Get Mystery Box with random crypto!

Science Panthiya

टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya S
टेलीग्राम चैनल का लोगो sciencepanthiya — Science Panthiya
चैनल का पता: @sciencepanthiya
श्रेणियाँ: शिक्षा
भाषा: हिंदी
ग्राहकों: 27.27K
चैनल से विवरण

100% Free Educational Materials
https://t.me/sciencepanthiya

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


नवीनतम संदेश 8

2023-07-22 18:50:42
4.2K views15:50
ओपन / कमेंट
2023-07-22 17:04:41
අපිත් ආව Oppenhimer බලන්න කට්ටිය් බැලුවද?
4.7K views14:04
ओपन / कमेंट
2023-07-22 16:24:05 දන්නවද?
මේ ලෝකේ තියනවා ' study with me ' කියලා වීඩියෝ වර්ගයක්.

පහුගිය කාලේ මම විභාග වලින් මිරිකිලා තෙරපිලා හිටියේ. තවම ඉවරයක් නෑ ඒවගේ. ඒත් මම සතුටිං වැඩ කරන හැටි දැන් දන්නවා.

සතුටිං වැඩ කරන එකටම අදාල දෙයක් තමයි ' study with me ' කියන වීඩියෝ වර්ගයත්.

මුලිං මුලිං මම හැමදාම ඇහුවේ jazz music . සමහර දවස් තිබුනා දවල් රෑ නැතිව මගේ කාමරේ පැය දොලහා දහතුන එක දිගට you tube live යන jazz music play වුන.

Jazz music කියන්නේ ඔළුවට කරදරයක් නැති නිදහස් නිවහල් සංගීතයක්.

දවසක් මම අළුත් jazz music එකක් හොයද්දී මට අහඹුවෙන් ලැබුනා ' study with me ' video එකක් .

ලස්සන ඉර බැහැගෙන යන දර්ශනයක් පෙනෙන විදිහකට ජනේලයක් ලඟ වැඩ කරන කෙනෙක් විතරමයි ඒ දර්ශනයේ තිබුනේ.
ඊට අමතරව කරදරයක් නැති music එකක් play උනා.

සමහවිට මේක මට අළුත් දෙයක් වුනාට ඔයාලට අළුත් දෙයක් නොවෙන්න පුළුවන්.

හැබැයි අපි පාඩම් කරද්දී , තනියම ඉන්නවා වගේ feeling එක මේ video එකෙන් නැති වෙනවා වගේ මට දැනුනා.
එයත් වැඩ මමත් වැඩ වගේ මොකදෝ දෙයක් එතනදී දැනෙනවා.

සමහර වෙලාවට තනිවම අපිට ගෙදරදී පාඩම් කරන එක , පාඩම් කිරිමට අවධානය යොමු කරන එක අපහසු වෙන්න පුළුන්. මේ වීඩියෝ වලින් සිදු කරන්නේ අපිට පාඩම් කරන්න අධ්‍යන පරිසයක්, වට පිටාවක් සහ මානසික මට්ටමක් ඇති කරන එක.

මේ වෙද්දී. You tube හී ' Study with me ' වීඩියෝ වලට නැරඹුම් මිලියන ගනන් පසු කරමින් තියනවා.

සිසුන්ගෙන් මේ වීඩියෝ වලට මිලියන ගනන් නැරඹුම් වාර ලැබෙන්න හේතු කිහිපයක් තියනවා. ඒ අතරින් මේ වීඩියෝ වල Aesthetic vibe එකක් එකතු වෙලා තියන එක තමයි හොඳම හේතුව විදිහට පෙනියන්නේ.

බොහෝ වීඩියෝ වල ලෝක ප්‍රසිද්ධ pomodoro Timer භාවිතා කරන නිසා ඵලදායිතාවය වැඩි කියලත් මට හිතෙනවා.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ' Study with me ' වීඩියෝ අතිශයින්ම ප්‍රයෝජනවත් අවධානය යොමු කිරීමේ සහ ඵලදායීතාවය වැඩී කිරිමේ මෙවලමක්.

එක වතාවක් උත්සහ කරලා බලන්න.
ගෙදර ඉදලා තනියම පාඩම් කරන අයට මේ වැඩේ බොහෝ සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.

- හසිකා විජේතුංග -
5.3K views13:24
ओपन / कमेंट
2023-07-22 16:24:02
5.0K views13:24
ओपन / कमेंट
2023-07-22 15:14:09
10 සහ 12 ශ්‍රේණිවලට සා.පෙල සහ උ.පෙළ නිර්දේශ කරමින් වාර්තාවක්.....


ඒ අනුව,
10 වන ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ,
12 වන ශ්‍රේණියේදී උසස් පෙළ පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබේ....

@Sciencepanthiya
5.1K viewsedited  12:14
ओपन / कमेंट
2023-07-22 06:24:22 මේ වෙද්දි කසුන් කල්හාර සහ උමාර රඟහල ප්‍රසංගයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. හැබැයි මම හිතන්නෙ නෑ කසුන්වත් උමාරා වත් මේ ප්‍රසංගයෙන් ඉවත් වෙයි කියලා සමාජයෙන් ආපු බලපෑම නොවුනනං.

