should go abroad

රමණි බබාව බලා ගත යුතුයි
Ramani should look after baby

යුතුයි කියලා සදහන් කලාට කථානයේදි අපි මෙය භාවිතා කරන්නේ " ඕන" කියල.

ඔයා ඒක අමතක කරන්න ඕන
You should forget it

අපි දෙමව්පියන්ට වදින්න ඕන
We should worship our parents

අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන
We should learn English

**** ඔබට හැකි පමණ වාක්‍ය නිර්මාණය කරලා ඉංග්‍රීසි භාෂාව පුරුදු වෙන්න*****