Get Mystery Box with random crypto!

පිරිමියෙක් නිවන්න ගැහැණියකගෙ රාගයට පුළුවන් උනාට ගැහැණියක් නිව | විඳින මාවත

පිරිමියෙක් නිවන්න ගැහැණියකගෙ රාගයට පුළුවන් උනාට
ගැහැණියක් නිව්නෙම පිරිමියෙක්ගෙ පපුවෙ

රාගයට පමණක්ම පපුව දෙන පිරිමි අතරෙ
ගැහැණියට නිවෙන්න පපුව දෙන පිරිමිත් ඉන්නව

රාගයේ උමතුවෙන් ගැහැණියක්ව සනසන පිරිමි අතරෙ
ඇගේ වේදනාවන් වලදි අත්නොහැර ඉන්න පිරිමිත් ඉන්නව

වැරැද්දෙන් කුසට ආපු පැටියව
නැති කරන්න පොළඹවන පිරිමි අතරෙ
කොහොමහරි රැකගමු මැණික කියන පිරිමිත් ඉන්නව

උයල දුන්න දේ රස නෑ කියල මරාගෙන කන්න හදන පිරිමි අතරෙ
රස නැතත් දිව බොජුන් වගේ
වලදන පිරිමිත් ඉන්නව

කියන්න පුළුවන් හැමදේම කියල
හිතකෑලි කරන පිරිමි අතරෙ
එක වචනෙකින් හරි ගැහැණියව සනසන පිරිමිත් ඉන්නව

ගැහැණියට ගරහන පොඩිකරන
පිරිමි අතරෙ
ඇයට ගරු කරන පිරිමිත්
ඉන්නව

හැම ගැහැණියක්ම පතන්නෙ ඒ වගේ පිරිමියෙක් උනාට
හැම ගැහැණියෙක්ටම
ඒ වගේ පිරිමියෙක්
ලැබෙන්නෙ නෑ


ඒ වගේ පිරිමි හිත් ලැබෙන
ගැහැණු
ඔවුන්ට ආදරේ කරන්නෙ
මහමෙරක් තරමට

ගැහැණියට ඕනි ඒ පිරිමියව සංසාරෙ පුරාවටම තමන්ගෙ කරගන්න
මුලු ආත්මෙම හැම බවේකම
ඔහුගෙ නමට ම ලියන්න....



කේශි