Get Mystery Box with random crypto!

Xiaomi.eu custom rom MediaTek SOC වලටත් ? Android device වලට | Xiaomi Channel SL 🇱🇰🇱🇰🇱🇰

Xiaomi.eu custom rom MediaTek SOC වලටත් ?

Android device වලට එක එක විදියේ custom rom තියෙනවනේ. මේ අතරින් Xiaomi.eu කියන්නේ Xiaomi MIUI භාවිතා කරන අය අතර තියෙන ප්‍රසිද්ධ custom rom එකක්.

Xiaomi.eu කියන්නේ Pure MIUI පහසුකම් සහිතව Global language සහ Google Services සමග ගෝලීය පරිශීලකයින්ට භාවිතා කළ හැකි වන පරිදි MIUI China rom එක වෙනස් කිරීමෙන් සාදන custom rom එකක්. (Global වලට විතරක් එන device වලට ගන්නේ Global rom එකමයි).

Xiaomi.eu rom හදන්නේ Snapdragon SOC සහිත දුරකථන වලට විතරයි. මොකද MediaTek SOC සහිත දුරකථන custom rom flash කිරීමේදී hard brick වීමේ සම්භාවිතාව වැඩි නිසා.

නමුත් Xiaomi.eu community හි නවතම නිවේදනයට අනුව ඔවුන් MediaTek SOC සහිත device කිහිපයකට Xiaomi.eu rom නිර්මාණය කරන්න යනවා.
- Redmi K50 Pro (matisse)
- Redmi K50 (rubens)
- Xiaomi 12 Pro Dimensity Edition (daumier)
- Redmi Note 11T Pro / POCO X4 GT (xaga)
- Redmi K50i (xagain)
- Redmi Note 11T Pro+ (xagapro)

ලැබෙන තොරතුරු අනුව මෙය Patreon හරහා වෙන්නේ. ඔබට මේ Rom භාවිතා කිරීමට සුළු මුදලක් ගෙවන්න වෙනවා.