Get Mystery Box with random crypto!

කාශ්‍යප කොර..අද කෙල්ලොන්ගෙ කැටයම් දැක්කම කසුප් මහ රජානං | INFINITY

කාශ්‍යප කොර..අද කෙල්ලොන්ගෙ කැටයම් දැක්කම

කසුප් මහ රජානං හිටියනන් ශොක් වෙනා
අනුරාගි නෙත් බැලුම් නොකියාම නන්වනා
නිරුත්තර සෙනෙහසින් මලක් ගෙන මද සිනා
අද ලදුන් වස්ත්‍රයෙන් පෙනෙහි හද චිත්තනා
_________

මල් නෙලා විල් තෙරෙන් හංසයින් නහවනා
මාල මුදු කනේ නොව නාබියෙද දිලිසෙනා
ඇදි වතත් නිරුවතත් නොවෙනස්ව පෙනමිනා
ඇබ්බැක්කෙ කැටයමත් මේ හැඩට පැරදනා
_________

අනුත්තර සෙනෙහසින් ඇදපු මුත් මල් මෙනා
සංයුක්ත තැටි රගන ශෝබනියො මත් වෙනා
වස්තරෙත් විනි විදයි කාමුකයි රංජනා
ඇගෙ කලව දකින කල මල්සරත් සැගවෙනා

අනන්තය

Cmt එකක් දාගෙනම යන්න