Get Mystery Box with random crypto!

ප්‍රසූතියෙන් පසු ලිංගික ජීවිතය සහ උපත් පාලනය ඔබේ දරු ප්‍රසූති | INFINITY

ප්‍රසූතියෙන් පසු ලිංගික ජීවිතය සහ උපත් පාලනය

ඔබේ දරු ප්‍රසූතියෙන් පසුව ඔබත් සැමියාත් නැවත ලිංගිකව එක්විය යුත්තේ කවදාද කියන කාරණය පිළිබඳව නිශ්චිත නීති රීතියක් නෑ. බොහෝවිට දරුවා ඉපදුණු විගසම බොහෝ කාන්තාවන්ට වේදනාවක් හා වෙහෙසක් දැනෙනවා. ඔබට අවශ්‍ය නැතිනම් ඒ සඳහා ඉක්මන් වෙන්න එපා. මොකද ඔබ දෙපළ ලිංගිකව එක් වීමේදී ඔබට වේදනාවක් දැනෙනවා නම්, ඒක සතුටුදායක අත්දැකීමක් වෙන්නේ නෑ. මෙම ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කරන්නේ ඒ ගැනයි…

පළමු එක්වීම

දරු ප්‍රසූතියෙන් පස්සේ ලිංගිකව එක් වෙද්දී ප්‍රථම වතාවට ඔබට ලිහිසි ජෙල් භාවිතා කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවා වර්තමානයේදී ෆාමසි සහ සුපිරි වෙළඳසැල් වලින් ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව හෝ‍මෝන වෙනස්වීම් නිසා ඔබේ යෝනි මාර්ගයේ වෙනදාට වඩා වියළි බවක් ඇති වෙලා තියෙන්න පුළුවන් නිසයි.

ඔබේ ශරීරයේ තත්ත්වය ගැන හෝ නැවත ගැබ් ගැනීමක් ගැන ඔබ කණස්සල්ලට පත් වෙන්න පුළුවන්. පිරිමි පාර්ශවයට ද මේ ගැටලුව ඇති වෙනවා. වෙහෙසට අමතරව, පිරිමියෙකුගේ ලිංගික හැඟීම් ඔහුගේ දරුවාගේ උපතට පෙර තිබූ තත්ත්වයට බොහෝ දුරට සමාන වෙනවා. නමුත් බොහෝ පිරිමින් තම බිරිඳට සුදුසු දේ මොකක්ද කියන කාරණය ගැන කරදර වෙනවා. කරන්න ඕනේ මොකක්ද කියලා ඔවුන්ට විශ්වාස නැති නිසා ඔවුන් කණස්සල්ලට හා කලකිරීමට පත් වෙන්න පුළුවන්.

ඔබ දෙපළට ලිංගිකව එක් වෙන්න කලින් ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වෙනවා. එතකල් ඔබ දෙදෙනාම වෙනත් ආකාරවලින් ආදරය වර්ධනය කර ගැනීම හා සමීප වීම තුළින් සතුටු වෙන්න උත්සහ කරන්න.

ඔබට හෝ ඔබේ සහකරුට කණස්සල්ලක් තියනවා නම් ඒවා ගැන දෙදෙනාම එකට කතා කරන්න. ඔබට යම් උපකාරයක් අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

ලිංගිකව එක්වීම රිදෙනවා නම් ඒක කියන්න. මොකද වේදනාවක් ඇති වුණොත් ලිංගිකව හැසිරීම සතුටක් වෙන්නේ නෑ. ඒක එහෙම නොවනකොට ඔබ සියල්ල හරි කියලා මවාපානවා නම්, ඔබ විසින් ලිංගිකත්වය සතුටකට වඩා කරදරයක් හෝ අප්‍රසන්න දෙයක් විදිහට දකින්න පටන් ගන්න පුළුවන්. ඒකෙන් ඔබ දෙදෙනාටම උදව්වක් වෙන්නේ නෑ. ලිංගිකව එක්වීමකින් තොරව ඔබ දෙදෙනාට සතුටක් ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනව.

ඔබ ලිංගිකව හැසිරෙන පළමු වාර කිහිපය ගැන සැලකිලිමත් වන්න. එයින් හානියක් නොවන බව සහතික කර ගන්න නම් මුලින්ම ඔබේ ඇඟිලි වලින් ගවේෂණය කරන්න. ලිහිසි ජෙල් වගේ අමතර ලිහිසිකාරක භාවිතා කරන්න. දරු ප්‍රසූතියෙන් පස්සේ සිදුවන හෝමෝන වෙනස්කම් වලින් ඔබට ප්‍රසූතියට පෙරදී වගේ අනන්තය