රඟහල ප්‍රසංගයේ ඉරාජ් සිංදු කියනවා කියන එක කියපු ගමන් එක කාන්තාවක් තමන්ගේ ටිකට් වල සල්ලි රිටර්න් කරන්න ඉල්ලන ගමන් තමන්ගේ විරොධය සමාජ මාධ්‍ය වල පළ කරනවා. මම දකින විදියට ඒක තමයි මේ විරෝධය මේ තරං ඉහලට ඇවිල්ලා කසුන් සහ උමාරා මේකට සහභාගි නොවන තැනට ගේන්න මුල් වෙච්ච ප්‍රභලම සාධකය උනේ. එක් පුද්ගලයකුගේ තනි උත්සාහයක් විශාල බලපෑමක් කරපු අවස්ථාවකට මේක හොඳ උදාහරනයක්. බොහෝ විට ඉදිරියේදි තියෙන කිසිම ප්‍රසංගයකට කාලයක් යනකල් ඉරාජ්ට ආරාධනා නොකරන්න සංවිධායකයෝ පරිස්සං වේවී.

බොහෝ දෙනා අහනවා දැං කෝ උඹලගේ අරගලය කියලා. මේ අරගලයෙම කොටස් තමයි. අපට පාරේ අරගලය දිනන්න බැරිනම් අලුත් ක්‍රම හොයන්න වෙනවා. ප්‍රතික්ශේප කිරිම සහ අත්හැර දැමීම අපට බොහොම ලේසීයෙන් අඩුම හානියක් ඇතුව කරන්න පුලුවන් හැබැයි දැඩි බලපෑමක් කරන්න පුලුවන් දෙයක් කියලයි මං හිතන්නෙ.

අද ඉරාජ්ව ප්‍රතික්ශේප කරන්න මේ තනි කාන්තාව ගනිපු පියවර හෙට රට කාපු දේශපාලකයො ඉස්සරහා ඔබට කරන්න පුලුවන්නම් ඔවුන් ඉතා වේගයෙන් ජනතාවගෙන් ප්‍රතික්ශේප වෙලා යයි. දේශපාලකයෝ මේ තරම් විනාසයක් රටට කරද්දි ඇස් කං පියං ඉඳපු අපි දැංවත් කොන්ද කෙලිං කරන් අපේ විරෝධය අපට පුලුවන් විදියට එලියට දැම්මොත් රට එක පියවරක් හරි ඉහලට ඔසවන්න ඒක තල්ලුවක් වේවී.
5.2K views03:24
ओपन / कमेंट
2023-07-22 06:24:16
5.1K views03:24
ओपन / कमेंट
2023-07-21 20:55:13
5.4K views17:55
ओपन / कमेंट
2023-07-04 21:37:04
ඔබ දන්නවාද ?

අපි කන කෑම oesophagus (අන්නස්‍රෝතය) හරහා ආමාශය වෙත යෑමට ගුරුත්වය හේතු නොවන බව.

එනම් ඔලුවෙන් හිටගෙන කෑවත් ආහාර ආමාශය වෙත යන බව


මෙයට හේතුවෙන්නේ  propulsive movements හෙවත් peristalsis movement මගින් අප මුඛයෙන් ගිලින ආහාර food bolus( ආහාර ගුලි) ලෙස oesophagus (අන්නස්‍රෝතය) හරහා තල්ලු කරමින් ආමාශය වෙත යෑමයි.
මෙම peristalsis movement වල වේගය තප්පරයට 2 cm - 25cm ත් අතර වන අතර මෙමගින් ඔබ මුඛයෙන් ගිලින ආහාර තප්පර කිහිපයකදී ඔලුවෙන් සිටගෙන සිටියත් ආමාශය වෙත ගෙනයයි

@sciencepanthiya
1.3K viewsedited  18:37
ओपन / कमेंट
2023-07-04 19:56:22
KDU(කොතලාවල) එකේ ඉගෙන ගන්න කෙනෙක්ට මාසෙට රු.80,000 ක් විතර ගෙවනවා.
       NTS එකේ ඉගෙන ගන්න Nursing student කෙනෙක්ටත් මාසෙකට රු.35,000 කට ආසන්න මුදලක් ලැබෙනවා.

ඒත් Bio,maths කරලා කට්ට කාලා,මැරීගෙන ඉගෙන ගෙන හොඳම Rank දාලා Medicine , Engeneering යන උන්ට සතපහක් නෑ

බැරි වෙලාවත් අම්ම හරි තාත්තා හරි සොච්චම් පඩියකට රජයේ රස්සාවක් කරන කෙනෙක් උනොත් මහපොලෙන් හම්බෙන රු.5000 ත් නෑ

දෙයියනේ කියල part time job කට්ටක් හරි කරලා ,ගෙදර මිනිස්සු අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හම්බකරලා දෙන කීයෙන් හරි පිරිමහගෙන හිඟා නොකා හිඟා කාලා වගේ ජීවත් වෙලා අමාරුවෙන් ඉගෙන ගෙන අන්තිමට ලක්ශෙක දෙකක පඩියක් ගන්නකොට ඒකටත් අනිත් උන් බනිනවා හූල්ලනවා ඕකුන් ඔය අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ලක්ශ ගනන් පඩි ගන්නවා , සුර සැප විදිනවා කියලා

අනේ බන් උබලට අවුරුදු 13 ක්ම නොමිලේ ලැබුන අධ්‍යාපනයමයි උන්ටත් ලැබුනේ.අමුතු එකක් උන්ට හම්බුනේ නෑ.වෙනසකට තිබ්බේ උබලා ආතල් එකේ ඉද්දි උන් නිදි නොබලා කට්ට කාගෙන වැඩ කරා.

මනුස්සයෙක් කට්ට කාගෙන තැනක ගියම හූල්ලන්න වෙන තැනට වැඩ නොකර උබල දැන්වත් හරියට වැඩක් කරපන් බන්


උපුටාගැනීමකි
2.0K viewsedited  16:56
ओपन / कमेंट