Get Mystery Box with random crypto!

අනු බුදු මිහිදු මා හිමිගේ පහස ලද මිස්සකපව්ව හැඩ වුනි දම් සිසි | INFINITY

අනු බුදු මිහිදු මා හිමිගේ
පහස ලද
මිස්සකපව්ව හැඩ වුනි දම්
සිසිල මැද
බලතල තෙදෙන් සැම සත
නසනා හීය
බිම අැද දමා රජ දන බිම
නැවුනු දින
පව සංසර ගමන හැඩි කර
දමන වග
අවිහිංසාවෙ මන් පැහැදුවෙ
පොසොන් සද.....
ලක්දිව ධර්ම සිසිලෙන්
සුව කරන්නට
මුල් පා පිය තැබුනි අද වන්
එ පෙර දින
නැහැවුනි අමා සිසිලෙන් අප
ලංකා පුර
හැඩ වුනි ලොවුතුරා සුවයෙන්
සැමගෙ හද
තවමත් හැක නසන්නට මේ
කෙලෙස් කද
පායයි අදත් නොඅඩුව සිරි
පොසොන් සද.....

______________________

Sadee....