Get Mystery Box with random crypto!

කවියනි,කිවිදියනි සංවාදයට විවෘතයි ආදරයට කොහෙද සම්මත | INFINITY

කවියනි,කිවිදියනි සංවාදයට විවෘතයි

ආදරයට කොහෙද සම්මත අසම්මත
හැගුමන් මතුවේවි ගැබුරේ ඉදන් සිත
තම තම වාසියට පමනයි සියලු මත
කෙතරම් සුන්දරද ප්‍රේමය අසම්මත
____________________________________

ලුනු හෝ ඇබුල් පදමට නැති තැනදි මිස
ගැලපෙන දෙයක් නැ පාටින් උනත් යස
හදුනන විටදි මග නොකියා නොයෙක් රස
රාගය ප්‍රේමයේ කාසියෙ අනෙක් පස
____________________________________

දෙහදක් පෙමෙන් සැනසෙයිනම් රදන් තුට
කුමටද එදෙස බලමින් වපරුසෙන් සිට
පැද යනු ඇහැකිනම් ජීවන ගමන් හෙට
සම්මත අසම්මත ඇයි බැමි කරන් වට
____________________________________

හදවත් දෙකක් බැදෙනා විට රැහැන් පට
හිමි දේ අහිමි කර අන්සතු දෙයක් පිට
සමහරු නොදැන පල කෙරුවත් නොයෙක් මත
මෝරා ආ ප්‍රේමෙ දැක්කේ ගෙයින් පිට

Cmt එකක් දාගෙනම යන්න අනන්තය අනන්තය