Get Mystery Box with random crypto!

Android smartphone භාවිතා කරන්නන්ට Trojan malware අනතුරු ඇගවීම | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

Android smartphone භාවිතා කරන්නන්ට Trojan malware අනතුරු ඇගවීමක්!

Google Play Store apps කිහිපයක Joker නමින් හදුන්වන Trojan malware එක තිබී හමුවෙලා තියෙන්වා. මේ Joker malware එක මීට පෙරද Plays tore හි තිබී කිහිපවිටකදීම සොයාගෙන තිබෙනවා. මෙමගින් අපේ අනුදැනුමක් නොමැතිව තොරතුරු ලබා ගැනීම, messages, contacts කියවීම වැනි දෑ වගේම යම් යම් subscription services වලට අප නොදැනීම සම්බන්ධ වී මුදල් ගෙවීම්ද කරයි.

Quick Heal Security Labs හි නවතම වාර්තාව අනුව Apps 8 ක මේ Joker malware එක හමු වී තිබෙනවා. Google විසින් දැනටමත් එම apps 8 Plays tore එකෙන් ඉවත් කර තිබෙනවා. ඔබ මේ apps ඔබේ දුරකථනයට install කර තිබේ නම් ඉක්මනින් ඉවත් කරගන්න.

ඔබ ඉවත් කළයුතු apps 8
• Auxiliary Message
• Fast Magic SMS
• Free CamScanner
• Super Message
• Element Scanner
• Go Messages
• Travel Wallpapers
• Super SMS

මෙ වගේ News නිවැරදිව ඉක්මනට update වෙන්න අපිව Like කරල follow කරල තියාගන්න.

source - https://www.facebook.com/techguidelk/