Get Mystery Box with random crypto!

SLIATE පද්ධතිය උපාධි ප්‍රදානය කරන ආයතනයක් බවට පත් කිරීම වෙනුවට | HND Set Eka (Office Page) 🇱🇰

SLIATE පද්ධතිය උපාධි ප්‍රදානය කරන ආයතනයක් බවට පත් කිරීම වෙනුවට රජය විසින් කිසිදු ශිෂ්‍ය දැනුවත් කිරීමකින් තොරව පදනම් විරහිතව උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හා උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව NVQ level 6 මට්ටමට ගෙන ඇත. නමුත් සිදුවිය යුත්තේ මෙම පාඨමාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් රාජ්‍ය උපාධි බවට පත් කිරීමය.
එසේ කිරීමට තිබියදීත් මෙලෙස මෙම පාඨමාලා NVQ LEVEL 6 මට්ටමට ගෙන ඒම තුළින් මෙතෙක් මෙම පාඨමාලා වලට තිබූ පිළිගැනීම සහ අනෙකුත් වරප්‍රසාදයන් බොහොමයක් අහිමිවී යාමයි.
මෙමගින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට තිබූ උපාධි සමානාත්මතාවයද නැතිවී යාමට බොහෝ ඉඩකඩ ඇත. සියලු HND සිසුන්ට අවශ්‍ය රාජ්‍ය උපාධියක් මිස අන් කිසිවක් නොවේ.
~IHNDACSU~

https://www.facebook.com/541187732579565/posts/5172761256088833/